( හිරාන් ප්රියංකර, එච්.චන්දන )
කරුවලගස්වැව - සියඹලෑව රක්ෂිතයක් තුළ අද (12) අළුයම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි.
ලී කැපීමට රක්ෂිතයට ගොස් සිටි දෙදෙනකු මෙලෙස වෙඩි වැදී පුත්තලම රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් තිබේ.
මෙම වෙඩි තැබීමට බොර 12 ගිනි අවියක් භාවිතා කර ඇති බවත්, දෙදෙනකු පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව කරුවලගස්වැව පොලීසිය සිදු කළ මූලික පරීක්ෂණ වලින් හදුනාගෙන තිබේ.
සිද්ධියෙන් ජයලත් ආරච්චිලාගේ ලෙස්ලි රෝෂාන් (18), පියල් රත්නසිරි (31) යන අය මිය ගොස් ඇති බව හදුනාගෙන තිබේ.


(ඡායාරූප - එච්.චන්දන)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd