හිග වැටුප් ඇතුළු ඉල්ලීම් හයක් මුල් කැර ගනිමින් සමස්ථ ලංකා සුව සහන සේවා සංගමය ඇතුළු වෘත්තිය සමිති රැසක් ඒකාබද්ධව පවත්වන දීප ව්‍යාප්ත වැඩවර්ජනයට සමගාමීව පුත්තලම රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයද වර්ජනයක් ඇරැඹුහ.
මේ හේතුවෙන් බාහිර රෝගීන් හා නේවාසික රෝගීන් දැඩි අපහසුතාවට ලක්වී ඇති අතර රෝහල් කටයුතු සඳහා ආරක්ෂක අංශ සාමාජිකයින් කැඳවා ඇතැයි රෝහල් බලධාරීහු පවසති



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල මහතා ගේ අදහස හරි.(අ)
මමත් කුමාරගේ අදහසට එකඟයි.නැත්නම් කවදාවත් මේ යන විදිහට රට ගොඩගන්න ලැබෙන එකක් නැහැ. (නි)
කාලෙකට වෛද්‍යවරුන්, තවත් කලකට හෙද සේවය, තවත කලක සුලු සේවකයින් යක්ෂයන් වී අහිංසක රෝගීන්ගේ ජිවිත බිල්ලට ගන්නවා. ලැජ්ජාවක් නැතුව තවත් කෙනෙකුගේ ජීවිතයක් ඇපයට ගෙන තමන්ගේ උවමනාවන් පහත් අයුරින් ඉටුකර ගැනීමක් නේද මේ සිදුකරන්නේ. මින් පවතින ආණ්ඩු අපහසුතාවයට පත්වෙනවාට වඩා අහිංසක රෝගීන්ගේ ජීවිතයි ඇපයට ගන්නේ. අනිවාර්යයෙන්ම මේ සදහා නීති සකස්කළ යුතුයි. (නි)
මේ වැඩවර්ජන කරන කට්ටියට ගහන්න ඕනෑ අර මොකක්ද එකෙන්. අම්මපා! මේ අය අඩුම තරමේ මාසයකටවත් මැදපෙරදිග යවන්න ඕනෑ කොහොමද එහේ වැඩ කරන්නේ කියලා බලන්න. (නි)
කොතැනක හෝ වරදක් සිදුවේලා තියෙනවා ඒ තැන හොයලා ප්‍රතිකාරයක් කලොත් නරකද?, මෙම අවස්ථාවේ උදව් කළ නාවික සෙබලුන්ට මගේ ප්‍රනාමය (නදී)
ආරක්ෂක හමුදාවල සහෝදරවරුනි ඔබට මාගේ උත්තමාචාරය. ඒවගේම සාමාන්‍ය ජනතාවගේ බදු මුදල් වලින් පඩි අරගන්න ගමන් අසරණ ලෙඩ්ඩු මරාගන්න හදන අයට කියන්න තියෙන්නේ ඕව මහා බාල වැඩ.ලජ්ජා වෙන්න ඕනේ තමන්ගේ මනුස්සකමක් නෑ කියල පේනවනේ දැන්. මේ ආරක්ෂක හමුදාවල සහෝදරයන්ටත් පුලුවන්ගේ මේවා අපේ රාජකාරියට අයිති වැඩ නෙවේ කියල වැඩි වැටුප් ඉල්ලන්න. එත් ඒ අය බොහොම සතුටින් වෙන්න ඕනේ මේවා කරන්නේ. (නදී)
අද දවසේ වෙනදා වගේම සාමාන්‍ය විදියට රෝහල් කටයුතු කළා. ලෙඩුන්ට අපහසුතා ඇතිවුණේ නැහැ. ඒ නාවික හමුදා නාවිකයන්ට පිං සිදුවෙන්න. (නි)
මේ රෝහල මිල්ටරීකරණය කරන කල් ලාල් කාන්ත මහත්තයා,අන්තරේ මහත්වරු ඇතුළු විපක්‍ෂය කොහේ හිටියද මන්ද? (නදී)
වෙන අයගේ වැඩ වර්ජන වලටත් අදහසක් හොයා ගත්තොත් හොඳ නැද්ද? (ස)
රෝහල් විතරක් නොවෙයි, මුළු රටම මිල්ටරීකරණය කරන කල් අප රට යන ප්‍රපාතයෙන් ගොඩ ගන්න බෑ.(අ)
"අපි පැය 48 ක් වර්ජන: රෝගී ජීවිත වගකීම අමාත්‍යාංශයට බාරයි' ඒකාබද්ධ වෘත්තීය සමිතිය කියයි" ....මෙන්න අපේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාර වල සැබෑ තත්වය....තව දුරටත් මේ බංකලොත් දේශපාලන අතකොළුවලට මේ රටේ සාමාන්‍ය ජනජීවිතය ප්‍රාණ ඇපයට ගැනීමට ඉඩ නොදී අත්‍යවශ්‍ය සේවාවන් සදහා දැඩි නීති පද්ධතියක් ස්ථාපනය කිරීම හැකි ඉක්මනින් කළ යුතුයි..එ්ක කරන්න බලය මේ රටේ ජනතාව රජයට ලබල දීල තියෙනවා..මේ ඔක්කොම හෙට රස්සාවල් නැති කරලා ගෙදර යැව්වත් ජනතාව අනේ අපොයි කියන්නේ නැහැ.මේ අසාධාරණ වෘත්තිය සමිති ටික මේ රටින් අතුගාල දාපු දවසක මේ රට ඉර පායාවි.මේ රට හැදේවි..දියුණු වේවි.(අ)