මේ රටේ තියෙන්නේ ලෝකේ කොහෙවත් රටක නැති දේශීය මාධ්‍ය චින්තනයක් යැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති පැවසීය.
උදේට පුවත්පතක් බලන කෙනකුට රට ගැන ආදරයක් හැඟීමක් ඇතිවන කිසිවක් දකින්නට නැතැයි ද ජනාධිපති කීවේය.
විද්‍යාත්මක ප්‍රකාශන සඳහා වූ ජනාධිපති සම්මාන ප්‍රදානය සඳහා පැවැති උත්සවයේ දී පර්යේෂණ සඳහා දායක වූ විද්‍යාඥයෝ 232 දෙනෙක් සම්මාන ලැබූහ.
ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.
‘මාධ්‍යයට ඕනෑ කුණු රස, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, කුණු කානු, දේශපාලන ගැටුම්. එහෙම නැතිව රටක් හදන්න නොවෙයි. මාධ්‍යයට ඕනෑ ආණ්ඩු පෙරලන්න, තියෙන ආණ්ඩු අප්‍රසාදයට පත් කරන්න, මාධ්‍යයට ඕනෑ දේශපාලනඥයන් බලයෙන් පහ කරන්න, ආණ්ඩු හදන්න.‘
‘මාධ්‍යයට තියෙන්නේ එසේ මෙසේ වගකීමක් නොවෙයි. රටක් දියුණු කරන්න රටක් ගොඩනගන්න ජාතියක් විදියට ඉදිරියට යන්න ඕනෑ. ඒකට ඕනෑ කරන ප්‍රමිතිය මම පසුගිය කාලේ කතා කරලා තියෙනවා. ‘
‘උදේට කියවන පත්තරේ, නැතිනම් බලන පත්තරේ මේ මගේ රට මම මේක දියුණු කරන්න ඕනෑ කියා හැඟීමක් එනවද? රාජ්‍ය නිලධාරීන්ට මම හොඳට වැඩ කර මගේ රට දියුණු කරන්න ඕනෑ කියා හැඟීමක් එනවාද? ජනතාවට එවැනි පහන් හැඟීමක් එනවද? නැහැ. අද මුල් පිටුව තමයි රට නැති කරන පිටුව වෙලා තියෙන්නේ.‘




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමාව බලයට ගේන්න ඔය මුල්පිටුවම තමයි අත හිත දුන්නේ. දැන් ඒ අතට පහර ගහන එක යුක්ති සහගත ද? (ම)
ජනතාව කැමති රස තමයි එයාලා දෙන්නේ (නි)
දේශපාලකයන් කුණු කාණුවේ ලගිනකොට මාධ්‍යයටත්, රාජ්‍ය නිලධාරීන්ටත්, ජනතාවටවත් පහන් සිත් ඇතිවන්නේ කෙසේද? රටේ සිටින්නේ අන්ධයෝ, ගොළුවෝ, සහ මෝඩයෝ නම් මෙතුමාගේ ප්‍රකාශය සාධාරණයි. මාධ්‍ය නිවැරදි කිරීමට ප්‍රථම නිවැරදි වියයුත්තේ කුමන පාර්ශවයක්ද යන්න අපේ දේශපාලන නායකයන් තවමත් හඳුනාගෙන නොමැතිවීම ඇත්තෙන්ම කණගාටුවට කරුණකි. දේශපාලකයන් රට සූරාකන්නත්, මාධ්‍ය සහ ජනතාව රට දියුණුකරන්නත් කවර කතාවක්ද? හොරු ගැන අපට කියා රට හදන පුවත්පත් මුල්පිටු වලට ජයවේවා! (නි)
දේශපාලකයෝ තරම් කුහකයෝ ටිකක් ලංකා භූමියේ නොමැත. ඉස්සර තමයි මොවුන් ජනයාගේ කණෙන් රිංගලා ගියේ. දේශපාලකයෝ කවදාද ඔවුන්ගේ යහපත මිසක් රටේ යහපතට කටයුතු කළේ? (නි)
සම්පුර්ණ ඇත්ත. ලංකාවේ මාධ්‍ය ගැන අපිත් ඉන්නේ කළකිරිලා (නි)
ඉල්ලුමට සැපයුම නොදී ඔබතුමා කැමති දේවල් කරලා හරියනවද? (නි)
පත්තර මුල් පිටු නෙමෙයි, ඔය ඉහඳ පණුවෝ වගේ ඉන්න දේශපාලුවෝ තමයි රට කන්නේ ජනාධිපති උතුමාණනි (නි)
වැරදි පෙන්වලා දෙනකොට රිදෙන්නේ වැරදි කරන අයටයි කියලයි අපි නම් අහලා තියෙන්නේ (නි)
ඔබතුමාම කියන්න, උදාහරණයක් හැටියට මොනවාද පත්තරවල දාන්න තියෙන්නේ කියලා (නි)
වැරදි පෙන්වලා දෙන එක ගැන ඔබතුමා සතුටුවෙන්න එපායැ (නි)
වැසිකිළි ගඳ වුණත් හුරුවුණාම එ්ක හොඳයි කියන අය ඉන්නවා. ඔබතුමා සමඟ අපි එකඟයි (නි)
එතකොට ආණ්ඩුවක් ඉන්නේ පින් පඩි ගන්නද? ආණ්ඩුවේ මහත්තුරු හොරකම් කරන එක පත්තර වල දැමීම වරදක්ද? ආණ්ඩුවේ මහත්තුරුන්ගේ රට පාලනයට ඇති දුබලතාව පෙන්නාදීම වරදක්ද? එහෙම නැතුව ආණ්ඩුවට හුරේ දාන පත්තර රටට වැඩක් නැහැ. අවුරුදු දෙකක් ගිහින් රටට වෙච්ච හොඳක් නැහැ. තාම කෙඳිරි ගානවා විතරනේ (නි)
මුල් පිටුවේම දාන්නේ ඔබතුමන්ට පෙනෙන්න, නැතුව වෙන කාටවත් නොවෙයි. ඔබතුමා හැමදේම පත්තරෙන් දැනගෙන පත්තරේටම බනින එක ටිකක් විතර වැරදියි නේද? (නි)
අපේ සිරිලංකාවේ කට්ටියට නොමිලේ අධ්‍යාපනය දෙන්න ඕනෑ, නොමිලේ ආහාර දෙන්න ඕනෑ, නොමිලේ ප්‍රවාහනය දෙන්න ඕනෑ. අන්න එහෙම වුණොත් ආණ්ඩුව හොඳයි. දැන් හැමදේටම කලින් උද්ඝෝෂණ.දොස්තරලා ස්ට්‍රයික් කරන එකම රට සිරිලංකාව. ඒගොල්ලෝ කරන්නේ රැකියාවක් නොවෙයි සේවයක්. ඒගොල්ලෝ ගන්නේ පඩියක් නොවෙයි සේවයට දීමනාවක්. (නි)
බොරුවට විශ්වාසබංග යෝජනා ගේනවා මහජනයා මුලාකරන්න. අපේ ඡන්දෙන් පාර්ලිමේන්තුවට රිංගලා ටික දවසක් ගියාම හොඳ චණ්ඩි. (නි)
අද පත්තරේකට මොනවත් ලියන්න අමාරුනේ. " රට ජාතිය" කියන එකත් තමන්ට ඕනෑ හැටියට වෙනස් කරනවා. (නි)
මෙහි සත්‍යයකුත් තියෙනවා. සමහර පත්තර බැලුවොත් තියෙන්නේ බාගයක් බොරු. (නි)
මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, කුණු කානු, හොරකම්, මැරකම්, දේශපාලන ගැටුම් බහුලව සිදුවන විට මාද්‍ය ඒවා ගැන ලිවිය යුතුයි. මේවා ජනතාව දැන ගත යුතු කරුණු බවයි මගේ අදහස. එමගිනුත් රට හදන්න පුළුවන්. හංගගෙන රට හදන්නත් බැහැ මහත්තයෝ, (හේ)
ඔබතුමනේ රටේ ජනාදිපති ඔබ තම රටේ නීතිය ක්‍රියාත්මක කලයුත්තේ ඔවුන් පත්තරේ දමන්නේ රටේ සිදුවෙන දේවල් රටක හොරකම් මෙරකම් සිදු නොවේනම් පත්තරේ දමන්න දෙයක් නෑනේ .(හේ)
නැත්නම් ලියන්න ඕනේ, රෑට යාලුව වගේ හොදට එකට ආප්ප කාලා, පසුදින උදේ නැගිට, හොරෙන් ගිහින් එජාපෙ සමග නොමිනේෂන් ගත්තේ නැහැ කියලාද? මාධ්‍ය තමා වැරදි. අපේ ජහාපාලන ජනාතිපති උතුමාණෝ තමා හරි. (බ)
අනේ ජනපතිතුමෝ පත්තරේ නැත්නම් ඔයා මේ රටේ වෙන කිසිම දෙයක් දන්නේ නැහැනේ. (බ)
රටේ වෙන දුෂණ, අක්‍රමිකතා, දේශපාලකයන්ගේ කුණු ජරා වැඩ ඔබතුමා දැනගන්නෙත් පත්තරෙන් නේද? (බ)
ප්‍රේමදාස කථා කළෙත් මෙහෙම තමයි. දන්න දේකුත් නෑ නොදන්න මගුලකුත් නැහැ (බ)
රටේ තත්වය තමා පත්තරෙන් දෙන්නේ (බ)
මෙතුමා මාධ්‍ය ආයතන ප්‍රධානින් එක්කම මේවා ගැන කතාබහ කළා නම් හොඳයි කියලයි අපිට නම් හිතෙන්නේ (නි)
දැන්නම් අපිට මේ රජය ගැන තිබෙන්නේ පුදුමාකාර කළකිරීමක් (නි)
ඉල්ලුමටනේ මහත්තයෝ සැපයුම දෙන්නේ (නි)
මෙතුමා එහෙනම් පත්තරෙත් කියවනවා ඉඳහිට (නි)
මොනවා වුණත් මේ කථාවේ ඇත්තකුත් තිබෙනවා (බ)
මුල් පිටුවට තමයි අපි නම් කැමතිම (නි)
පත්තරේ ලියන්නෙ රටේ සිදුවන දේවල් නම් වරදක් නැහැ නේද (බ)
රුපවහිනියත් මාධ්‍යක්, එහෙනම් ඇයි, තවත් මාධ්‍යක දේවල් පුප්පන්නේ. රුපවාහිනී ආයතනවලත්, නිව්ස් තියෙනවා නේද ? එකෙන් රටේ ජනතාවට කියන්න පුළුවන්නේ? ඔය මුල් පිටු කියවන අය, හැම කෙනාම නැ. සමහරක් අය තනිකරම රජය හා ප්‍රධානින් විවේචනය කරමින් ඇනුම් පද කියමින් හාස්‍යට පත්කරමින් කියවන්නේ ! පත්තරවල තියෙන දේවල් නොවේ.(බ)
ඔබතුමාලට කඩේ යන්නැති වුණාම ඔහොම පේනවා (බ)
වරක් නාමල් පුවත් පතකට කියා තිබුන ලංකාවේ ටෙලිනාට්‍ය බලන්න ඔහු අකමැති හැම නාට්‍යයේම තියෙන්නේ අඬන එක නිසයි කියල. ඒ මොහොතේදී ඔහුගේ නීතිඥ මොළයට වත් වැටහුනේ නැහැ ඒ නාට්‍යය වලට පසුබිම සපයන අසරණ මිනිසුන්ගේ කඳුළුවලට ඔහුගේ පියා ඇතුළු මුළු පවුලම වග කියන්න ඕනේ කියල. මෛත්‍රීපාල මහත්තයටත් අමතක වෙලා කුණු නිපදවලා මුළු රටම ගඳ ගස්සවන්නේ මාධ්‍යයකාරයෝ නොවෙයි දේශපාලන කාරයෝ කියල. මාධ්‍යය මගින් ඒවා හෙළි නොකරන්න මුළු රටම කුණු ගොඩක් වෙනවා වෙනවාමයි. (බ)
ඔයාලගේ වැඩවල ගඳ තමා පත්තරවල තියෙන්නේ. (බ)
ඒවා පත්තරේවත් නොගියොත් රටේ ලොකු තැන්වලට දැනගන්න විදියක් නැහැනේ! (හේ)
කුණු කතා වැඩි වැඩියෙන් දැම්මාම ඒවා සාමාන්‍ය වෙනවා...තව තව මිනිස්සු ඒවා කරන්න පෙළඹෙනවා අන්න එහෙමයි කුණු මාකට් කළාම සමාජය නරක වෙන්නේ. (බ)
සහතික ඇත්ත .(හේ)
මොන කතාව බොරු වුනත් මේ කතාව බොරු නොවි. එ්කත් සිංහල පත්තරවල තමා මේ ඔක්කොම කුණු. හොදින් බලන්න ඉංග්‍රීසි පත්තරවල මේ කුණු රස නැහැනේ. (බ)
දැන් කිව්වොත් ඔහොම කතාවක්. ඉස්සර ඔහොම නෑ. (බ)
දේශපාලකයින් ජනතාව රවටා කරන තරමක් කරන්නේ තමන්ගේ බඩ වඩා ගැනීම සහ බලය රැකගැනීමෙන්. ඉතින් එම පුවත් ජනතාවට හෙළි කිරීම වරදක්ද ? (බ)
පත්තරෙන්ලු සියලු විස්තර දැනගන්නෙ. දැන් පත්තරේටම බනිනවා (නි)
අපිට දේශපාලකයන්ට වඩා පත්තර වටිනවා (නි)
උත්කෘෂ්ට මෙහෙවර ඉහළින් අගය කරනවා. තමන්ගේ පෙර පුරුද්ද, කළ පුරුද්ද, පළපුරුද්ද සහ දියුණු කරගත් බුද්ධියේ බල මහිමය තුළින් රටට සේවයක් කළ බුද්ධිමතුන් සහ විශාරදයන් පිරිසකට තමයි මේ සම්මාන දුන්නේ. (නි)
ඔබගේ හෘදය ශාක්ෂිය මිනිසුන්ට හොඳින් වැටහී ඇති මොහොතක මෙවන් කතා තවදුරටත් පළක් නොවනු ඇත. (නි)
අනේ මන්දා අපේ ජනාදිධිපතිතුමා කොහේ ගියත් මොනවට හරි බනින එක විතරමයි කරන්නේ. රටේ නායකයා මෙහෙම හැසිරීම ගැන ඉතා කණගාටුයි (නි)
මාධ්‍යය දන්නවා මිනිස්සු කියවන්න කැමති මොනවද කියා. පත්තරේ විතරක් නොවෙයි ටී වී එකේ පවා යන්නේ කුණු ටෙලි කතා මිසක් ළමයින්ට මිනිසුන්ට යමක් ඉගෙනගන්න පුළුවන් ඩොකියුමන්ට්‍රීස් වගේ දේවල් නොවෙයිනේ. ඒ අපේ මිනිස්සු කුණු රසයට කැමති නිසා. (නි)