ඉන්දිකා රාමනායක
කොළඹ වෙඩි තැබීමේ සිද්ධීන් රැසකට සම්බන්ධ පාතාලේ යතුරුපැදිකරු වන ‘‘පප්පා’’ නැමැත්තා මත්කුඩු හා අත්බෝම්බ දෙකක් සමඟ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කෙත්තාරාම මාර්ගයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බමුණු ආරච්චිගේ දුමින්ද, හෙවත් මොහොමඩ් සල්මාන් රිල්වාන් (28) නැමැත්තා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මොහු මාලිගාවත්තේ ප්‍රබල පාතාල සාමාජිකයකු වන දැනට ඩුබායි රටේ සැඟව සිටින ‘‘කංජිපානි ඉම්බ‍්‍රාන් ’’ නැමැත්තාගේ ගෝලයකු බවද පොලිසිය සඳහන් කරයි.
මෙම සැකකරු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව මාලිගාවත්ත කෙත්තාරාමේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබු අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව හෙරොයින් ග‍්‍රෑම් 5 යි මිලි ග‍්‍රෑම් 340 ක ප‍්‍රමාණයක් තිබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බමුණු ආරච්චිගේ දුමින්ද, හෙවත් මොහොමඩ් සල්මාන් රිල්වාන් (28) මැරුණාද?