උඩරට සහ පහත රට එළවළු වර්ග කිහිපයක මිල ඉහළගොස් ඇත. මාලු මිරිස් කිලෝවක මිල රුපියල් 300, කැරට් කිලෝවක මිල රුපියල් 230ක් ද ලීක්ස් කිලෝවක් රුපියල් 220 ක්ද, බෝංචි කිලෝවක් රුපියල් 200ක්ද වේ. තක්කාලි රුපියල් 300ක් ද, වට්ටක්කා රුපියල් 120 ක් ද, වැටකොලු රුපියල් 120 ක් ද, රාබු රුපියල් 140 ක් ද, ගෝවා රුපියල් 120 ක් ද, පතෝල රුපියල් 100 ක් ද, අමුමිරිස් රුපියල් 300ක්ද බීට්රූට් රුපියල් 200 කරවිල් රුපියල් 200 ක් ද, කොහිල 100 ක් ද වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික දවසකින් අපිට කන්න වෙන්නේ පස්.(හේ)
පැහැදිලි යන්ත්‍රනයක් යහ පාලනයක් තියෙන්න ඕනේ මේවට. (නදී)
හැම දේටම යහ පාලනය කියන එක ගේන්න නම් රටේ මහජනයාගේත් ඒ සඳහා කැපවීම තියෙන්න ඕන. රටේ මිනිස්සු වැඩි දෙනෙක් " බුදු සරණයි " බෝඩ් එක ගහගත්තු හොර හරක් ලොරි වගේ. තමන් වැරදි වැඩ කර කර රජයකට යහ පාලනය ගැන දොස් කියනවා.දේශපාලන වේදිකාවල "යහපාලනය " ගැන කතා කරන කට්ටිය කරලා තියෙන්නෙම වැරදි වැඩ. අක්‍රමිකතා. බුදුන් විසු යුගය දැන් නැහැ. කවුරු කොහොම කිවත් එදා තිබු යහපාලනය අද රටක අවම වශයෙන් හෝ කැපකිරීම් වලින් තොරව කරන්න බැහැ.(හේ)
හැබැයි පුන්නක්කු මිලට නම් අත තියන්න එපා. (නි)
තවත් කල්ගියොත් අපිට කන්න වෙන්නේ වහ තමයි. (නි)
මෙහෙ වගාකරන්නේ නැහැ. එහෙත් ඉන්දියාවෙන්, පාකිස්ථානයෙන් ආනයනය කරන කැරට් කිලෝ එකක් දිරාම් 3 (රුපියල් 105),තක්කාලි කිලෝ එකක් 2.75 (රුපියල් 96),ලොකු ලුණු කිලෝ එකක් 1.75(රුපියල් 61)....... (නි)
ඡන්දෙට වියදම් කළ කෝටි ප්‍රකෝටි ගණන් අල්ලන්න වෙන්නේ කොහොමද කියලා හිතද්දිත් බයයි (නි)
ලංකාවට ආයුබෝවන්! (නි)
මේකත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද දන්නෙ නැහැ (නි)
ඇත්ත. වරුනි කියන දේ හරි. (නි)
සරු මහපොළවක් තියෙද්දී අනේ අපිට ගිය කලක්! (නි)
මහත්වරුනි, යහපාලනය ගෙන එන්න. (නි)
අධිශීතකරණ ගබඩා පහසුකම් ඇතිකරලා අතිරික්තය ගබඩා කරන්න ඕනෑ. මම ලංකාවෙන් ගෙනෙන බණ්ඩක්කා, කරවිල, මෑකරල් ආදිය අවුරුද්දක්ම අධිශීතකරණයේ තබා පාවිච්චි කරනවා. (නි)
අපි බත්වෙනුවට පළතුරු වර්ග ආහාරයට ගන්න පුරුදුවෙමු (නි)
ගෑස් සිලින්ඩරයේ මිල අඩු කලාට අපිට වැඩක් නැහැ. අපේ 4 දෙනෙකුගේ පවුලේ ,ගෑස් සිලින්ඩර් එක මාස 12 ක් පාවිච්චි කරනවා. ඊලඟ දවසේ දරුවන්ට කන්න දෙන්නේ කොහොමද කියල අපි හරියට දුක් වෙනවා. කෝටි ප්‍රකෝටි ගණනින් මෙහෙම ගසා කනකොට අපිට කන්න වෙන්නේ වහ තමයි ? (නදී)
මේකත් බටහිර කුමන්ත්‍රණයක්ද ?(හේ)
එහෙනම් "අපි වවමු,රට නගමු "කියල කියවන්නේ.(නදී)
නත්තලට කාලා හමාරයි ! (හේ)
වරුනි හීන්කෙන්ද."කවුරු කොහොම කිවත් එදා තිබු යහපාලනය අද....අද තියෙන්නේ "ජක් -මක්....හොවූ .....යම් පුතා" පාලන ක්‍රමයක්. (නදී)
මිට වඩා යුරෝපේ බඩුමිල අඩුයි ..(හේ)
රට හොඳට සංවර්ධනය වෙලා නිසා එළවලු ගණන් යන එක ගණන් ගන්න එපා.(හේ)
මේ ඉන්දියාවේ වෙන්න ඇති.ලංකාවේ එළවලු කොච්චර ලාබද.(හේ)
කාලා හමාරයි දැන් ඉතින්.(හේ)
අඩුම මිලට තියෙන එළවලු ටික නම් ඇඟටත් ගුණයි.(හේ)
ඔහොම යන් ආසියාවේ අශ්චර්ය ඔහොම තමා (අ)
අද පොලේ යන්න හිටියේ එක්කො ඕනේ නෑ වගේ (අ)
ඡන්දෙට කන්න දෙන්න එපැයි. අරක්කු බිල අඩුකරයි වගේ අපේ මිනිස්සු අරක්කු වලටනේ කතිරේ ගහන්නේ (නදී)
මොකුත් නොකියා ඉන්න එක හොඳයි මේවට (නදී)
මෙහෙම තමා වගාව සහ අස්වැන්නත්, අතරමැදියා සහ පාරිභෝගිකයාත් කියන එක. වැඩිවෙනකොට මේ විදිහට ප්‍රචාරය වෙනවා. අඩුවෙනකොට කවුරුවත් මොකුත් කියන්නේ නැහැ. අපි හැමෝටම කොරටුවෙන් එළවලු මිලට ගන්න පුළුවනි නම් ඔය කියන සේරම වර්ග රුපියල් සියයට අඩුවෙන් ගන්න පුළුවනි. (නදී)
අනේ මන්දන්නේ නැහැ. අපේ කඩේට අල්ලපු කඩේ එළවලු කඩයක්. එ්කට ගේන එළවලු හවස් ව වෙනකොට ඔක්කොම විකිණිලා. මිනිස්සු කන බොන දේ කීය උනත් මිලට ගන්නවා. (නදී)
දැන් ඉතින් මොනවද කන්නේ? (නි)