
(යොහාන් භාසුර)
පාතාල කල්ලි සතුව ඇති ගිනිඅවි අත්අඩංගුවට ගැනීමේ මාස දෙකක විශේෂ මෙහෙයුමක් ලබන ජූලි මස ආරම්භ කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (24) උපදෙස් දී තිබේ.
පොලිස්පතිවරයා සහ පොලිස් ප්‍රධානීන් අතර අද පැවැති විශේෂ සාකච්ඡාවකදී එම මෙහෙයුම පිළිබඳව දැනුවත් කර ඇති බවත් දැනට ක්‍රියාත්මක ‘යුක්තිය’ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
පාතාලය මර්දනය කිරීමට ඔවුන් සතු නීතිවිරෝධී ගිනිඅවි දැඩි බාධාවක් යැයි හඳුනාගෙන ඇති බව කී උසස් පොලිස් නිලධාරියා ත්‍රිවිධ හමුදාවේ සහය ද ඇතිව එම මෙහෙයුම ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේලාසනින් කියල පටන් ගන්න එක හොඳයි ... අවශ්‍ය කෙනෙකුට හංගන්න වෙලාව තියෙනව .
යුක්තියේ මෙහෙයුමෙන් පස්සේ දැන් රටේ කුඩු නැ නේ ඔය කියන ගිනි අවි මෙහයුමෙන් පස්සේ පාතාලයේ ගිනි අවිත් නැතුව ගිහින් පාතාලයටත් නැතුව යවයි නේද ?
මුන්ගේ මූනේ කිසිම වැදගත් පාටක් නෑ. මහ කාඩ පෙනුමක් තියෙන්නේ
පාතාලයන් ඒකට සූදානම් වෙනවා. පාතාලයන් සමඟ තදින් මිතුරු කම් පවත්වන පහත් දේශපාලකයින් ඒවා වළක්වන්න ක්‍රියා කරනවා
දේශබන්දුගේ තවත් පලකට නැති ලොකු සද්දයක් තියන සිගිති මෙහෙයුමක්