එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුකූලව යමින් විදේශ ප්‍රතිපත්ති සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ‘පාත්ෆයින්ඩර් පදනම’ සකස් කළ වාර්තාවක් ඉකුත් දා ජනාධිපති කාර්යාලයේදී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පිළිගැන්වීය.
ඉන්දියාව, චීනය, ඇමෙරිකාව යනාදී රටවල් ඇතුළු සියලු රටවල් සමඟ විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනැගීම, චීනය ක්‍රියාත්මක කරන ‘එක් තීරයක් එක් මාවතක්’ ව්‍යාපෘතිය, ඇමෙරිකානු සහ බටහිර අභිලාශ වන ‘ඉන්දු-ශාන්තිකර’ නිදහස් සාගර කලාපය යන අදහස ආදිය එකට ක්‍රියාත්මක වන පසුබිම ඉහත කී වාර්තාව මඟින් සාකච්ඡාවට ලක් කර ඇත.
ශ්‍රී ලංකාව 2015 වසරේ සිට මුහුණ දෙන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ කටයුතු සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ විශේෂ සහයෝගයකින් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වන නිර්දේශද මෙම වාර්තාවට ඇතුළත් කර තිබේ.
‘පාත්ෆයින්ඩර් පදනමේ’ සභාපති බර්නාඞ් ගුණතිලක මහතා ජනාධිපතිවරයාට මෙම වාර්තාව බාරදුන් අතර විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ද මෙම අවස්ථාවට එක්විය.
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඇවිල්ලා මිලින්ද මොරගොඩ මෙහෙයවන ප්‍රබල ඇමෙරිකානු සංවිධානයක්. මේ ඔක්කෝමගෙන් කරන්නේ අපේ රට MCCයට බිලිබාගැනීමට උදව් කිරීමයි.
මේ NGO කාරයින් කොහොමද මේ තරම් ජනාධිපතිට කිට්ටු වුනේ? NGO වලට උඩ පැනපැන පහර දෙන MCC අත්සන් කළොත් රට ඇමෙරිකාවට පාවා දුන්නා වගේ කියපු විමල්ලා, උදයලා, වාසුලා, රතන හාමුදුරුවෝ මේ MCC ගැන මොකද කියන්නේ?