මොහොමඩ් ආසික්
මුදල් අමාත්‍ය මංගල සමරවර මහතා කළ බව කියන ප්‍රකාශකයට විරෝධය දක්වමින් මහනුවර ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට වැව රවුමේරුණයෙකු මාරාන්තික උපවාසයක් ආරම්භ කරනු ලැබ තිබේ.
මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති වරකාපොල පදිංචි නාමල් කුමාර නැමැති මෙම තරුණයා ඉල්ලා සිටින්නේ පෝදා අරක්කු විකිණීම සහ බියර් පානය සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා කර ඇති ප්‍රකාශයන් ක්‍රියාවට නංවන්නේ නැති බවට රජය නිළ වශයෙන් දැනුම් දෙන තුරු මෙම මාරාන්තික උපවාසය සිදු කරන බවයි.
ඒ සම්බන්ධයෙන් වූ විරෝධතා පුවරුද රැගෙන මෙම තරුණයා මහනුවර ශ්‍රි දළදා මාළිගාව ඉදිරිපිට වැව රවුමේ සිය මාරාන්තික උපවාසයේ නිරතව සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනික් අය මත්වතුර බිව්වත් නැතත් මෙයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද? කරුණාකර මේ තරුණයා මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන්න.
මෙයාට පිස්සු තද වෙලා
මේ උපවාස නම් වැඩකට නැති මෝඩ වැඩ. අද රටේ හැමතැනම මත්වතුර විකුණන තැන් තුබුණත්, මත්වතුර බිව යුතුමයි කියා නීතියක් නැහැ. අද රටේ මත්වතුරට ඇති ගිජු කමට ප්‍රධාන හේතුව මිනිසුන්ගේ තිබෙන නූගත් කමයි. තමන්ට හරි වැරදි දේ වටහා ගැනීමට ප්‍රමාණවත් අධ්‍යාපනයක් ඇත්නම්, මත් පැන් නොබී සිටිය හැකියි. තිබෙන මෝඩකම් වලට ආණ්ඩුවට හෝ ඇමතිවරුන්ට බැණ වැදී පලක් නැහැ.
ෂුවර් එකටම බීලද කොහෙද? ඔක්කොටම කලින් මෙයාගේ ශීලයේ තත්වය පරීක්ෂා කරන්න ඕනේ...
පෝය දාට පළමුදා උදේ පාන්දරින්ම බාර් එකේ පෝලිමේ ඉඳල බෝතල් ගන්නවනේ සමහරු....
හැම එකටම මාරාන්තික උපවාස කරන එක අපට තිබෙන ලෙඩක් වෙලයි තියෙන්නේ. ඕනෑම අදහසක් ප්‍රකාශ කිරීමේ අයිතියක් තිබෙනවා කියන එක අමතක බවකුයි පෙනෙන්නේ.
පව් මේ තරුණයා.. පෝයදා ලංකාවේ බොහෝ අය මත්වතුර බොනවා. පෝයට මේවා නම් වැසිය යුතුයි.
පෝය දවසට බාර් වැහුවට., කලින් දවසේ බේබද්දෝ ටික අනික් සුමානයටත් එක්ක අරක්කු ගන්නවා කියලා... එ්ක නිසා මංගල සමරවීර මහත්තයා කියපු එක හරි.
ආණ්ඩුව මංගල මහතාගේ අදහස පිළිගත්තේ නැහැ නේ...
ලංකාවේ ජනගහනය වැඩියි. එ් නිසා දින 365 ම බොන්න දෙන්න ඕනේ...
කවුරු හරි එවපු පිල්ලියක්ද කොහෙද?
මෙහෙම කරලා හරියනවද?
අද කාලේ ඕනෑම පුද්ගලයකුට පුළුවන් ලාබෙට මාධ්‍ය ප්‍රචාරය කරගන්න...
කාටවත් මත් වතුර පානය කරන්න තහනමක් නෑ. ඒත් මේ වගේ හිතකාමී, හැඟීම්බර අතළොස්සක් තවමත් සිටින නිසා තමයි අපේ රට මේ තරමින් හෝ ආරක්ෂා වී පවතින්නේ.
මේ උපවාසය කාගේ හරි උසි ගැන්වීමක් මත කරන දෙයක් මිසක් රටේ, ජාතියේ, ආගමේ යහපත වෙනුවෙන් කරන දෙයක් නොවන බව මගේ හැඟීමයි. උපවාස කරන්න ඕනෑතරම් හේතු තිබියදී පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් අල්ලාගෙන මේ කරන්නේ තවත් එක උපවාසයක් විතරයි.
අරක කරන්න එපා, මේක කරන්න එපා කියලා තහංචි දැම්මට තව තවත් බොන්න හිතෙනවා. මේක රටේ සමහර පාලකයොත් දන්නවා. ඒ හින්දා පෝය කියලා බොරුවට මත්වතුර විකුණන්න එපා කියලා නීති දානවා. එ්කෙන් තැබෑරුම් පිටිපස්සේ ඉන්න මැතිඇමති ගොල්ලන්ගේ අතමිට සරුවෙනවා.