(දිල්රුක්ෂි ග්‍රේරු)
පාතාල නායකයකු වන කෙසෙල්වත්තේ දිනුක නැමැත්තාගේ ප්‍රධාන ගෝලයකු හෙරොයින් සමඟ ගුණසිංහපුර පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අද (09) රාත්‍රි 8.30ට පමණ විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මිනීමැරුම් පිළිබඳ චෝදනා රැසක් සම්බන්ධ සැකකරුවකු වන මොහු දැනට ඩුබායි හි සිටින කෙසෙල්වත්තේ දිනුක නම් පාතාල නායකයාගේ ප්‍රධාන ගෝලයෙකු බවත් දිනුකගේ මෙහෙයවීමෙන් මොහු ලංකාවේ යම් යම් ජාවාරම් සිදු කරන බවත් පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු 2015 වසරේදී අලුත්කඩේ මුස්ලිම් පල්ලියේදී තියුණු ආයුධ වලින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කීරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද මංකොලකෑම් සහ කප්පම් ගැනීම් සම්බන්ධයෙන්ද වරදකරුවකු වී දඩුවම් ලැබූවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම ප්‍රධාන පෙලේ ගෝලයන් තමා එත් ප්‍රධාන සැකකරු අල්ලන්න බෑනේ.
මීට පෙරත් වැරදි කර දඬුවන් ලැබී තිබෙනවාලු. මෙවැන්නන් හිරේ දැමීමෙන් සමාජය බලාපොරොත්තුවන කාර්යය ඉටුනොවේ. එසේනම් සමාජයේ යහපත් පැවැත්ම සඳහා මොවුන් සඟවා ඇති ආයුධ බලාගැනීමට ගෙන ගියාට කාගෙන්වත් අපවාදයක් එල්ලවෙන්නේ නැත.
ඔය ප්‍රධාන පෙලේ ගෝලයෝ කවුරුවත්ම එළි කරන්නේ නැද්ද, තමන්ගේ ගුරුවරු කවුද කියල? හෙළි නොකර ඉන්නේ නැහැ. අනික හෙළි නොකලත් ඔය ප්‍රශ්න අහන කට්ටිය දන්නා ඒ සියලුම විස්තර. හැබැයි කිසිම දවසක අහු වෙන්නේ නෑ, ඇයි? උන් සුරක්ෂිතයි. ප්‍රශ්න අහන කට්ටිය සහ දේශපාලුවෝ ඉන්නවා උන්ට ආරක්ෂාව සපයන්න.
මෙයා බේරගන්න දියවන්නාවේ කවුරු හරි ඉදිරිපත්වේවි