ඒකාබද්ධ විපකෂයේ මන්ත්‍රීවරුන් තිදනෙකු අද (29) අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්වරයා හමුවීම සඳහා ස්විට්සර්ලන්තය බලා යෑමට නියමිතය.
ඩලස් අලහ්පෙරුම,බන්දුල ගුණවර්ධන සහ උදය ගම්මන්පිල යන මහත්වරු මෙම කණ්ඩායම නියෝජනය කරති.
තම කණ්ඩායම අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ලේකම් මාටින් චුන් ගොන්ග් මහතා හමු වීම සඳහා ලබන 31 වැනි දා හමුවීමට නියමිතය.
ඔහුට පෙත්සමක් බාරදීමට බලාපොරොත්තු වන බවත් එහි තමන්ට ආණ්ඩු පක්ෂයෙන් සිදුවන මදි පුංචිකම් පිළිබඳ කරුණු හතක් ඇතුළත් වන බවත් ගම්මන්පිල මහතා කියයි.
මානව හිමිකම් කවුන්සලය ඉදිරිපිට ශ්‍රී ලාංකික ප්‍රජාව පවත්වන උද්ඝෝෂණයට සහභාගි වන බව කී ගම්මන්පිල මහතා එහිදී ද පෙත්සමක් බාරදීමට යයි.
2025 දෙසැම්බර් මස 18
682
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙත්සම් අරන් විපක්ෂයේ තිදෙනෙක් ජිනිවා යති
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Tuesday, 29 March 2016 09:05 AM
අපේ රටේ දේවාලවල පොල් ගහල, ගම්මිරිස් අඹරල, යටිගිරියෙන් බිරුවත් කිසිම පලක් නැති උන නිසාද ගතු කියන්න රට යන්නේ ? (ර)
දුමින්ද Wednesday, 30 March 2016 08:13 AM
නියම රණවිරුවන්ගේ ගෞරවය රැකගන්න (නි)
සහීඩ් කටාර් Tuesday, 29 March 2016 04:23 PM
පොල් ගෙඩි ටිකකුත් අරන්ම යන්න ! මටනම් මෙම යහ පාලනයේ නීති පද්ධතිය ගැන නම් විශ්වාසයක් තියනවා , මේ කට්ටිය කලින් විවේචනය කරපු ජිනිවාවට නිතිය ඉල්ලා යන්න සිදුවුනේ දෙවියන්ගේ වැඩක් වෙන්නැති !! (බ)
සෞදි සරත් Wednesday, 30 March 2016 06:26 AM
සුබ ගමන්! ජය වේවා! මේවට බයවෙන අයට කියනවා වැඩි කලක් නැහැ කියලා, තව වෙනසක් අත ළඟ (නි)
ඇන්ජලෝ Tuesday, 29 March 2016 10:57 AM
මෙතන දෙන්නෙකුට වෙන රටවල පුරවැසිකමත් තියෙනවා, නවතීද දන්නේ නැහැ. (නි)
අන්වර් Tuesday, 29 March 2016 05:06 PM
අර පළාත් සභා ඡන්දෙ වෙලාවේ ජනතාවගෙන් සීය සීය එකතු කළා නේද ගම්මන්පිල මහත්තයෝ. ඒකෙන් ඉතුරු සල්ලිද වියදමට ගත්තේ ජිනීවා යන්න (බ)
රුවන් Tuesday, 29 March 2016 08:13 AM
දෑන් ඔය යන්නේ කේලම් කියන්න නොවෙයි වෙන්න ඈති ඉස්සර කරනකොට වෑරදියි දෑන් හරියි. (ර)
අතුරා Tuesday, 29 March 2016 08:28 AM
දැන් එතකොට මේවා කලාම අපේ රටට විදේශ රටවල ඇගිලි ගැසීම් වෙන්නේ නැද්ද? (ර)
පිටබැද්දර ජයා Tuesday, 29 March 2016 12:14 PM
වැඩක් වෙන්නේ නැහැ, මෙයාලගේ පැටිකිරිය දන්නවා ලෝකේ මිනිස්සු (නි)
අතුල Tuesday, 29 March 2016 12:16 PM
එ්ත් එක්කම ස්විස් බැංකුවල තියෙන දේවල පොළියත් බලාගෙනම එන්න හොඳේ (නි)
චන්දන - ඕස්ට්‍රේලියා Tuesday, 29 March 2016 08:44 AM
මෙයාලම නේද ඉස්සර කෑ ගැහැවුවෙ ජිනීවා එපා කියල. දැන් හොදයිද දන්නේ නැහැ නේද? ඊට පස්සේ විදේශ කුමන්ත්‍රණ කියනවා. (ර)
ප්‍රියා Tuesday, 29 March 2016 08:53 AM
ජාත්‍යන්තර කුමන්ත්‍රණ. (ර)
චන්දි Tuesday, 29 March 2016 08:54 AM
සේරවාණිජල වලං පොලවේ ගහනව වගේ ඔහේ වනනවා වදින එකක් වදින්න නැතා කියල. (බ)