(පුෂ්පකුමාර මල්ලවආරච්චි) 

මීරිගම දංඕවිට පාරේ නිවසක ඉදිකිරීම් කටයුතුවල යෙදී සිටියදී ඒ අසල තිබූ පැතිබැම්මක් කඩා වැටීමෙන් යටවූ පුද්ගලයකු මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි මීරිගම පොලීසිය කියයි .

 අද(02 ) පස්වරුවේ  සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ අංක 120 තවලම්පිටිය, මීරිගම ලිපිනයේ පදිංචිකරුවකු වූ රත්නායක රාලලාගේ මයිකල් රත්නායක ( 63)නැමැත්තකු බවට පොලීසිය හඳුනාගෙන ඇත .

මිය ගිය පුද්ගලයා  දංඕවිට පාර , මීරිගම,  ලිපිනයේ පිහිටි නිවසක,   අලුත් වැඩියා කටයුතු සිදුකරමින් සිටියදී ඉදිකරමින් තිබූ නිවස පිටුපස තිබූ පැතිබැම්ම කඩා වැටීමේ දී ඊට යටවී ඇතැයි මූලික පොලිස් පරීක්‍ෂණවලදී හෙළි වී ඇත .

 පස් කන්ද ඔහුගේ   හිසමතට කඩා වැටී යටවී ඇති අතර ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව පස් ඉවත් කර   යට වූ පුද්ගලයා මීරිගම මුලික රෝහල ට ඇතුළත් කර ඇතත් ඒ වන විට මියගොස් ඇති බව හෙළි වී ඇත .