ශ්‍රී ලංකාවේ පුවත්පත් මුද්‍රණයේ පුරෝගාමියා සේ සැලකෙන ඩී.ආර්.විජයවර්ධන මහතාගේ 65 වැනි ගුණ සැමරුම නිමිත්තෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී 2015 ජූනි මස 13 දින සවස ගිලන්පස බුද්ධ පූජාවක් හා පහන් 65ක පූජාවක් පැවැත්විණි.
ගංගාරාමාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝ නායක ගල්බොඩ ඥානිස්සර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පිංකම සිදු කෙරිණි.
පවුලේ සාමාජිකයෝද ඊට එක්වූහ.
ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා සිය සීයා වන විජයවර්ධන මහතාට පිං අනුමෝදන් කිරීමේ පිංකමේදී ගංගාරාමයේ බෝධි රාජයා වෙත ගොස් කොඩියක් පැළඳූ අවස්ථාව.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd