බංග්ලාදේශයේ යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයකු විකට් පොල්ලකින් පහරදී මරා දමා ඇතැයි එන්ඩීටීවී පුවත් සේවය පවසයි.
විනිසුරු ලබාදුන් නිපන්දුවක් සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස් වීමක් මෙයට හේතුවී ඇතැයි කියති.
ඩකා නුවරදී අසල්වැසි මිතුරන් සමග ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටි බාබුල් ශික්දර් (16) කඩුළු රකින්නා ලෙස කටයුතු කරමින් සිට ඇති අතර පිතිකරු දැවී ගියේය. විනිසුරු එය නිපන්දුවක් ලෙස සංඥා කර ඇත. නමුත් ශික්දර් කියා ඇත්තේ විනිසුරු පිතිකරුට පක්ෂපාත ලෙස ක්‍රියා කරන බවයි. පිතිකරුට වාසි සහගත ලෙස ඔහු දැවී ගිය පන්දුව නිපන්දුවක් බව කියමින් ශික්දර් කියා ඇත්තේ මීට පෙර පන්දුවේදීද ඔහු එසේ කළ බවයි.
එයින් කෝපයට පත් පිතිකරු විකට් පොල්ලක් ගලවාගෙන ශික්දර්ගේ හිසේ පිටුපසට පහරදී ඇතැයි ඩකා පොලිස් ප්‍රධානී බුහියාන් මහබූබ් හසන් පවසයි. පහර කෑ ශික්දර් පිටිය මත ඇද වැටී ඇති අතර රෝහලට රැගෙන යන අතරතුර ඔහු මිය ගිය බව හසන් ඒඑෆ්පී පුවත් සේවයට පවසා ඇත.
ශික්දර්ට පහර දුන් පිතිකරු සොයා පොලිසිය පරීක්ෂණ අරඹා ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සමහර අය පුවත කියවන්නෙත් නැහැ. කොහෙවත් යන ඉන්දියන්කරයින්ට බනිනවා. මෙහෙම මිනිස්සු දේශපාලනය ගැන කතා කරන්නෙත් එහෙමයි. මොකක් උනත් තමන්ගේ පැත්ත වෙනුවෙන් කතා. (ර)
මෙය ක්‍රීඩාවක් නොව සූදුවක තත්ත්වයට පත්ව ඇත (නි)
අයියෝ මොකක්ද මේ වෙලා තියෙන්නේ.(හේ)
සෙල්ලම ලෙල්ලම වෙලා.(හේ)
මේ වගේ දෙයක් කවදාවත් හිතන්නේ නැතුව ඇති.(හේ)
ඉන්දියන් අය පිස්සෝ වගෙයි. එ්කට හේතුව කාගෙවත් ක්‍රීඩාවක් මොවුන් ඔලුවට ගෙන තිබීමයි. ලංකාවෙත් ඉන්නවා. එ්ත් මෙච්චර තද පිස්සෝ නැත. (නි)
නලින් හරියට හරි. කොහෙද යන්නේ මල්ලේ පොල්. (නි)
අැයි ලංකාවේ ඔය වගේ ඒවා වෙන්නේ නැද්ද? (නි)
මෝඩ කෘෘර අය,ලංකාවේ අපි කවදාවත් මෙහෙම දේවල් අහල තියෙනවද? දැන් ඉතින් මැරෙනකම්ම හිරේ ඉඳපන්කෝ, එ;කොට සනීපනේ, (බ)
එහේ ක්‍රිකට් වලදී ඔහොම වුණාට මෙහෙ රග්බි වලදී එහෙම වුණා නේද? එ්ත් හැබැයි වෙනත් විදිහකට (නි)
බමුණු ආරච්චි බමුණෙක්ම තමයි ඉන්දියාව, බංගලාදේශය අදුනන්නෙ නැති (නි)
අද ක්‍රිකට් යනු මහත්මා ක්‍රීඩාවක් නොවේ. තනිකරම සුදුවක්! මුලින්ම සුදුව පටන් ගත්තේ ඉන්දියාවේ කොටිපතියෝ. දැන් එ්ක හැම රටකටම බෝවෙලා. ලංකාවෙත් දැන් කරන්නේ සල්ලි හම්බකරන සුදුවක් හැටියට මිසක් රටට ආදරේට රට ඉහළට ගෙනෙන අදහසින් නෙමෙයි. එ්කයි අපි ක්‍රීඩාවෙන් පහළට යන්නේ. (නි)
ඔය අප්‍රිකානුවෝ ඔහොමමයි! (නි)