ඒකාබද්ධ විපකෂයේ මන්ත්‍රීවරුන් තිදනෙකු අද (29) අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්වරයා හමුවීම සඳහා ස්විට්සර්ලන්තය බලා යෑමට නියමිතය.
ඩලස් අලහ්පෙරුම,බන්දුල ගුණවර්ධන සහ උදය ගම්මන්පිල යන මහත්වරු මෙම කණ්ඩායම නියෝජනය කරති.
තම කණ්ඩායම අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ලේකම් මාටින් චුන් ගොන්ග් මහතා හමු වීම සඳහා ලබන 31 වැනි දා හමුවීමට නියමිතය.
ඔහුට පෙත්සමක් බාරදීමට බලාපොරොත්තු වන බවත් එහි තමන්ට ආණ්ඩු පක්ෂයෙන් සිදුවන මදි පුංචිකම් පිළිබඳ කරුණු හතක් ඇතුළත් වන බවත් ගම්මන්පිල මහතා කියයි.
මානව හිමිකම් කවුන්සලය ඉදිරිපිට ශ්‍රී ලාංකික ප්‍රජාව පවත්වන උද්ඝෝෂණයට සහභාගි වන බව කී ගම්මන්පිල මහතා එහිදී ද පෙත්සමක් බාරදීමට යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ දේවාලවල පොල් ගහල, ගම්මිරිස් අඹරල, යටිගිරියෙන් බිරුවත් කිසිම පලක් නැති උන නිසාද ගතු කියන්න රට යන්නේ ? (ර)
නියම රණවිරුවන්ගේ ගෞරවය රැකගන්න (නි)
පොල් ගෙඩි ටිකකුත් අරන්ම යන්න ! මටනම් මෙම යහ පාලනයේ නීති පද්ධතිය ගැන නම් විශ්වාසයක් තියනවා , මේ කට්ටිය කලින් විවේචනය කරපු ජිනිවාවට නිතිය ඉල්ලා යන්න සිදුවුනේ දෙවියන්ගේ වැඩක් වෙන්නැති !! (බ)
සුබ ගමන්! ජය වේවා! මේවට බයවෙන අයට කියනවා වැඩි කලක් නැහැ කියලා, තව වෙනසක් අත ළඟ (නි)
මෙතන දෙන්නෙකුට වෙන රටවල පුරවැසිකමත් තියෙනවා, නවතීද දන්නේ නැහැ. (නි)
අර පළාත් සභා ඡන්දෙ වෙලාවේ ජනතාවගෙන් සීය සීය එකතු කළා නේද ගම්මන්පිල මහත්තයෝ. ඒකෙන් ඉතුරු සල්ලිද වියදමට ගත්තේ ජිනීවා යන්න (බ)
දෑන් ඔය යන්නේ කේලම් කියන්න නොවෙයි වෙන්න ඈති ඉස්සර කරනකොට වෑරදියි දෑන් හරියි. (ර)
දැන් එතකොට මේවා කලාම අපේ රටට විදේශ රටවල ඇගිලි ගැසීම් වෙන්නේ නැද්ද? (ර)
වැඩක් වෙන්නේ නැහැ, මෙයාලගේ පැටිකිරිය දන්නවා ලෝකේ මිනිස්සු (නි)
එ්ත් එක්කම ස්විස් බැංකුවල තියෙන දේවල පොළියත් බලාගෙනම එන්න හොඳේ (නි)
මෙයාලම නේද ඉස්සර කෑ ගැහැවුවෙ ජිනීවා එපා කියල. දැන් හොදයිද දන්නේ නැහැ නේද? ඊට පස්සේ විදේශ කුමන්ත්‍රණ කියනවා. (ර)
ජාත්‍යන්තර කුමන්ත්‍රණ. (ර)
සේරවාණිජල වලං පොලවේ ගහනව වගේ ඔහේ වනනවා වදින එකක් වදින්න නැතා කියල. (බ)