මේ වසරේ ජනවාරී සිට නොවැම්බර් මාසය අවසාන වන විට බරපතල ප්‍රධාන අපරාධ සංඛ්‍යාව 7592ක් වාර්තා වු බව පොලිස් මුලස්ථානය කියයි.

මනුෂ්‍ය ඝාතන, ලිංගික අපරාධ, ගෙවල් බිදුම්, කොල්ලකෑම් සහ සොරකම් ඒ අතර වෙන බව පොලිසිය පවසයි.

මෙම වසරේ නොවැම්බර් මාසයේ පමණක් ලොකු අපරාධ 575ක් වාර්තා වී ඇති බවත් එයින් මනුෂ ඝාතන 39ක්, ලිංගික අපරාධ 198ක්, ගෙවල් බිදුම් 153ක්, කොල්ලකෑම් 64ක්, සොරකම් 121 බවත් එය පසුගිය වසරට වඩා අපරාධ 90ක අඩුවීමක් බව පොලිසිය සඳහන් කරයි.