IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පුතා සිසුවියගේ ගවොමට මඩ ගහයි

දඹුල්ල අසළ පාසලක සිසුවකු සිසුවියකගේ සුදු ගවොමට මඩ ගැසීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිසුවියගේ මව දඹුල්ල පොලිසියට ගියාය.

ගවොම සෝදා දෙන ලෙස පොලිසිය සිසුවාගේ මවට කීවේය. ගුරුවරියක වන ඇය ගවුම සෝදා නොදුන් බව සිසුවියගේ මව යළි පොලිසියට පැමිණිලි කළාය. දෙපාර්ශවය යළි පොලිසියට කැඳවිණි. සිසුවියට අලුතින් ගවොමක් මිලට ගෙන ඇගේ මවට දෙන්නැයි පොලිසිය කීවේය.

 

 



අදහස් (0)

පුතා සිසුවියගේ ගවොමට මඩ ගහයි

මෙලනි Tuesday, 16 December 2014 05:10 AM

බලවතුන් මේ දින වල යෙදෙන මඩ ගැසීමේ ක්‍රීඩාවේ මම යෙදුනාට මොකද කියලා සිසුවාට හිතෙන්න ඇති. (නි)

:       0       0

ජෙහාන් Tuesday, 16 December 2014 05:12 AM

අපෝ මේක මොන මඩක්ද? මේ දවස් වල එහෙට මෙහෙට වේදිකාවේ රූපවාහිනියේ, පත්තරවල, පෝස්ටර් වල වීසිවෙන මඩ වල හැටියට ! (නි)

:       0       0

දිලිප් Tuesday, 16 December 2014 05:21 AM

ඇයි ඉතින් සිසුවාට එය සෝදන්න නොදෙන්නේ? අම්මලා මේවාට වගකිවයුතු නැහැ නේද? (නි)

:       0       0

සත්‍යපාල Tuesday, 16 December 2014 05:24 AM

මවගේ හැසිරීම අනුව පෙනෙනවා දරුවන් හදලා තියෙන හැටි.තම දරුවා කළ වරද නිහතමානිව පිළිගෙන එය නිවැරදි කිරීමට කටයුතු නොකිරීම තුළින් ඇය තම සිසු පරපුරටද දී ඇත්තේ නරක පුර්වාදර්ශයකි. (නි)

:       0       0

බමුණු Tuesday, 16 December 2014 05:27 AM

මේගොල්ලෝ ඔක්කොම මැට්ටෝ. එහෙමනම් අපි පුංචි කාලෙ කළ දේවලට එහෙමනම් අම්මල උසාවි යාවි. අපි දඟ කළාට අම්මල සිනහවෙන් විසඳ ගත්ත අපට පාරක් දෙකක් ගහල. (බ)

:       0       0

සෙනිත් Wednesday, 17 December 2014 02:35 AM

පොලිසියේ ඉන්නේ මොනවගේ අයද මන්දා? තේරෙන්නේ නැද්ද එයාලට මේ වගේ දෙකකදී ළමා ළපටින්ට අවවාදයක් දීලා එවැනි දේවල් නොකරන්න උපදෙසක් දෙන්න? (නි)

:       0       0

ඛාන් Tuesday, 16 December 2014 05:47 AM

ගුරුවරියක් වෙලත් වරද හදාගන්න බැරිද? පොලිසිය එහෙම කියපු එක හොඳයි (නි)

:       0       0

සරත් පියසේන Tuesday, 16 December 2014 05:54 AM

පාසලක ප්‍රශ්න පාසල තුළින් විසඳන පාසල් විනය කමිටු ක්‍රියාත්මක කිරීම ඉතාම වැදගත්. මේ ප්‍රශ්න පොලිසියට කියලා මොනවාද බලාපොරොත්තු වෙන්නේ? පාසලක නමට අවනම්බුවක් කිරීම තමන්ගේ දරුවන්ගේ අනාගතයට නරකයි (නි)

:       0       0

මැණික් Tuesday, 16 December 2014 06:03 AM

ගුරුවරිය නේද මවක් වශයෙන් තමන්ගේ ළමයාට මේ වැරැද්ද තේරුම් කරන්න ඕනෑ? (නි)

:       0       0

ටියුඩර් Tuesday, 16 December 2014 06:04 AM

දැන් ඉතින් ගවුමක් අරගෙන දෙනවද? (නි)

:       0       0

ලසිත් Tuesday, 16 December 2014 06:07 AM

තමන්ගේ දරුවන්වවත් හික්මවා ගන්න බැරි ගුරුවරු මම අනන්තවත් දැකලා තියනවා. (නි)

:       0       0

මාගලී Tuesday, 16 December 2014 06:13 AM

නියම ගුරුවරියක්. ආදර්ශය නියමයි. අම්මාටයි දුවටයි දෙදෙනාටම දඩුවම් දෙන්න ඕනෑ (නි)

:       0       0

චාන්දනී Tuesday, 16 December 2014 06:15 AM

මේ සම්බන්ධයෙන් පොලිසි යාමට පෙර සිසුවාගේ පාසලේ විදුහල්පතිට පැමිණිලි කරන්න තිබුනානේ කියලා මට හිතුනා. නමුත් එහෙම කරලාත් ක්‍රියාත්මක නොවුණ නිසා මෙහෙම වුණාද දන්නේත් නැහැ. (නි)

:       0       0

ප්‍රියා Tuesday, 16 December 2014 06:21 AM

මුන්ට පිස්සු.....(බ)

:       0       0

හෂාන් Tuesday, 16 December 2014 06:34 AM

මේ වගේ පොඩි ප්‍රශ්නයක් දෙමාපියන් දෙදෙනාට කතාකරලා විසඳගන්න තිබුණා (නි)

:       0       0

ජයනි Tuesday, 16 December 2014 06:34 AM

සමහර ගුරුවරුන්ගේ ළමයින් ළඟ කිසිම හැදියාවක් නැහැ. (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 16 December 2014 06:38 AM

අර කෙනෙක් කළා වගේ දණ ගැස්සුවා නම් මොකද? (නි)

:       0       0

සමන්ති Tuesday, 16 December 2014 01:06 PM

දැන් මඩ ප්‍රස්නයක් නොවේ. මඩ සෝදන පැකට්ටුවක් අරන් දෙමු. (ර)

:       0       0

රුවන් Tuesday, 16 December 2014 06:52 AM

පොලිසියට කිසිම අයිතියක් හෝ බලයක් නැහැ [නීතිය පැත්තෙන්] සිසුවාගේ මවට ගවුම හෝදන්න කියන්නවත්,ගවුමක් අරන් දෙන්න කියන්නවත්.(හේ)

:       0       0

රුවන් Tuesday, 16 December 2014 06:51 AM

පොලිසියට කිසිම අයිතියක් හෝ බලයක් නැහැ[නීතිය පැත්තෙන් සිසුවාගේ මවට ගවුම හෝදන්න කියන්නවත්, ගවොමක් අරන්දෙන්න කියන්නවත්. (නදී)

:       0       0

රුවන් Tuesday, 16 December 2014 06:53 AM

මෙවැනි සුලු දේවල් වලටත් පොලිසි යනවා නම් මේ මවට හොඳට පොලිසි, උසාවි ගිහින් පුරුදු ඇති. (නදී)

:       0       0

කැලුම් Tuesday, 16 December 2014 06:55 AM

මේ ළමය දේශපාලනයට ඉතාම සුදුසුයි. (නදී)

:       0       0

සේන Tuesday, 16 December 2014 06:59 AM

ගුරුවරියගේ බලාපොරොත්තුව පුතා දේශපාලකයෙක් කරන්න වෙන්න ඇති. (නදී)

:       0       0

සිසිර-සෞදි Tuesday, 16 December 2014 07:40 AM

පාසල් සිසුනුත් දැන් හැම දකටම අහුවෙනවා . කොතැනට වැරැද්ද ? (අ)

:       0       0

ඇසළ Tuesday, 16 December 2014 08:24 AM

පලා බබෙක්ගේ ළමයෙක් උනානම් දන ගහගෙන ඉන්න තිබුන හේදීම කෙසේ වෙතත්. (ස)

:       0       0

සුනිල් ගිකියන්ගේ Tuesday, 16 December 2014 08:40 AM

මම බාලාංශ පංතියේ ඉන්නකොට අපිට ඉගැන්නුව ගුරුවරියගෙ පුතාත් ඉගෙන ගත්තේ අපිත් එක එක පංතියේ. අපේ අම්මට කියල අඩල අඩල පුංචි පාටපෙට්ටියක් මම ගෙන්න ගත්තා. ඒක පංතියට ගෙනිච්ච මුල්ම දවසෙම අර පුතා මගේ පාට දෙකක් කැඩුව ඔන කමින්. මම අපේ පංතියේ ගුරුවරිය වුනු එයාගෙ අම්මට ඒ පැමිණිල්ල කළාම ඇය ඇහැවුවා පාට කැඩෙන්නේ නැති ඒවාද කියල. මම මගේ පාටෙ කැඩුණු එකට හරියට ඇඩුවා. හැබැයි ගෙදර ගිහින් කිවුවේ නැහැ. (ර)

:       0       0

හෆීල් Tuesday, 16 December 2014 08:59 AM

මේ ගුරුවරිය ළඟ ඉගෙනගත්තා නම් ඉවරයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 790 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site