ඇඹිලිපිටියේ සාදයක දී පොලිසිය සමග ඇති වූ ගැටුමෙන් පසු එහි මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස මාරු කළ පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව් ඒ සෝමරත්න මහතා පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට යළි මාරු කරනු ලැබීය.
පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා ඔහු එතැනට මාරු කර ඇත්තේ රාජකාරියක් නොමැතිවය.
සෝමරත්න මහතා රෝගී තත්ත්වයෙන් පසුවන නිසා වැඩ බාර ගැනීමට ගොස් නැතැයි දැනගන්නට තිබේ. ඒ බව ඔහු උසස් නිලධාරීන්ට දන්වා ඇතැයි ද ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීවේය.
ඇඹිලිපිටියේ ගැටුමට චෝදනා එල්ල වූ සහකාර පොලිස් අධිකාරීට කුලියාපිටියට මාරු කර ඉන් පසු විවේචන එල්ල වෙද්දී ඔහු පොලිස් මූලස්ථානයට අනුයුක්ත කරද්දී අසනීප තත්ත්වයෙන් පසු වූ සෝමරත්න මහතා ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සාමාන්‍ය රාජකාරි සඳහා මාරු කිරීම පොලිස් දෙපාර්තමේන්තුවේ දැඩි කතාබහට ලක්වී තිබේ.
2025 දෙසැම්බර් මස 18
581
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැත්තක සිටි ඕඅයිසීට මරාලයක්
ආර්. ගුණසේකර Thursday, 21 January 2016 07:47 AM
ලංකාවේ හැටි ඔහොමයි (නි)
දම්මි Thursday, 21 January 2016 08:05 AM
වැරදි කිරීමට දඬුවම මාරුකිරීමද? (නි)
සරණපාල Thursday, 21 January 2016 08:57 AM
ඔය ලොකුම ලොක්ක මුළු දෙපාර්තමේන්තුවම අවුල් කරලා.(හේ)
විදානේ Friday, 22 January 2016 12:29 PM
මහත්වරු වගේ රාජකාරි කරලා නම් තව කමක් නැහැ (නි)
අබය Thursday, 21 January 2016 06:23 AM
ඕක පුදුම වෙන්න දෙයක් නැහැ. ලංකාවේ ඔක්කොම තීන්දු කැකිල්ලේ රජුරුවන්ගේ වගේනේ. (නි)
සුමිත්‍රා බස්නායක Thursday, 21 January 2016 06:26 AM
බඩුයි, නඩුයි දෙකම හාමුදුරුවන්ගේ වගෙයි (නි)
අමා Thursday, 21 January 2016 06:23 AM
මෙතුමා නිවැරදිව රාජකාරිය කරන කෙනෙක් වෙන්න ඇති (නි)
හිරෝෂි Friday, 22 January 2016 12:47 PM
මේවා ගැන පොලිස් කොමිසම දන්නේ නැද්ද? (නි)
සුරන්ජිත් Thursday, 21 January 2016 06:59 AM
දැන් දැන් මේ සිද්ධිය සම්බන්දව වැරදි කරුවන්ව පුද්ගලික හිතවත්කම් මත ආරක්ෂා කිරීමට උත්සහ දරනවා කියලා පොලිස්පති තුමාටත් චෝදනා එල්ලවෙමින් පවතිනවා. යුක්තිය ඉටුවෙන තුරු රටම බලාසිටි. (හේ)
දහම් Thursday, 21 January 2016 07:01 AM
ඔන්න යහපාලනයේ විශ්මය.(හේ)
වසන්ත Thursday, 21 January 2016 07:01 AM
එයාලට පැටළීමක් වෙලා වගෙයි (නි)