
( එච්. චන්දන, පද්මා කුමාරි සහ හිරාන් ප්‍රියන්කර )
පුත්තලමේ නිවසක හා නොරොච්චෝලේ ආපන ශලාවක ගෑස් ලිප් දෙකක් පුපුරා ගොස් ඇත් බව පුත්තලම , නොරචේචෝලේ පොලීසිය කියයි.
පුත්තලම වෙස්ටන් සොල්ට් පාර 5වැනි පටුමගේ නිවස මීට දින 05 කට පමණ පෙර ගෙන එනු ලැබූ ගෑස් සිලින්ඩරයක් ලිපට සවිකර ගිනි දැල්වීමෙදී ලිප පුපුරා ගිය බව නිවැසියන් පොලීසියට පවසා තිබේ.
නොරචෝලේ සපාමරුවා අවතැන් කඳවුර තුළ පවත්වා ගෙන යන ආපන ශාලාවක මුළුතැන් ගෙය තුළ සවි කර තිබූ ගෑස් ලිපක්ද පුපුරා ඇත .
මෙම සිද්ධිවලින් කිසිවකුට අනතුරක් සිදු වී නොමැති අතර පුත්තලම හා නොරොච්චෝලේ පොලීසි මේ පිළිබදව පරීක්ෂණ පවත්වනු ලබයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගෑස් ලිපක් තිබෙන්න ඕනේ විදිහටම තිබෙන්නේ කොහෙද පුපුරලා තිබෙන්නේ? වටේ පිච්චිලා... ඕවා කොයිකාලෙත් වුණා. කතාව නිකන් පාස්කු බෝම්බ පුපුරලා වගෙයි. හැබැයි කුස්සියේ හැටි දැක්කාම බල්ලෝ බත් කන්නෙත් නැහැ.