ඉදිරි වැසි කාලය වන තුරු විදුලි කප්පාදුවකින් තොරව විදුලිබල සැපයුම අඛණ්ඩවපවත්වාගෙන යෑම සඳහා පෞද්ගලික අංශයෙන් මෙගා වොට් 60ක් මිලට ගැනීමට ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර ඇතැයි විදුලිබල අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් කීවේය. විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
දිවයිනේ දැනට පවතින වියළි කාලගුණික තත්ත්වය මත ඉදිරියේදී ඇති විය හැකි විදුලිබල හිඟයට මුහුණ දීම සඳහා දැවිතෙල් විදුලි බලාගාර තුනක් සමඟ ඇති ගිවිසුම් තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ද පසුගිය දා කැබිනට් අනුමැති ලබා දුන්නේය. සීමාසහිත ඒසීඊ පවර් ඇඹිලිපිටිය පෞද්ගලික සමාගම, සීමාසහිත ඒසීඊ පවර් ජෙනරේෂන් මාතර පෞද්ගලික සමාගම සහ සීමාසහිත හෙළදනව් පෞද්ගලික සමාගම එම සමාගම් තුනයි.
පවතින නියං තත්ත්වය සමඟ ප්‍රධාන ජලාශ කිහිපයක ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටෙමින් ඇතැයි මහවැලි සංවර්ධන අධිකාරිය කියයි. මෙම තත්ත්වය ජල විදුලිය නිශ්පාදනයට තදින්ම බලපා ඇතැයි ද විදුලි බල අමාත්‍යංශය පවසයි.
ජල විදුලිය උත්පාදනයට දායක වන ප්‍රධාන ජලාශ කිහිපයක ජල මට්ටම 50% වඩා අඩු වී තිබේ.
මාවුස්සාකැලේ ජලාශයේ මේ වන විට ජල මට්ටම 39.1% දක්වා පහත බැස ඇති අතර කාසල්රී ජලාශයේ ජල මට්ටම 53.1% දක්වා පහත වැටී තිබේ. කොත්මලේ ජලාශයේ ජල මට්ටම 42.4% දක්වා ද, වික්ටෝරියා ජල මට්ටම 26.5 %දක්වා ද, රන්දෙනිගල ජල මට්ටම 46.4% දක්වා ද පහත වැටී තිබීම ද ජල විදුලිය උද්පාදනය කෙරෙහි දැඩි ලෙස බලපෑම් එල්ල කර තිබේ.
පහතින් දැක්වෙන්නේ ජල විදුලිය උත්පාදනය කිරීම සඳහා යොදා ගෙනන ප්‍රධාන ජලාශ හයක ජල ධාරිතාව හා දැන ඇති ජල මට්ටමයි..
| ජල ධාරිතාවය (ඝමිමී) | අද වන විට තත්ත්වය (ඝමිමී) | සක්‍රීය ධාරිතාව | |
| මාවුස්සාකැලේ | 123 | 47.2 | 39.10% |
| කාසල්රී | 48.3 | 23.7 | 53.10% |
| කොත්මලේ | 172.9 | 63.9 | 42.40% |
| වික්ටෝරියා | 723 | 182.6 | 26.50% |
| රන්දෙනිගල | 861.4 | 217.2 | 46.40% |
| සමනල වැව | 278 | 52.9 | 24.30% |
(ධාරිතාව සඳහන් වන්නේ ඝන මීටර මිලියන වලිනි.)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින්, විකල්ප දෙකයි තියෙන්නේ. විදුලිය කප්පාදුව හෝ කළුකඩ ගණන් වලට තාප විදුලිය මිලට ගැනීම. මේවා පිටුපස තියන කථාන්තර තිත්තම තිත්තයි. ඉදිරි වසරවල තත්වය දරුණුයි. මොකද සැළසුම් ක්‍රියාත්මක නැහැ. සාම්පුර් නවත්තලා, තියන ජනක වලත් කාර්යක්ෂමතාවය ඉතා අඩුයි. මේවා මෙහෙම තියාගෙන දේශපාලකයෝ වැස්ස ඉල්ලලා දෙවියන්ට විරිත්තන රටක මෙහෙම වෙන එක අරුමයක් නෙමෙයි (නි)
අපේ රටේ දේශපාලකයෝ කියන්නේ, පුදුම හිතෙන තරමට වාසනාවන්ත කොටසක්. ගොඩක් වැස්සොත්.., ගංවතුර ආධාර එනවා. පෑව්වොත්..? නියං ආධාර එනවා. ඒ ඇරෙන්න මොන තත්වෙකදී වුනත්, ඒක තමන්ට වාසි වෙන විදිහට හරවාගන්න දේශපාලුවා සමත්. හැමදාමත්,රැවටෙන්නේ තැලෙන්නේ පොඩිවෙන්නේ අසරණවෙන්නේ දුප්පත් ඡන්දදායකයා විතරයි. ඒ වුනාට ඔය දේශපාලුවන්ට කඩේ යන අය, මොන ක්‍රමේකින් හරි තමන්වත් පෝෂණය කරගන්නවා. (අ)
මණ්ඩලය සාමාන්‍යයෙන් ඉදිරි වසර 30 කට විතර ජනන සැලසුම් හදනවා අනාගත ඉල්ලුමට සරිලන්න විදුලිය ජනනය කළයුතු හින්ද දන්නා තරමට එක එක කඹ ඇදීම් නිසා පෙනෙන තෙක් මානයක අලුත් ජනනය කිරීමක් පටන් ගන්න පාටක් නැහැ ඉතින් කළුවරේ ඉන්න වෙන එක අනිවාර්යයි ගැටලුව එක නෙමේ මේ තත්වය යටතේ මෙහාට එන්න තරම් ආයෝජකයන්ගේ ඔලුවේ අමාරුවක් නැහැ. (අ)
දැන් ඉති කොහෙන් හරි ණය අරගන හරි, පරමාණු බල විදුලි බලාගාරයක් හදමු. (අ)
සුර්ය බලශක්ති මෙගාවොට් 1200 ක් ජාතික පද්ධතියට එකතුකිරීමට කැමැත්ත ප්‍රකාශකළ පුද්ගලික අංශයේ ව්‍යවසායකයින්ගේ ඉල්ලුම්පත් වලට වුණේ කුමක්ද. මේකතමා රහස! විදුලිය කප්පාදුව හෝ කළුකඩ ගණන් වලට තාප විදුලිය මිලට ගැනීම. මේවා පිටුපස තියන කථාන්තර තිත්තම තිත්තයි (නි)
යන්තම් වැහිපොදක් අාවොත් වැව් ටික වාන් දානවා. මොකද වෙලා තියෙන්නේ, ඒවායේ මඩ පිරිලා. එ්ක නිසා මේ වෙලාවට වැව් ටික හාරලා තියාගන්න ඕනෑ. ඊළඟට සෑම ප්‍රාදේශීය සභාවකටම දැවි තෙල් වලින් දුවන බලාගාර හදාගන්න ඕනෑ. මේ වගේ ජාතික සැළැස්මක් නැතිවුණොත් රටම ඉවරවෙන දිනය වැඩි ඈතක නොවෙයි. විදුලිය පිටින් ගන්න හැමදාම ගිනිගණන් ගෙවන්න වෙනවා. (නි)