(සුජිත් හේවාජුලිගේ සහ මංජුල මහික වීරරත්න )
පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත විවාදයට ගත් අවස්ථාවේදී එම පනත් කෙටුම්පතට තම පක්ෂයේ විරුද්ධත්වය සටහන් කර ගන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (9) ඉල්ලීමක් කළේය.
මෙහිදී අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ රටේ මාධ්‍ය සංවිධාන සියල්ල මේ පනතට විරුද්ධ බව සඳහන් කළේය.
එසේම මේ පනත් කෙටුම්පත ගැන මාධ්‍ය සංවිධාන සමග සාකච්ඡා නොකළ බවද ඔහු කීවේය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල සඳහන් වන ආංශික කාරක සභා මෙතෙක් පිහිටුවා නැති බවත් එම කාරක සභා මගහැර මේ පනත් කෙටුම්පත ගෙනඒම වැරදි ක්‍රියාමාර්ගයක් බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පැවසීය.
මාධ්‍යවේදීන් පහළොස් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පිරිසකට මේ පනතේ බලතල ලබා දුන්නොත් බරපතළ ප්‍රශ්නයක් මතු වනු ඇතැයිද ඔහු පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ විරුද්ධත්වය සටහන් කර ගන්නා බව ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජබයේ දේශපාලන මත හා අපටද ප්‍රශ්න තිබෙනවා වෙන්නට පුළුවන්. ඒත්, දැන්නම් රට යන විදිහ ගැන කණගාටුයි.