
(ඩයනා උදයංගනී)
මිරිහානේ පැවති ජනතා උද්ඝෝෂණයේදී පොදු දේපලවලට හානි කරන ලද්දේ ආණ්ඩුව විසින්ම එයට ඇතුල් කරන ලද කණ්ඩායම් විසින්දැයි සැකයක් මතුවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
උද්ඝෝෂණවලදී මෙවන් තත්වයන් ඇතිවීම ආණ්ඩුවට හිතකර බැවින් ඔවුන් එවැනි තත්වයක් ඇතිකරගැනීමට බලා සිටින බව කී අනුර දිසානායක මහතා ආණ්ඩුව හිතා මතා සැලසුම් කර මේ සඳහා කණ්ඩායමක් යෙදවූයේ ද යන්න පිළිබඳ සාධාරණ සැකයක් පැන නගින බව සඳහන් කළේය.
අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ දී අද (1) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
අත දරුවන් වඩාගත් මව්වරු, නිවෙසේ සිට පැමිණි වැඩිහිටියන්, දරුවන් බිරින්දෑවරුන් සමඟ පැමිණි ස්වාමිපුරුෂයන් උද්ඝෝෂණවලට පැමිණ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නොයෙදෙන බව ද ජ.වි.පෙ නායකයා කීවේය.
පොදු ජනතාවගේ සාධාරණ උද්ඝෝෂණයකට පහරදීමට හෝ බලහත්කාරී ලෙස අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුවට කිසිදු අයිතියක් නැති බැවින් අත්අඩංගුවට ගත් පිරිස නිදහස් කළ යුතු බව ද හෙතෙම පැවසීය.
මෙම අවස්ථාව ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් සහ මාධ්‍ය උපකරණ අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රචණ්ඩකාරී ලෙස ක්‍රියාකරන අය පිළිබඳව මාධ්‍යයෙන් ප්‍රචාරය වීම වැළැක්වීම සඳහා බව ද හෙතෙම කීවේය.
ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ කරන විට ආණ්ඩුවට වාසිසහගත හා ආණ්ඩුව විසින් ඇතිකරන ප්‍රචණ්ඩකාරී තත්වයන් වළක්වාගැනීමට ජනතාව ක්‍රියා කළ යුතු බව ද දිසානායක මහතා පැවසීය.
උද්ඝෝෂණ ප්‍රචණ්ඩකාරී තත්වයකට වර්ධනය කරගැනීම තුළ ආණ්ඩුවට තමන්ගේ කෝකටත් තෛලය වන හමුදා යාන්ත්‍රණය යොදාගැනීමට හැකියාව ලැබෙන බව ද අනුර දිසානායක මහතා පැවසීය.
මෙම උද්ඝෝෂණයට සහභාගී වූ අයට අත පය ඉදිරමන තරමට පහරදී ඇති බවත්, එක් තරුණයෙන් උණ්ඩ වැදී රෝහල්ගත කර තිබෙන බවත් කී අනුර දිසානායක මහතා මෙවැනි සාමාන්‍ය ජනතා උද්ඝෝෂණයකට පහරදීමකට අණ දුන්නේ ආරක්ෂක ඇමති ගෝඨාභය රාජපක්ෂ මහතාද නැතිනම් පොලීසිය භාර ඇමති සරත් වීරසේකර මහතා ද එසේත් නැතිනම් කවුද යන්න රටට කිව යුතු බව ද පැවසීය.
ඔවුන්ට තනතුරු ලැබී ඇත්තේ දුන්නේ පොදු පුරවැසියන් දකින දකින තැන පහරදෙන්නට නොවේ යැයි ද ජ.වි.පෙ නායකයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඳුළු ගෑස් ගහන්න පුලුවන්නම්, ජල ප්‍රහාර එල්ල කරන්න පුළුවන් නම් ඇයි ගිනිගත් බස් ඒක නිවාස දමන්න බැරි.ඒ වගේම බස් එක ගිනිතිබ්බ කෙනා එසේ කරනා විට ඇයි එවෙලේ අල්ලා ගත්තේ නැත්තේ.එසේ නොකළේ තමන්ට හිතවත් අය කරනා බව දන්නා නිසා වෙන්නට බැරිද ?
කෙසෙල් කැණ පැනපි වැටට උඩිං. මෙයා ඔය කිව්වෙ එයාලගෙ ටැක්ටික් එක. මුල් කාලෙ ඉඳලම ජ.වි.පෙ. කෙරුවෙ ඔය වැඩේ. සෑම උද්ඝෝෂණයකදීම පක්ෂයේ මැරයන් ලවා පහර දීමක් කරලා මෙයාලා ඉල්ලුවෙ විකුණ ගන්න මිනියක්. අතීත සිදුවීම් උදාහරණ සපයාවි. ඊයේ රෑ මිනියක් නොලැබුණ දුකට ලප අනුර තුමාට අස්පට් වගේ. ඒකයි මේ අඬන්නෙ.
මේ රටට දැන් ඇති එකම බලාපොරොත්තුව අනුර දිසානායක ප්රමුඛ ජාතික ජනබලවේගය පමණි.
මෙවැනි අසංවිධානාත්මක අරගලවල වාසිය පාලකයින්ටයි, ජවිපෙ නායකත්වයෙන් සංවිධානාත්මක අරගලයකට එකතු වෙමු...
නැහැ.. ඵලපුරුදු ජේවීපි හෙන්චයියලා...
පැහැදිලිම පොදු දේපල විනාශ කළේ ආණ්ඩුව. බස් ගිනිතියපු කට්ටිය උද්ඝෝෂණය කළඅය නොවෙයි. අනිවාර්යයෙන්ම සේනාධිපතිගේ හමුදාව තමයි බස් ගිනි තිබ්බේ...
හමුදාව බලා සිටියදී බසයට ගිනි තියන්නේ තනි පුද්ගලයෙක් බව පෙන්වන වීඩියෝවක් දැන් අන්තර් ජාලයේ ප්‍රසිද්ධ කර තියෙනවා. ඒ වගේම හමුදාවට අයත් බස්රථවල යතුරු කඩා ධාවනය කර එතැනට ගෙනාබවට තව කෙනෙක් කියන වීඩියෝවකුත් ප්‍රසිද්ධ කර තියෙනවා. මෙම තැනැත්තා "බස්රථ කිහිපයක්ම එතනට ගෙනැවිත් පාර අවහිර කළ බවත් මින් ඉදිරියට මේවගේ විරෝධතා තියන්න ආවොත් හොඳ පාඩමක් උගන්වන බවටත්" තර්ජනය කරනවා...
ජවිපෙ කාරයෝ, බමුණුආරච්චි තරමට මෝඩ නැහැ.
50 වසරකට සහ ඉන්පසු තව වසර 18 පෙර සිදුවූ දේම මේ සිදුවන්නේ.. වෙනස තමා, ඒ කුරීරු ත්‍රස්ත ක්‍රියා අද එළිපිට කරමින්ම අනුන් පිට පැටවීම.. 1. මව්කිරි බොන අතරේ ඒ අත දරුවන් මවගෙන් උදුරා මව කපා දමා කළ ඒ පාපතර කියා අමතකද..? 2. අණසකට එරෙහි වන ස්වාමිපුරුෂයන්ව, බිරින්දන් දරුවන් ඉදිරියේම ඇදගෙන ගොස් වෙඩි තිබ්බ හැටි අමතකද..? 3. ඒ එදා කලේ සාධාරණ උද්ඝෝෂණද..? ඒ දේ මතකයේ තියෙන තුරාවට රටක් බාර දෙයිද?
87/88 පොදුදේපළ විනාශ කළේ කවුද? රජයේ හෙංචයියොද?
පොදු දේපල විනාශ කළේ කවුද.. 50 වසරකට සහ ඉන්පසු තව වසර 18 පෙර සිදු දේම මේ සිදුවන්නේ..වෙනස තමා, ඒ කුරිරු ත්‍රස්ත ක්‍රියා අද එලි පිට කරමින්ම අනුන්පිට පැටවීම.. 1. මව් කිරි බොන අතරේ ඒඅත දරුවන් මව ගෙන් උදුරා මවගේ පියයුරු කපා දමා කල ඒ පාපතර කියා අමතකද.. 2. අනසකට එරෙහි වන ස්වාමිපුරුෂයන්ව,බිරින්දන් දරුවන් ඉදිරියෙම ඇද ගෙන ගොස් වෙඩි තිබ්බ හැටි අමතකද.. 3. ඒ එදා කලේ සාධාරණ උද්ඝෝෂණද.. ඒ දේ මතකයේ තියෙන තුරාවට රටක් බාර දෙයිද
ඔය මහලොකුවට අදහස් පලකරන දේශපාලකයෝ කවුරුවත් කියනවද අපිට පමණට වඩා වරප්‍රසාද භුක්ති විඳිනවා කියලා...? එව්වා අපිට එපා. අපිට පෙජරෝ එපා. ඉන්දියාවේ මන්ත්‍රීන් වගේ තානාපති වාහනේ යන්නම්.. පුද්ගලික කාර්ය මණ්ඩලයක් එපා. දුරකථන නිකන් එපා. ෆැක්ස් යන්ත්‍ර එපා... පෙට්‍රල්/ඩීසල් නිකන් එපා. අපිට පෙන්ෂන් එපා. අපි ගරු සේවාවක් හැටියට මන්ත්‍රී පදවිය කරන්නම් කියලා. මේ ඔක්කොම හොරු.