‘ජනතාවගේ දේපළ කොල්ල කන්නන් ඊළඟ ආත්මයේ දී බල්ලන්, කපුටන් ලෙස උපදින බව නිශ්ශංකමල්ල සෙල් ලිපියේ සඳහන් වෙනවා. ඒ සෙල් ලිපිය අදටත් ගැළපෙන බව මට හිතෙනවා. මේ නිසා නිශ්ශංකමල්ල සෙල්ලිපිය රජයේ ආයතන ඉදිරිපිට ප්‍රදර්ශනය කිරීමෙන් හොඳ ප්‍රතිඵල අත්පත් කර ගන්න පුළුවන් වෙයි.‘යි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ඔහු මේ බව පැවැසුවේ කොළඹ දී පැවැති පුරාවිද්‍යාල දෙපාර්තමේන්තුවේ 125 වැනි සංවත්සර උත්සවයට සහභාගී වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා ආදර්ශවත් චරිතයක්! (නි)
මේ කතාව අහලා වැරදි කරන එවන් අයට ලැජ්ජා හිතෙන්න ඇති (නි)
දැන දැනම මහජන දේපල කොල්ලකන දේශපාලඥයන්ට මනාපය දෙන අයත් එම බලු කපුටන්ගේ සහෝදර සහෝදරියෝ වේවා! (නි)
ජනතාවගේ දේපළ කොල්ල කන්නන් ඊළඟ ආත්මයේ දී බල්ලන්, කපුටන් ලෙස උපදී. එයට උදව් වු ඔබතුමාට ද වන්නේ ඒ ඉරණමම බව මතක තබා ගන්න. (නදී)
වැටුපට සරිලන සේවයක් නොකරන අය වැටෙන්නෙත් මේ ගොඩටම තමයි (නි)
නමුත් සමහරු නම් ඉතින් කළේම පොදු දේපළ පරිහරණයනේ. (නි)
හරිම ෂෝක් කතාවක්! මෙහෙම දැනෙන්න තමයි අපේ අයට කතාකරන්න ඕනෑ (නි)
අහසේ ,පොළොවේ , දියේ කොහේ හිටියත් කළකම් පළදෙනවාමයි (නි)
කර්මඵල ආනිසංස සැමටම පොදුය (නි)
ඒක වෙන්න ඇති දැන් මේ සත්තු වැඩි. මේ පව කළ අය කොච්චර ඉන්න ඇද්ද? (නි)
ඒකනම් ඇත්ත. සමහරු මේ ආත්මේ ඉපදිලා ඉන්නවා. එත් කොදු නාරටිය නෑ. (ර)
එහෙනම් පරීක්ෂණ අනවශයිද? දෙයියන්ට හොරු ටික භාර දීල අපි අලුතින් ඡන්දෙ කරමුද නේද ? අනේ හොඳයි.(නදී)
අර්ජුන රණවන මහත්මානෙනි, මටත් දුකයි මේ බව ගැඹුරින් දැනගෙන, ඒ සන්සිද්දියට එතුමාත් සහයෝගය දීම ගැන. (නදී)
සෙල්ලිපිය ප්‍රදර්ශනය කිරීමෙන් හොඳ ප්‍රතිපල අත් කර ගත නොහැක. පොදු දේවල් කොල්ල කාපු අයට නිශ්ශංකමල්ල රජකාලේ දඬුවම් දුන්නානම් සමහරවිට හොඳ ප්‍රතිපල අත්වෙයි. (නදී)
කි දෙනෙකුට මෙහෙම වෙයිද දන්නෙ නැහැ (නි)
ඔබතුමාගේ කතාවට මගේ ආචාරය! (නි)
සත්‍ය කතාකරන ඔබට ජය ජනපතිඳුනි! (නි)
බල්ලට වඩා කපුටා වෙලා උපදින්න ඕනෑ, මොකද කපුටාට බොක්කක් නැති නිසා එතකොට තමයි හොඳටම තේරෙන්නේ හොරාකාපු කම්බා හොරුන්ට. (නි)
පොදු දේපල කොල්ලකන අයට රජකාලේ දුන්නා වගේ හොඳ දඬුවම් නොදී බොරුවට අල්ලලා අතහැර පුවරු ප්‍රදර්ශනය කිරීමෙන් ඕව විසදන්නට බෑ. මෙයාගේ සේරම කතාවෙන් විතරයි. (ස)
මේ හොරු ටික ඉන්න තිබුනේ නිශ්ශංකමල්ල මල්ල රජ කාලේ (නදී)
බොහොම නිහතමානී අවංක සහ පැහැදිලි මනසක් ඇතිව කතාකරන මේ යුගයේ රටට අවශ්‍යම කරන, රට යහමගට ගෙනයා හැකි ආදර්ශමත් නායකයෙක්. (ම)
ඉතාම හොඳ අගනා කතාවක්.ක්‍රියාවෙනුත් තව ටිකක් පෙන්නනවානම් වඩාත් හොඳා.ඔබේ ක්‍රියා කලාපය ඉතා හොඳ මාර්ගයක තියෙනවා.එය කිසිස්සේත් පාවාදෙන්න එපා, අර අලි බබාට සහ හොරු 40 ට නාමයෝජනා දීලා. (ස)
මේ වගේ සෙල් ලිපියක් තියෙනවා ඉබ්බාගමුව බතලගොඩ වැව ළඟ. ඒ ලිපියෙන් කියල තියෙනවා වැවට හානියක් කරන අය බල්ලෝ කපුටෝ වෙලා ඉපදෙන බව. එකත් නිශ්ශංකමල්ල සෙල් ලිපියක්.(ම)
ජනවරම පාවදෙන්නෝ ................ ....................? (ස)
බලු පුත්තු කව්ද ? (නදී)
එතකොට පොදුදෙපල හොරා කන්නන්ට සයෝග දෙන්නෝ ගැන සර් මොකද කියන්නේ? ඔබතුමා නිස්සංක මල්ල රජ්ජුරුවන්ටත් වැඩියේ කතානේ කියන්නේ (ස)
ඔබතුමා කන්නාඩියක් ඉස්සරහට මේක කිව්වනම් හොඳයි , මොකද මෙවැනි කොල්ලකාරයන්ට උදව් කරන අයත් ඒ බලු කපුටු ගොඩටම වැටෙනවා. (ස)
ඔබතුමා කෙළින් කතාකිරීම ගැන සතුටුයි (නි)
ලෝකෙන්ම පලවෙනි තැනට ආපු 2009 - 2015, අද වෙනකොට මේ වගේ තැනකට දාපු ඔබතුමා , කොයි වගේ උපදීද ? , වචන විතරක් මදි , වැඩ කරලා පෙන්නන්නකො , මොකද ඔබතුමා අවරුදු 30ක් විතර කැබිනට් ඇමති කෙනෙක් විදිහට කරපු වැඩ තොගය ඔබ තුමාම දන්නවා ඇතිනේ ? (ස)
එහෙම බැලුවොත් අවුරුදු හයෙන් හයට එලෙස උපදින්න සුදුසුකම් ලබන අය බොහෝ දෙනෙක් බිහිවෙනවා ලංකාවේ. (නි)
හාමු බල්ලන් නොවන පාරේ බල්ලන් වේවා! (නදී)
එතකොට දියවන්නාවේ කවුරුත් මිනිස් අත්මයක් නොලැබේවි (අ)
හොරට වැලි ගොඩදාන හොරට ගල් කඩන අයට රට ලියල දෙන විධායක බලය අයුතු ලෙස පාවිච්චිකර ජන බලයක් නැති අයට අගමැතිකම් දෙන අයට සහගහනවා නේද? (නදී)
ඔබතුමාගේ කතාවේ තේරුම ඔබටත් ළඟදීම වැටහේවි ... පාවාදෙන්නෝ වැනසෙන්නෝ (අ)
එතකොට පොදු දේ කොල්ල කාපු අයට නැවත බලයට එන්න ජනතාවගේ වරමට පිටුපාල උදව් කරන අය මොක්කු වෙලා උපදියිද කියල ඒ සෙල් ලිපියේ තිබුනේ නැද්ද ? (නදී)
ඒකත් හොරකන් කරයිද මන්දා (නදී)
මේ සෙල් ලිපිය ජනාධිපති මන්දිරයේ හෝ කාර්යාලයේ ගැහුවට වැඩක් නැහැ , මොකද ඒ වගේ පොදු දේපළ කොල්ලකාපු හොරු නඩයකටම ආයිත් කොල්ල කන්න පොට පැදෙන විදියට සියලු කටයුතු දැන් පිළියෙළ කරලා ඉවරවෙලා අවශ්‍ය විදියට ලොකු තැනගේ අනුමැතියත් දීල ඉවර බවනේ ඇත්ත කතාව. (නදී)
ඇත්ත ඊටත් අන්තයි (නදී)
මම අද කිව්වා කියල හිතාගන්න. ජනතාවගේ දේවල් හොරකම් කරන අය අමුතුවෙන් බල්ලෝ කපුටෝ වෙලා උපදින්න ඕනේ නැහැ. මොකද ඔවුන් බල්ලන් කපුටන් ලෙස ඉපදුන නිසා තමයි ඔය වගේ ජරාව කන්න පෙළඹුනේ.(ම)
නියමයි මැතිඳුනි. ජයවේවා! (නි)
එහෙම අයට නාමයෝජනා දෙන්නත් එපා (නි)
අතීතයේ දේවල් වලින් අපිට අදටත් ආදර්ශ ගන්න පුලුවන් (නි)
ඔබතුමාගේ කතාව විශිෂ්ටයි (නි)
නමුත් ජනතාව වන අපිට නම් අවශ්‍ය වන්නේ ජනතා දේපළ කොල්ලකන්නන් හට කසපහර දී හිරයට දැමීමය. (නි)
ඔබතුමාට ජය ශ්‍රී! (නි)