පසුගිය මාර්තු 24 වැනි දින සෞදි අරාබියේ අබා ප්‍රදේශයේ අසීර් රෝහලේ හදිසි අනතුරු අංශයට යාබද ස්ථානයක මාරාන්තික පිළිස්සුම් සහිතව අතහැර දමා ගොස් අසීරැ රෝහලට ඇතුළත් කර එදිනම මිය ගිය පුත්තලමේ වහිබ් ඉබාතුල් නසොරා (51) පස් දරු මවකගේ අවසන් කටයුතු ඊයේ අබා අල් සරප් සුසාන භූමියේදී සිදු විය. ඇගේ ස්වාමි පුරුෂයා ද පැමිණ සිටියේය.
නසොරාගේ හදිසි මරණය පිළිබදව අදහස් දක්වන එහි වෙසෙන නිමල් එඩේරමුල්ල මහතා පවසනුයේ මෙම කාන්තාවගේ මරණය පිළිබද කිසියම් හෝ සැක කටයුතු යමක් තිබෙන බව පැහැදිලි බවයි .
ඇගේ ස්වාමි පුරුෂයා පුතකු සහ පවුලේ ඥාති සහෝදරයෙකු ද සමඟ පැමිණ දින කිහිපයක් තිස්සේ තානාපති අංශ සමග අදහස් හුවමාරු කර ගත්තද කොන්සියුලර් කාර්යාලය මගින් නිකුත් කළයුතු මරණ සහතිකය සහ දේහය සෞදියේ මිහිදන් කිරීමට අවශ්‍ය වන නීතිමය ලිපි ලේඛන පවා ලබා ගැනීමට නොහැකි වූ බව කියති.
මේ නිසා ඇය වෙනුවෙන් යැපෙන්නවුනට ප්රතිලාභ අහිමි වෙතියි ද ඔහු පවසයි.
ඇය මිය යාමට දින කිහිපයකට පෙර ඇතුළු කරන ලද ග්‍රාමීය රෝහලකදී ලබාදී ඇති කටඋත්තරයකට සහ ඇගිලි සලකුණු අනුව වෛද්‍ය වාර්තාවේ නිගමනය වී ඇත්තේ මෙම කාන්තාවගේ මරණය කිසිවෙකු විසින් කරන ලද මරණයක් නොවන බවයි.
එඩේරමුල්ල මහතා පවසුවේ අයගේ ස්වාමි පුරුෂය සහ අනිකුත් පාර්ශවයන් සමග අදාළ සෞදි හාම්පුතා හට කරුණු අවබෝධ කිරීමෙන් අනතුරුව ඇය හට ලැබිය යුතු හිග වැටුප් සහ ගිවිසුම් ප්‍රකාරව වසර දෙකකට ලැබිය යුතු වැටුප් ලෙස සෞදි රියාල් 22.000 ක (රුපියල් හත්ලක්ෂ හැත්තෑ දහසක් ) ලබා ගෙන ස්වාමි පුරුෂයාට භාර දුන් බවයි.
2025 දෙසැම්බර් මස 16
81
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
879
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
පුත්තලමේ ඉපදී සෞදි ගිහින් මරුට
වනිතා බෝගහකොටුව Sunday, 26 April 2015 12:13 PM
පුච්චලා මරලා ඇඟිලි සලකුණු ගන්න ඇති එයාට හරි සිහියක් නෑනේ. සෞදි ගැන ආය මොන කථාද? මේවාට රජය වගකියන්න ඕන (බ)