අලුත්ගම බේරුවල හා ධර්ගා නගරයේ ගැටුම්වලට විරෝධය පළ කරමින් පුත්තලම හා වව්නියාව මුස්ලිම් පල්ලිවල ද අද (20) උද්ඝෝෂණ පැවැත්විණි.
අද උද්ඝෝෂණ පැවැත්වු සංවිධාන 14 ක් හා ඔවුනට සහාය දුන් දේශපාලන අධිකාරිය පුත්තලමේ මුස්ලිම් කඩ සාප්පු සෙනසුරාදා (21) වැසීමේ තීරණයකට එළැඹියේය.
අලුත්ගම ගැටුම් සම්බන්ධයෙන් අද වන විට පොලීසියට පැමිණිලි තුන්සීයයක් ලැබී තිබේ.අලාභ හානී වු දෙපාර්ශවයේම අය සොයා ගොස් පැමිණිලි ලියා ගැනීමට පොලීසිය ගෙන්ගෙට යාමට ද සැරැසේ.
බේරුවල හා අලුත්ගම කඩ සාප්පු සාමාන්‍ය පරිදි විවෘත කැර තිබිණි.
(දීපාල්ද සිල්වා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අපට විතරද තමන්ගේ ජාතිය ගැන කතා කරන්න බැරි. (නදී)
මම ලංකාදීප හැමදාම බලනවා මම ඉන්නේ පිටරට කටාර් මට දුකයි ලංකාව ගැන මම ටැමිල් මට යාලුවෝ ගොඩක් ඉන්නව අපි සමගියෙන් ඉන්නව ඇයි බැරි ලංකාවේ මිනිසුන්ට ඉන්න (දී)
එතකොට මේගොල්ලන්ට අවසර තියනවා මේවා කරන්න, අපේ කටවල් වහල, මහා ජාතියේ අපිට වෙච්ච දේ? (ස)
මේ ගොල්ලන්ට පෙළපාලි යන්න පුලුවන්ද ....ඇයි තහනම් කරන්න බැරි ..(ස)
දැන්වත් අපි මේ දේවල් නවත්වමු නේද? (නි)
උද්ඝොසන වලින් තොරව ප්‍රශ්නයක් විසදා ගන්න වෙන ක්‍රමයක් මිනිසුන්ට රටේ දැන් ඇත්තෙම නැහැ. නීතිය යුක්තිය වල් වැදුනම එහෙම තමයි.(දී)
පෙළපාලි ගියාට කමක් නැහැ දේපළ වලට , ජන ජීවිතයට හානි නොකර (නි)
බලධාරිනි දැන්වත් නැගිටින්න (දී)
සාමකාමීව කරන දෙයක් කරන්න. කලකෝලාහල කරන්න එපා (නි)
උද්ඝෝෂණය කරන එක තමා දැන් ලොකුම දේ (දී)
දැන්වත් අපි සමඟි වෙමු නේද? (නි)
ඇයි අපිට නැවත සමඟි වෙන්න බැරි? (නි)
අපි දැන් මේවා නවත්වමු (නි)
මේ රටට වෙන විනාශය අද ඊයේ වුණ දෙයක් නොවේ. බලයට ඇති තණ්හාව නිසා සමහරු සියල්ල නොදැක්කා වගේ සිටියා. (නි)
අනෙක් පළාත් වල වගේ ඇයි මේ පළාතේ අපි ඔක්කොටම නැවත එකමුතු වෙන්න බැරි? (නි)
එතකොට මේ ගොල්ලන්ට අවසර තියනවා. බොදු බලයට උසාවි නියෝග අරන් තහනම් කරනවා. (ස)
මේ ගොල්ලන්ට වෙනම නීතියක් ද? (නදී)
දැන් ඔය විරෝධතාවය යන තැනට කවුරු හරි ගල් ගැහුවොත් මොකද වෙන්නේ? නිකන් ඉදීවිද? (ස)
1978 ගෙන ආපු ව්‍යවස්ථාව නිසා දේශපාලකයින් තමන්ගේ බලය ආරක්ෂා කර ගන්න සුළු ජන කොටස් එක්ක එක එක ගිවිසුම් ගහ ගත්තා ඒවායේ ප්‍රතිපල තමයි අළුයට තිබුණු ගිනි පුපුරු වගේ ඉඳලා හිටලා මතුවෙන්නේ. සමහර ප්‍රදේශවල චන්දය ලබාගැනීම අරමුණු කරගෙන ප්‍රදේශයේ ඉන්න ජන කොටස්වල ආගම ජාතිය විතරක් නෙවෙයි කුලයත් පදනම් කරගෙන අපේක්ෂකයන් ඉදිරිපත් කරනවා. ඉන් පස්සේ චන්දෙ වෙලාවට ඔවුන් තළුමරමින් ජාති වාදය, ආගම්වාදය වගේම කුලවාදයත් වපුරමින් චන්ද ටික කොල්ල කනවා. හැබැයි රටේ කරුමෙකටද මන්දා චන්දදායකයන්ට තවමත් තමන් රැවටිලා කියලා වටහා ගන්න බැරි එකයි පුදුමේ. (දී)
කොටි කලබල කාලේ මෙයාල මේ වගේ කලාද ඒවාට විරුද්ධව? මෙයාල අපේ හමුදාවට බැඳිලා ඉන්නවද? කවදාවත් ලේ බින්දුවක්වත් දන් දෙනවද? එත් එයාලගේ ජාතියට මොනවා හරි උනාම කෑගහනවා. ඇයි අපේ මිනිස්සුන්ට මේක තේරුම් ගන්න බැරි? (ස)
මහා ජාතිය අර ජාතිය මේ ජාතිය කියා කියා ගැටුම් ඇති කර ගනිමින් ඉන්නකෝ. අනිත් රටවල් හැම ජාතියේම උදවිය එක්ක සංවර්ධනය කරා යනවා. අපි මෙහෙ තාම රණ්ඩු. මේ ගැටුම් දඩ මීමා කරගෙන කොහෙන් හරි පිටරටකින් තවත් මහා ජාතියක් ඇවිත් මෙතන ගොඩ බැහැලා රට අල්ල ගන්නකන් බෙලි මිරිකා ගමු. (නදී)
සුපුන් ලංකා,ඔබ හරියට හරි. මෙතන සමහරු සහජීවනයෙන් ප්‍රශ්න විසදන්න කතා කරනවා. මිනිසුනේ, අපිට ඒ හැගීම තිබුනට අයට ඒ හැගීම නැහැ ඒකවත් තේරුම් ගන්න බැරි [සමහර] අය තමයි මෙතන, සහජීවනය ගැන අදහස් දාන්නේ. (නදී)
නහි වේරේන වේරානි . (ස)
ප්‍රියංකා, නිනක් ගොන් කතා කියන්න එපා. මගේ ඉස්කෝලේ මහනුවර අන්තෝනි විදුහල. අපේ ඉස්කෝලේ හිටපු මුස්ලිම් ආදී සිසුන් කිහිප දෙනෙක්ම රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කල හැටි අපිට තවම මතක තියෙනවා. ටයිප් කරලා බලනවා කව්ද කර්නෙල් ෆස්ලි ලෆීර් කියන්නේ කියලා. අපේ විශේෂ බලකායේ මුස්ලිම් කොල්ලෝ බුරුතු පිටින් සේවය කළා වගේම බුරුතු පිටින් ජීවිත පිදුවා. ඔවුන් දිවි දුන්නේ අපේ මවුබිම වෙනුවෙන් නෙවෙයිද? මේ ගොන් හරක් කතා කියන ජාතිවාදී අදහස් ඇහෙනකොට පුදුම තරහක් ඇතිවෙන්නේ.(නදී)
මේ ඔක්කොම වෙන්නේ පර්ලිමන්තුවේ ඉන්න අය නිසා. (ස)
මේක වැරදියි. පෙළපාලි උද්ගෝෂණ තහනම් කරනවා නම් එ්ක හෙමෝටම පොදු තීරණයක් වෙන්න ඕනේ. මේ විදිහට, කට්ටියකට විතරක් අවසර දීල අනිත් කට්ටියට තහනම් දාන එක වැරදියි. අපේ රටේ නීතිය එක එක පුද්ගලයින්ට එක එක විදිහට ක්‍රියාත්මක වෙන එක තමයි මේ හැම ප්‍රශ්නෙටම මුල.(නදී)
1915 සිංහල මුස්ලිම් කලබල ඇති කළේ කව්ද? ඒක පටන් ගත්තේ පෙරහැරකට ගල් ගහලා. එ්කේදී සුද්දෝ මැරුවේ සිංහල අය. දැන් රට පාලනය කරන්නේ සිංහල අය එ්ත් සිංහල අයටම තමා දොස්.(නදී)
ජාතිවාදය හෙළ දකිමුලු එහෙනම් මහා ජාතියේ භික්ෂූවහන්සේ නමකට ගහපුඑක එකට අපි ප්‍රතිචාර දමන්නේ කොහොමද? (අ)
මේවා දැන් අවශ්‍ය නැහැ නේද? (නි)
කරුණාකර මේ වර්ජනය කිරීම් දැන්වත් නවත්වා අනෙක් ප්‍රදේශ ආදර්ශයට ගන්න
මේ අයට පෙළපාලි යන්න බැරිද? (නදී)
ප්‍රියංකා , ඔබ වගේ උදවිය පෙරමුණේ ගිහිල්ලා තමා මෙහෙම ගැටුම් ඇති වෙලා තියෙන්නේ. පිටරටවල අපේ මව්බිම තුට්ටු දෙකට වැටුනේ. අපේ රටේ කෙනෙකුට අනිත් රටවල් වලින් රාජ්‍ය තාන්ත්‍රික වැඩකටවත් වීසාවක් ලැබෙන්නේ නැතිව ආර්ථික සම්භාධක ආවාම ඇවිත් රට ගොඩ ගන්නකො. (නදී)
බමුණු, එතකොට වටරැක හාමුදුරුවන්ගේ සිද්ධිය ගැන ඔයා මොකද කියන්නේ? (නි)
ඇයි දැන්වත් තේරුම්ගන්න උත්සාහ නොකරන්නේ? (නි)
ඉවසන්න , මෛත්‍රී කරන්න (නි)
අනේ, ඔහේ ගියාවේ. ගිහින් එයාලටම ඇතිවෙලා නවත්වාවි (නි)
සිංහලයට වෙච්ච අපරාද ගැන කතා කරන්න කුවුරුත් නැහැ වගේ..(අ)
දැන්නම් මේවා හොඳටම ඇති (නි)
මේ වෙලාවේ සාමයට බාධා කරමින් මහජනයා කුපිත කරන ප්‍රකාශ නිකුත් කරන උදවිය වගකිවයුතු නිලධාරින් සොයනවා. ඒ නිසා කට තිබුන පලියට දොඩවන ඇත්තෝ ප්‍රවේශම් වෙන එක හොඳයි. (නදී)
නොමනා අරමුණු වලින් කරන සියලුම පෙළපාලි තහනම් කලයුතු කාලයයි මේ. (අ)
ප්‍රියංකගේ අදහසට මමත් එකඟයි. (නි)
මේදේවල් ඇයි තවත් මෙහෙම දුරදිග ගෙනියන්නේ? (නි)
මෙයාලා නම් තවමත් තේරුම්ගෙන නැතිපාටයි. ඇයි අපිට සමගි වෙන්න බැරි? (නි)
මෙතන සමගියක් ගැන කියවනවා. ලංකාව පකිස්තානයත් සමග ක්‍රිකට් ගහනකොට මෙයාල සහයෝගය දෙන්න මොන රටටද? (අ)
හාමුදුරුවන්ට ගහල මේගොල්ලෝ පටන් ගත්තේ මේක.පුදුම වැඩේ කියන්නේ ඒකට මෙගොල්ලොනේ පෙළපාලි යන්නේ. (අ)
ඇයි ඔවුන්ට යමක් තේරුම්ගන්න බැරි? (නි)
මේ අය ඇයි මෙහෙම කරන්නේ? (නි)
ඇත්තෙන්ම මට මගේ රට ගැන දුකයි. (නි)
බොහොමයක් ප්‍රශ්න වලට මුල නිවැරදි දැකීමක් නැතිකමයි (නි)
හාමුදුරුවන්ට ගහල මේගොල්ලන් පටන් ගත්තේ මේක.පුදුම වැඩේ කියන්නේ ඒකට මෙගොල්ලොනේ පෙළපාලි යන්නේ. (අ)
ටිකිරි බණ්ඩාර කියන කතාව හරියට හරි. (නි)
දැන් සියල්ල සන්සිඳුනාට පසුවත් රට පුරා ඉවරයක් නැති උද්ඝෝෂණ සහ පෙළපාලි. මෙය හරිද? මෙහෙමද සාමය සහ සමගිය පතන්නේ? (නි)
මේ ප්‍රශ්නයේ අවසානයක් දකින්න අපි හැමෝම කැමතියි (නි)
මේ රට විනාශ වෙනවා (දී)
ඇයි අනෙක් පැති දෙස බලාවත් මේ අයට කල්පනා කරලා තීරණයක් ගන්න බැරි? (නි)
ඇයි මේවා මේ විදියට දිගින් දිගටම කරන්නේ? (නි)
එන ඡන්දෙට මේ ගොල්ලන්ගේ ඡන්දෙ හිගා කාල පත්වෙලා සිංහලයට තඩි බාන්නෙ නැහැ කියල හිතන කෙනෙක්ට තමා ඡන්දෙ දෙන්නේ. (අ)
මේකද සහජීවනය කියන්නේ .මම මගේ ජාතියට ආදරෙයි.මට මගේ ජාතිය ආගම ලොකුයි. (අ)
යම් සිද්දියක් උනා එ්කට රජයෙන් කටයුතු කරගෙන යද්දී මොකක්ද මේ තව පැත්තකින් පෙළපාලි. මේවට තහංචි පනවන්න බැරි ඇයි? මේ තුලින් වෙන්නේ නැති ප්‍රශ්ණ ඇවිලෙන එක නේද.(නදී)
තිසරගේ කතාව මමත් පිළිගන්නවා (නි)
සිංහළ බෞද්ධ වැඩිදෙනා කථාකරන්නේ නහි වේරේන වේරානිලු,ඉවසන්නලු,මෛත්‍රී කරන්නලු...හොදයි හොදයි.හැබැයි මේ අයළඟ බලය තිබුණ නම් බලාගන්න තිබුණා සිංහළයා මුහුදට පනින හැටි. (අ)
මේ පෙළපාලියට කව්රු හරි ගලක් ගැහුවා නං මොකද වෙන්නේ? දන්න කෙනෙක් ඉන්නවානං කියන්න බලන්න (දී)
ඔක්කොම අයට පොසොන් පෝය දවසේ බණකට වැඩිය හාමුදුරු නමකට ගහපු එක දැන් අමතක වෙලා .මහ ජාතියකට සිද්ද උන දෙයක් (දී)
මගේ ජාතිය මිනිස් ජාතිය.එය පන මෙන් රකිමි.මගේ ආගම,තව කෙනෙකුට කරදරයක් නොකර ජිවත් වීම. (දී)
මේවත් තහනම් කරන්නකෝ.අපිට විතරද නීති දාන්නේ?(දී)
සහජීවනය ගැන කියන සිංහළ බෞද්ධ වැඩි දෙනාට තේරයි තමන්ගේ දරුවට සිංහළ බෞද්ධ රටක් නැති උනාම අනාගතයේදී ..ඇස් ගෙඩි වලට හෙන ගහලද සින්හලුනේ..(ස)
එකපාරටම මෙයාල සද්දේ දන්නේ හොදකට නම් නෙවෙයි. මම දැකල තියනවා ඕනෙම මුස්ලිම් කෙනෙක් එයාලගේ ගැණු කෙනෙක් බස් එකට නැග්ගම සීට් එක දෙනවා. අපේ මිනිස්සු බබෙක් එක්ක නැගගත් අහක බලාගන්නවා, එකෙන්ම පෙනේවි මුස්ලිම් අය අතරේ නෙවයි සිංහල අය අතරෙයි බෙදීම තියෙන්නේ ... හරිම දුකයි. (ස)
ජගත්, ප්‍රියංක, ඔබට මාධ්‍ය සහ අන්තර්ජාලය ගැන තිබෙන දැනීම අඩු බැවි පෙනී යන්නේ. පොඩ්ඩක් ශ්‍රී ලංකාවේ අතීතය ගැන හොයල බලන්න මේජර් මුතාලිෆ් සහ බ්‍රිගේඩියර් තුවාන් ගැන එහෙම දැනගන්න ලැබෙයි. විකිපීඩියා වෙත් සදහන්. මේ සිද්දීන් ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් තියලා ඉක්මනටම වැරදි කරුවන්ට දඩුවම් දෙන්න ඕනේ. ඒ වගේම මේ වගේ පෙළපාලි ගිහින් ප්‍රශ්න වැඩි වෙනවා විතරයි. අලුත්ගම සහ බේරුවල විනාශයට හේතුව කව්ද කියල අපි දන්නවා.(නදී)