දඹුල්ල අසළ පාසලක සිසුවකු සිසුවියකගේ සුදු ගවොමට මඩ ගැසීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිසුවියගේ මව දඹුල්ල පොලිසියට ගියාය.
ගවොම සෝදා දෙන ලෙස පොලිසිය සිසුවාගේ මවට කීවේය. ගුරුවරියක වන ඇය ගවුම සෝදා නොදුන් බව සිසුවියගේ මව යළි පොලිසියට පැමිණිලි කළාය. දෙපාර්ශවය යළි පොලිසියට කැඳවිණි. සිසුවියට අලුතින් ගවොමක් මිලට ගෙන ඇගේ මවට දෙන්නැයි පොලිසිය කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලවතුන් මේ දින වල යෙදෙන මඩ ගැසීමේ ක්‍රීඩාවේ මම යෙදුනාට මොකද කියලා සිසුවාට හිතෙන්න ඇති. (නි)
අපෝ මේක මොන මඩක්ද? මේ දවස් වල එහෙට මෙහෙට වේදිකාවේ රූපවාහිනියේ, පත්තරවල, පෝස්ටර් වල වීසිවෙන මඩ වල හැටියට ! (නි)
ඇයි ඉතින් සිසුවාට එය සෝදන්න නොදෙන්නේ? අම්මලා මේවාට වගකිවයුතු නැහැ නේද? (නි)
මවගේ හැසිරීම අනුව පෙනෙනවා දරුවන් හදලා තියෙන හැටි.තම දරුවා කළ වරද නිහතමානිව පිළිගෙන එය නිවැරදි කිරීමට කටයුතු නොකිරීම තුළින් ඇය තම සිසු පරපුරටද දී ඇත්තේ නරක පුර්වාදර්ශයකි. (නි)
මේගොල්ලෝ ඔක්කොම මැට්ටෝ. එහෙමනම් අපි පුංචි කාලෙ කළ දේවලට එහෙමනම් අම්මල උසාවි යාවි. අපි දඟ කළාට අම්මල සිනහවෙන් විසඳ ගත්ත අපට පාරක් දෙකක් ගහල. (බ)
පොලිසියේ ඉන්නේ මොනවගේ අයද මන්දා? තේරෙන්නේ නැද්ද එයාලට මේ වගේ දෙකකදී ළමා ළපටින්ට අවවාදයක් දීලා එවැනි දේවල් නොකරන්න උපදෙසක් දෙන්න? (නි)
ගුරුවරියක් වෙලත් වරද හදාගන්න බැරිද? පොලිසිය එහෙම කියපු එක හොඳයි (නි)
පාසලක ප්‍රශ්න පාසල තුළින් විසඳන පාසල් විනය කමිටු ක්‍රියාත්මක කිරීම ඉතාම වැදගත්. මේ ප්‍රශ්න පොලිසියට කියලා මොනවාද බලාපොරොත්තු වෙන්නේ? පාසලක නමට අවනම්බුවක් කිරීම තමන්ගේ දරුවන්ගේ අනාගතයට නරකයි (නි)
ගුරුවරිය නේද මවක් වශයෙන් තමන්ගේ ළමයාට මේ වැරැද්ද තේරුම් කරන්න ඕනෑ? (නි)
දැන් ඉතින් ගවුමක් අරගෙන දෙනවද? (නි)
තමන්ගේ දරුවන්වවත් හික්මවා ගන්න බැරි ගුරුවරු මම අනන්තවත් දැකලා තියනවා. (නි)
නියම ගුරුවරියක්. ආදර්ශය නියමයි. අම්මාටයි දුවටයි දෙදෙනාටම දඩුවම් දෙන්න ඕනෑ (නි)
මේ සම්බන්ධයෙන් පොලිසි යාමට පෙර සිසුවාගේ පාසලේ විදුහල්පතිට පැමිණිලි කරන්න තිබුනානේ කියලා මට හිතුනා. නමුත් එහෙම කරලාත් ක්‍රියාත්මක නොවුණ නිසා මෙහෙම වුණාද දන්නේත් නැහැ. (නි)
මුන්ට පිස්සු.....(බ)
මේ වගේ පොඩි ප්‍රශ්නයක් දෙමාපියන් දෙදෙනාට කතාකරලා විසඳගන්න තිබුණා (නි)
සමහර ගුරුවරුන්ගේ ළමයින් ළඟ කිසිම හැදියාවක් නැහැ. (නි)
අර කෙනෙක් කළා වගේ දණ ගැස්සුවා නම් මොකද? (නි)
දැන් මඩ ප්‍රස්නයක් නොවේ. මඩ සෝදන පැකට්ටුවක් අරන් දෙමු. (ර)
පොලිසියට කිසිම අයිතියක් හෝ බලයක් නැහැ [නීතිය පැත්තෙන්] සිසුවාගේ මවට ගවුම හෝදන්න කියන්නවත්,ගවුමක් අරන් දෙන්න කියන්නවත්.(හේ)
පොලිසියට කිසිම අයිතියක් හෝ බලයක් නැහැ[නීතිය පැත්තෙන් සිසුවාගේ මවට ගවුම හෝදන්න කියන්නවත්, ගවොමක් අරන්දෙන්න කියන්නවත්. (නදී)
මෙවැනි සුලු දේවල් වලටත් පොලිසි යනවා නම් මේ මවට හොඳට පොලිසි, උසාවි ගිහින් පුරුදු ඇති. (නදී)
මේ ළමය දේශපාලනයට ඉතාම සුදුසුයි. (නදී)
ගුරුවරියගේ බලාපොරොත්තුව පුතා දේශපාලකයෙක් කරන්න වෙන්න ඇති. (නදී)
පාසල් සිසුනුත් දැන් හැම දකටම අහුවෙනවා . කොතැනට වැරැද්ද ? (අ)
පලා බබෙක්ගේ ළමයෙක් උනානම් දන ගහගෙන ඉන්න තිබුන හේදීම කෙසේ වෙතත්. (ස)
මම බාලාංශ පංතියේ ඉන්නකොට අපිට ඉගැන්නුව ගුරුවරියගෙ පුතාත් ඉගෙන ගත්තේ අපිත් එක එක පංතියේ. අපේ අම්මට කියල අඩල අඩල පුංචි පාටපෙට්ටියක් මම ගෙන්න ගත්තා. ඒක පංතියට ගෙනිච්ච මුල්ම දවසෙම අර පුතා මගේ පාට දෙකක් කැඩුව ඔන කමින්. මම අපේ පංතියේ ගුරුවරිය වුනු එයාගෙ අම්මට ඒ පැමිණිල්ල කළාම ඇය ඇහැවුවා පාට කැඩෙන්නේ නැති ඒවාද කියල. මම මගේ පාටෙ කැඩුණු එකට හරියට ඇඩුවා. හැබැයි ගෙදර ගිහින් කිවුවේ නැහැ. (ර)
මේ ගුරුවරිය ළඟ ඉගෙනගත්තා නම් ඉවරයි. (නදී)