පුත්තලම රෝහලේ වාට්ටුවක් ඉදිරිපිටදී තරුණයකුට වෙඩි වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල් එම්.ආර්.එස්.කරුණාරත්න පුත්තලම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් ලබන 29 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
පොලිස් අණ නොතකා ධාවනය කරන බව කියන යතුරු පැදියක් පසු පස හඹා ගිය කොස්තාපල් රෝහල අසලදී තැබූ වෙඩිල්ලකින් රෝහලට පැමිණ සිටි තරුණයකු තුවාල ලැබූ බව වාර්තා විය. එම තරුණයා කොළඹ ජාතික රෝහලට මාරු කරනු ලැබ සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අයට පිස්තෝලයක් තියා කෝටුවක්වත් අතට දෙන්න හොඳ නෑ. කිසි විනයක් නැහැ. අණ නොතකා ධාවනය කිරීම කිසිම උසාවියක මරණ දඩුවම දෙන වරදක් නොවේ. වැරදීමකින් පොලිසිය අත දානවා නොදැක්කොත් එහෙම කෙලවර වෙන්නේ මරණයකින්.(නදී)
දැන් කාගේද එතකොට වරද? යතුරුපැදිය නොනවත්වා ගිය එකත් වැරදියි (නි)