(බුද්ධික කුමාරසිරි)
පාදුක්ක මිරියගල්ල දී කිසිවකු විසින් ගිනි තබා විනාශ වූ නිවසේ පදිංචිව සිටි මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සිටින දැරිය හමුවීමට පැමිණි අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එම දැරියට නව ඉඩමක් මිලදී ගෙන අංග සම්පූර්ණ නිවසක් ඉදිකර දෙන බවට අද(17) පොරොන්දු විය.
අංගමුව කණිෂ්ඨ විද්‍යාලයේ පහ වසරේ ඉගෙනුම ලබන නිමාෂි කාව්‍යා දැරිය පදිංචිව සිටි මිරියගල්ල ආදර්ශ ගොවිපළ ප‍්‍රදේශයේ නිවසට කිසිවකු විසින් ඉකුත් 14දා ගිනි තැබීම හේතුවෙන් එම දැරියගේ පාසල් පොත් පත් සහ නිල ඇඳුම් සියල්ල ද ඇගේ නිවස ද සම්පූර්ණයෙන් ම විනාශ වී තිබිණි.
මේ පිළිබදව මාධ්‍යවල පල වූ වාර්තා දැක ඒ පිලිබදව සොයා බැලූ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එංගලන්තයේ වෙසෙන ශ‍්‍රී ලාංකික කෝටිපති ව්‍යාපාරිකයකු වන ඩර්වින් ගුණසේකර මහතා හා එක්ව එහි පැමිණි අතර එහිදී ආසන්නයේ ඉඩමක් මිලට ගැනීමට කටයුතු යොදා එහි ඔවුන්ට නිවසක් ඉදිකර දීමට ද පොරොන්දු විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙල්ලට ගෙයක් හදලා දෙන්නම් කියලා පස්සේ මොනවා වෙයිද දන්නේ නැහැ...
අනේ පින් සිද්ධ වෙනවා. මේ කුසලය ඉපදෙන හැම ආත්මයකම පල දෙනවා. අපි ඉතිරි කරගන්නේ අනුන්ට දෙන දානය පමණි.
මේ දරුවාගේ ගෙට ගිනි තියපු අයගේ හිත්වල දැන් ගින්දර පත්තු වෙනවා ඇති. මේ දුවගේ දුක බලලා පිහිට වෙන්න ආපු සැමටම ගොඩක් පින් .....
ඕක මොකක්ද අනේ අර සබිතාගේ බිල්ඩිමට නිකරුනේ ලක්ෂ ගානක් දෙන්නේ
පටන්ගත්ත වගේම වැඩේ සාර්ථකව සම්පුර්ණ වුනොත් හොදයි. ධනවතුන්ට හොද ආදර්ශයක්.
දුමින්ද මහත්තය බ්‍රිතාන්‍ය ශ‍්‍රී ලංකිකය සම්බන්දිකරණය කිරීම අගය කරනවා. ගුණසේකර මහත්තය වියදම් කරන්නේ තම දහදිය මහන්සියෙන් ව්‍යාපාර කරලා හරි හම්බ කරගත්තු මුදල්. ඔහුට ගොඩක් පිං.
මොකෝ සබීතා නෝනා පේන්නවත් නැත්තේ. තරහ වෙලාද? !!!