රිමාන්ඩ් භාරයේ සිටින පුතාට යට ඇඳුමේ සඟවාගෙන ආ කේරළ ගංජා මිලි ග්‍රෑම් 10 ක් සමඟ පියකු හොරණ අධිකරණය අසලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
රිමාන්ඩ් භාරයේ සිටින පුතාට යට ඇඳුමේ සඟවාගෙන ආ කේරළ ගංජා මිලි ග්‍රෑම් 10 ක් සමඟ පියකු හොරණ අධිකරණය අසලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ හරි කියල නොවෙයි මම කියන්නේ. නීති විරෝධියි. නමුත් මට නම් මේක පෙනෙන්නේ "නූගත් පියෙකුගේ ආදරය" විදියට. (ස)
හිරේ විලංගුවේ වැටී සිටින පුතකුට හොඳ අවවාද අනුසාසනා දෙනවා වෙනුවට, පුතා තවත් වැරදී මගට යොමු කරන පියෙක් , පුතා සිටින සිර ගෙයටම මෙම පියාත් යැවිය යුතුය. (ස)
මටත් පුතෙක් ඉන්නවා. මේ වගේ දෙයක් නම් අදහන්නත් බෑ. (ස)
සමහරු මෙතන, පිය පුතු සෙනෙහස ගැන කියා වක්‍ර භාවයෙන් හෝ මේ ක්‍රියාව අනුමත කරනවා. ඒ ගැන නම් බොහෝම කනගාටු හිතෙනවා.(නදී)
මේ තාත්තාමද දන්නෙ නැහැ පුතාට ගංජා පුරුදු කළේ? (නි)
තාත්තට බැනලා වැඩක් නැහැ. ගෙදර මිනිස්සුන්ට තර්ජනය කරලා ඔ ඕවා ගෙන්න ගන්නේ. තාත්තත් එක්කම හිර ගෙදරට වැටෙනවා. සමහර වෙලාවට තාත්තලා ගෙනත් දෙන්නේ තර්ජන වලටම නෙමෙයි. හිරේ යන්න බය නැති කමට. මම නම් කියන්නේ මත්ද්‍රව්‍ය වලට නීති දැඩි වුනා නම් ලොකු වෙනසක් වෙිවි මෙි රටෙි. රටේ ඉන්න ගොඩක් හොරු, මංකොල්ලකාරයො කුඩු, ගංජා ගහන්න මුදල් නැති වුනාම අවශ්‍යතාව සම්පුර්ණ කරගන්න ඕනම අපරාධයක් සිදු කරනවා. (ස)
ලොවටම ආදර්ශමත් පියෙක් මොහු . පිය පුතු ආදරය , වැරදි හෝ හරි හෝ පුතුට අවශ්‍ය දෙය ලබා දීම හොඳ පියකුගේ අදිශ්ඨානයයි . (ස)
වෛද්‍ය මතය අනුව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන්ට ඒවා එකවර නැවැත්වීම අහිතකර වේ.එනිසා කළයුත්තේ ටිකෙන් ටික ක්‍රමයෙන් අඩු කිරීමයි. සමහරවිට පියා එසේ කළා විය හැක. (නි)
මේ නම් මාර තාත්තා කෙනෙක්නෙ තමන්ගේ දරුවා හොද මග යවනවා වෙනුවට එයාව තවත් නරක මග යවන්න උදව් කරලා මෙහෙමත් තාත්තලා...... අහෝ ශ්‍රීලංකාවට වුන විනාශය...... (දී)
තාත්තලා පුතාලා එකට ගංජා ගහන තත්වයට රට පත් වෙලා දැන්. දෙමව්පියෝ හොදට හැදුනොත් දුදරුවොත් හොදට හැදෙනවා. දෙමව්පියන් වැරදි මග ගියොත්, දුදරුවොත් බොහෝ විට වැරදි මගෙහිම ගමන් ගන්නවා. (නදී)
නියම තාත්තයි පුතයි! (නි)
අදහන්න පුලුවනිද මේ මිනිසුන් ඇයි නොහිතන්නේ තම දරුවාගේ අනාගතය ගැන. අැයි මෙහෙම උනේ කියලා. දෙමාපියන්ගේ වරදින් ඔවුන් නිසි කලට නිසි මගේ නොයවපු එකේ ආනිසංස ඒ දරුවෝ අද හිර ගෙදර. හිර බත් කනවා. පහු වෙලා හරි උන්ට වැරදි අවබෝද කරලා දෙනවා වෙනුවට තව ගංජා අදිනවා. මේ මිනිහනම් තාත්තෙක් වෙන්න බැහැ..? (නදී)
මේකට තමයි කියන්නේ මතට තිත කියා. මෙහෙමත් තාත්තලා ඉන්න රටකනේ අපිත් ඉන්නේ (නදී)
දැන් දෙන්නටම එකට ඉන්න බැරියෑ (නි)
අනේ අපේ තාත්තලා බුදුවෙන්න ඕනෑ මේ අහන දේවල් එක්ක බලද්දී (නි)