IMG-LOGO

පුත්තලමේ පොලිස් මාරුවට අධිකරණයෙන් දොස්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පොලිස් කොස්තාපල්වරයකුට පහර දීමේ සිද්දියක් මත ආණමඩුව පොලිස් ස්ථානාධිපතිවරයාගෙ සිට ඉහල පොලිස් නිළධාරීන් පිරිසකට දුන් ස්ථාන මාරූව නිවැරදී විම තමන් අපෙක්ෂා කරන්නේ යැයි පැවසු ආණමඩුව මහෙස්ත්‍රාත් නිමේෂා පටබැදිගේ මහත්මිය තම අධිකරණ බල ප්‍රදේශයේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට තමා බැදි සිටින්නේ යැයිද කීවාය.

ඉහල නිළධාරින්ගේ උවමනා මත සිද්දිය වසං කිරීමකින් තොරව අධිකරණයට ඉදිරිපත් කිරීම අගය කරන බවත් තාන්න මාන්න වලට යට නොවි නීතිය වෙනස් නොකරමින් කටයුතු කරන නිළධාරින් තමන් අගයන බවත් පැවසු මහෙස්ත්‍රාත්වරිය නීතිය වෙනස් කරන පිරිසට තමන්ගෙන් සමාවක් නොමැති බවත් අවධාරණය කළාය.

පොලිස් කොස්තාපල්වරයකුට පහර දුන්නේ යැයි කියමින් සැකපිට රිමන්ඩ් බරයට පත් කොට සිටි පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් පස් දෙනා දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමටද නියම කළාය.

රුපියල් ලක්ෂ 05 බැගින් වටිනා ශරීර ඇප මත සැකකාර පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් මුදාහළ මහෙස්ත්‍රාත්වරිය මෙම සිද්දියට අදාළ විමර්ශනවලට බාධා කළහොත් ඇප අවලංගු කොට යළි රිමාන්ඩ් බාරයට පත් කරන බව දැනුම් දෙමින් දැඩිව අවවාද කළාය.

මෙලෙස ඇප නියම වුයේ පොලිස් විශේෂ කාර්ය බලකායේ පුත්තලම කදවුරේ පොලිස් පරික්ෂකවරුන් දෙදෙනකු හා පොලිස් සැරයන්වරයකු කොස්තාපල්වරු දෙදෙනෙකු ඇතුළු පස්දෙනෙකුටය.

මෙම සිද්ධියට අදාළ පැමිණීල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී පොලිස් දෙපාර්තුමේන්තුව නියෝජනය කරමින් ඉහල නිළධාරින් රැසක් හා පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරින් රැසක්ද අධිකරණ භුමියේ රැදි සිටියහ.

 



අදහස් (0)

පුත්තලමේ පොලිස් මාරුවට අධිකරණයෙන් දොස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 713 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1123 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site