විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් අද (18) බේරුවල දී පැවැත්වීමට නියමිත ජන රැළියට අලුත්ගම මහජන ක්‍රීඩාංගනය ලබාදීම බේරුවල ප්‍රාදේශීය සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි කැෆේ සංවිධානය කියයි.
පසුගිය කාලයේ පැවැති ජාතික මැතිවරණ වල දී රැස්වීමේ පැවැත්වූයේ මෙම ක්‍රීඩා පිටියේ බවත්, එවැනි ආරක්ෂක ස්ථාන රැස්වීම් පැවැත්වීම සදහා ලබා නොදීම නිසා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ද, ජාතික දේශපාලන නායකත්වයේ ද ජීවිත අවදානමේ හෙළීමක් බවත් කැෆේ සංවිධානය පවසයි.
සිරිසේන මහතාට සහාය පළ කරන අත් පත්‍රිකා මහනුවර නගරයේ බෙදමින් සිටි බව කියන පේරාදෙණිය සරසවියේ ආචාර්යවරුන් දෙදෙනකු සහ ගුරු සංගම් නියෝජිතවරියකට සන්ධානයේ දේශපාලනඥයකුගේ ආරක්ෂකයන් පිරිසක් පහර දී ඇතැයි ද, ඔවුන් රැගෙන ගොස් කාමරයක සිර කර තබා ඇතැයි ද, ගුරු සංගම් නියෝජිතවරියගේ අත තුවාල වී තිබුනේ යැයි ද, සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසියට පැමිණිලි කර ඇතැයි ද කැෆේ සංවිධානය සඳහන් කරයි.
මේ වන විට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධ පැමිණිලි 331ක් කැෆේ සංවිධානයට ලැබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිල්වා මහත්තයාගෙන් මම අහන්න කැමතියි දැන්ද නින්දෙන් නැගිට්ටේ කියලා (නි)
කැෆේ පමණට වැඩිය කඩේ යනවා වගේ. ඩොලර් වල බල මහිමය තමා. (නදී)
මෛත්‍රී මේ වර මැතිවරනෙන් 59% අරගෙන තමයි නවතින්නේ. (නදී)
නොදෙන්න හේතුව මොකක්ද දන්නැහැ. (ර)
කැෆේ සංවිධානයට ඉලක්කයක් දීලා තියනවද පැමිණිලි එකතු කරන්න ?(හේ)
අධ්‍යාපන සේවයේ නියුතු ගුරුවරුන් ආචාර්යවරු පවා මේ පාලනය ප්‍රතික්ෂේප කරනවා එකට හේතුව මේ ආණ්ඩුව අධ්‍යාපනය කප්පාදු කරමින් තිබීම උගත් මිනිසුන් බිහිවූ තරමට පාලකයන්ට හොරකම් අසාධාරණකම් කරන්න බැහැනේ .(හේ)
තාම පටන් ගත්ත විතරයිනේ. හොඳ, හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට. ඔන්න මර්ධනය පටන් ගත්තා. (නදී)
මට මෙතැනදී මංගලගෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා. අර කිවුව බ්ලැක් බුක් එකට මේ ආචාර්යවරුන්ගේ නම් ඇතුල් වෙන්නේ නැද්ද.? (නදී)
මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය. විපක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයට ප්‍රචාරක රැස්වීමක් තියන්න දෙන්න බයයි. ජනාතව අට වෙනිදට මේවට නියම තීන්දුව දෙයි. එතකල් ඉන්න (නදී)
කීර්ති ට, ආණ්ඩුවෙන් කීයක් හරි ලැබෙනවද ? එහෙම නැත්තම් මේ සිද්ධ වෙන වැරදි දේවල් පෙන්නේ නැති අමාරුවක් එහෙම තියෙනවද ? එහෙමත් නැත්තම් මේ ආටිකල් එක තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවද ?
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට විතරද අරියාදු කරන්නේ? බොහෝ පුවත්පත් ජනපතිටයි අරියාදු කරන්නේ. (නදී)