නවගත්තේගම පාසල් ගුරුතුමියක වන සුසිලා හේරත් මහත්මිය පාසලේ දී දණ ගස්වා දඬුවම් කළැයි කියන පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර අණමඩුව මහේස්ත්‍රාත් උසාවියට අද උදේ රැගෙන ඒමට නියමිතව සිටියේය. මේ අතර පුත්තලම දිස්ත්‍රික්කයේ ගුරුවරුන් ලෙඩ නිවාඩු දැමීම නිසා පාසල් පැමිණිම අද බෙහෙවින් ම අඩු විය. ඊට හේතුව මෙම දඬුවමට විරෝධය පළ කිරීම බව දැන ගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල අවුල් ද මන්දා.. දඬුවමට විරෝදය පල කළා කියන්නේ දඬුවම් කරපු නිසා විරෝදය පල කළා කියන එක ද? මට තේරෙන්නේ නැති නිසා අහන්නේ (දී)
ලොකුකම් අටවන්නන්ට දේශපාලනයෙන් බුරුලක් ලැබුනත්, නීතියෙන් බුරුලක් නොලැබෙන බව තේරුම් අරගෙන අගෝස්තු මාසයේ විභාග අතළඟ නිසා සිසු දරුවන් ගැන සංවේදීව සිතා ,ගුරුවරුන්ගේ ලෙඩ දුක් ඉක්මනින් සුව වේවායි ප්‍රර්ථනා කරමි ! (දී)
අද හවස තියෙන ටියුෂන් පන්තියටත් ලෙඩ වෙනවද සෑර්? (නි)
මහා ඇමති කලින් කරාලුනේ. ඉතින් ගෝලයෝ කරන එක පුදුමයක්ද? ඔන්න පුත්තලමේ කට්ටියට වැඩක් තියෙනවා. ලබන සැරේ පාර්ලිමේන්තුවට යවන්ඩ මේ ගොල්ලන්ව.(නදී)
ගූරු මහත්ම මහත්මීන් උපාලිගේ අදහස ගැන ටිකක් හිතට ගත්තොත් හොදයි. වටිනා අදහසක්. (නි)
ගූරු මහත්ම මහත්මීන් උපාලිගේ අදහස ගැන ටිකක් හිතට ගත්තොත් හොදය් වටිනා අදහසක්. (අ)
ඇ, ගුරු මහත්වරුනේ, නෝනා වරුනේ, ඔය ගොල්ල මේ විදිහට පිළුණු වෙච්ච කැඳ හැලියක් ඔලුව උඩ තියාගෙන කොහොඹ කලේ නටන්න පටන්ගත්තොත් අර මිනිහ ගැන තියෙන තරහ ඔයගොල්ල පිටින් යයි. බලාගෙන, ඕනවට වඩා කරනකොට එපාවෙනවා ආ. (නදී)
දැන්නම් ඕනවට වඩා වැඩියි වගේ. ගුරුවරු ආදර්ශමත් වීම වෙනුවට අධිකරණයටත් බලපෑම් කරනවා වගෙයි. මේවයින් අර මන්ත්‍රී කරපු වැඩය හොදයි කියලා අපට හිතෙයිද මන්දා.(නදී)
ගාමිණි සිරි, මම වැරදියි (නි)
ඔය කෝලම ඇති. සිසුන්ට තව පාඩු නොකර ඕක නවතන්න. උසාවියෙන් ඉතිරි ටික කරාවි (නි)
මගෙන් යෝජනාවක්. මුළු ලංකාවේම ඉන්න ගුරුවරුන් ගුරුවරියන්ගෙන් දනගහගෙන සමාව ඉල්ලන්න කියලා මොහුව පාර්ලිමේන්තුවට යවමු (නි)
අපේ රටේ ඕනෑම ඛේදවාචකයක් තව එකක් ආපු හැටියේ යට වෙනවා. ගුරුවරු මෙහෙම කරන එකෙන් මේ උණුසුම කාට කාටත් අමතක වෙන්නෑ. නැත්තම් වෙන්නේ වැරදි කරන ඕනෑම කෙනෙක් මාසෙන් දෙකෙන් එලියට ඇවිත් අරට වැඩිය දේවල් කරන එක. අපි හැමෝම මේ ගැන අවදියෙන් සිටිය යුතුයි.(අ)