(විනීතා එම්. ගමගේ)
පුත්තලම දිස්ත්‍රික්කයේ අරුවක්කාලු ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත කසල අංගනය මෙතෙක් කසල බැහැර කළ ස්ථානවලට සාපේක්ෂව සුදුසු මට්ටමක පවතින බව පරිසර සංවිධාන පවසයි .
එම කසල අංගනය ඇරඹීමට නියමිත ස්ථානය පරිසර සංවිධාන ප්‍රධානින් පිරිසක් පරීක්ෂාවට ලක් කළ අතර ඉන්පසු මෙසේ පැවසීය.
කෙසේ වෙතත් එම ස්ථානයේ කසල තැන්පත් කිරීමට පෙර එහි පතුලට ඝන වැස්මක් යෙදිය යුතු බව ද පරිසර සංවිධාන පෙන්වා දෙයි.
එම ස්ථානය පරික්ෂාවට ගිය පරිසර සංවිධාන ප්‍රධානින් අතරින් එක් අයෙකු වන පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විකානගේ මහතා ප්‍රකාශ කළේ හුණුගල් ඉවත් කරගත් විශාල ප්‍රමාණයේ වලක් මෙම කසල අංගනය සඳහා යොදාගෙන ඇති බව නිරීක්ෂණය කළ බවය.
එහි පතුලට ඝන වැස්මක් නොයෙදුව හොත් තබ්බොව ජලාශයට හිමි භූගත ජල ගබඩාව විනාශ වි යාමේ ඉඩකඩක් ඇතැයි හෙතෙම පැවසීය.
තම සංවිධානවලට එම ස්ථානය පරික්ෂාව සඳහා අවස්ථාව සැලසීම පිළිබඳව මහා නගර සහ බස්නාහිර සංවර්ධන ඇමති පාඨලි චම්පික රණවක මහතාට ස්තුතිවන්ත වන බවත් තම නිරික්ෂණ හා නිගමන අමාත්‍යවරයා වෙත දන්වා යැවු බවත් විතානගේ මහතා තවදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වුණාට අපේ විරෝධතා පක්ෂ වලට තව ඡන්ද ටිකක් හොයාගන්න හොඳ අවස්ථාවක් මේක....
වෙන රටවල නැති ගැටළුවක් අපි මවාගෙන. හැම ගෙදරකටම කොම්පෝස්ට් බින් එකක් නොමිලේ දීලා තියෙනවා. දිරන කුණු ගෙන යාම නවත්තන්න. පොලිතීන්, ප්ලාස්ටික් වගේ නොදිරන කුණු පමණක් ගෙන යන්න. ප්රශ්නය ඉබේම විසඳේවි...
මේ ව්‍යාපෘතිය මේ තරම් පරක්කු වෙන්න හේතුවක් වුනේ මේකේ මහා මොලකරු ගෝඨාභය මහත්තයා නිසයි.. පරක්කු වෙලා හරි පටන් ගත්තු එක රටට හොඳ දෙයක්..
මේ මාතෘකාවෙන් මිනිසුන් කුපිතවෙනවා නේද?
මේ පුවතට දාල තියෙන නම සාධාරණ නොවේ. මෙතෙක් කල් මීතොටමුල්ල කුණු ගොඩක් ලෙස තිබීම ගැන කිසිම දුකක් නැති වුණාට පුත්තලමට නම් දුක හිතිලා.
ප්‍රශ්නයක් විසඳගන්න ඕනේ විද්‍යාත්මක ක්‍රමවේදය, චම්පික ඇමතිතුමාගෙන් අනිත් ඇමතිවරුන්ටත් ආදර්ශයක්.