වයඹ පළාත තුළ ඉරිදා හා පෝය දිනවල උපකාරක පන්ති පැවැත්වීම සම්පූර්ණයෙන් තහනම් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
වයඹ මානව සම්පත් අධිකාරියේ ප්‍රඥප්තියේ අංක 18/2 දරණ වගන්තිය යටතේ මෙය 2015.3.9 වැනි දින නිකුත් කර ඇත.
ඒ අනුව ඉරිදා දිනවල පෙරවරු 6 සිට 1.30 දක්වා පළමු ශ්‍රේණියේ සිට අපොස සාමාන්‍ය පෙළ දක්වා සිසුන්ට උපකාරක පන්ති පැවැත්වීම තහනම් වන අතර පෝය දිනයට කිසිදු උපකාරක පන්තියක් පැවැත්වීම තහනම්වේ.
නියෝග කඩකරන උපකාරක පන්ති ගුරුවරුන්ට අධිකරණයේ නඩු පවරා වැරදිකරුවුවහොත් රුපියල් 50,000 ක දඩයක් හා අවුරුද්දක සිර දඬුවමක් පැනවීමට ගැසට් නිවේදනයේ අවසර ලබාදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෝයට ,ඉරිදට ටියුෂන් තහනම් කිරීම තාවකාලික පැලැස්තරයක් පමණි .විය යුත්තේ ටියුෂන් අවශ්‍ය නොවන අධ්‍යාපන ක්‍රමවේදයකි . (ස)
හොද කටයුත්තක් ඒක නම්. ඒ වගේම මුල්පෙළේ පාසල් හැර අනෙකුත් සියලුම පාසල් තුළ ඉගැන්වෙන විෂය පථය හරියාකාරව කරනවද කියලත් මේ හැමෝගෙම අවධානය යොමු කරන්න කියලත් මම ඉල්ලා සිටිමි!ඒ වගේම ගුරුවරුන්ගේ පැමිණීම/නොපැමිනීමත් මේ කටයුත්තට සෘජුවම බලපානවා කියලයි මගෙනම් හැගීම.(අ)
ඒකත් ටියුෂන් එකකට යන දුප්පත් ළමයින්ටනේ සල්ලි තියන මිනිහා ඉරිදද පෝයද කියලා නැහැ ගෙදරට ටියුෂන් ගුරුවරයා ගෙනල්ල උගන්නනවා (දිල්)
අන්න හොද වැඩක්.වයඹ විතරක් මදි රට පුරා ක්‍රියාත්මක කරන්න.(හේ)
ගෙදර ඉඳන් තනියෙන් පාඩම් කරන එකත් නීති විරෝධීද ? (ස)
සල්ලි තියෙන එකා ගෙදරට ගෙනල්ලා උගන්නලා විභාග පාස් කරගනී සල්ලි නැති දුප්පත් දරුවන්ට මොකද වෙන්නේ.මේක දුප්පත් දරුවෝ උගතුන් වෙන එක නවත්තන කුමන්ත්‍රණයක්. උපකාරක පන්ති නිසා ගොඩක් දුප්පත් දරුවන්ගේ ඇස් පෑදෙනවා.එක හැමෝම දන්නා සත්‍යක්.පාසල්වල හරියට ඉගැන්වීම් කරන්නෙත් නෑ (දිල්)