නැගෙනහිර පළාත් සභාවේ ප්‍රබලයකුගේ ජනපතිවරණ ප්‍රචාරක කාර්යාලයක ඡන්ද අල්ලස් වශයෙන් පෙර පාසල් දරුවනට බෙදා දීමට ගෙනා බව කියන පොත් පත් මැතිවරණ නිලධාරීන්ද සමග ගොස් අත් අඩංගුවට ගත් බව කන්තලේ පොලිසිය කියයි.
තැපැල් ඡන්දය පැවති දිනයේ පොත් පත් බෙදාදීම ගැන ත්‍රිකුණාමල සහකාර මැතිවරණ කොමසාරිස්ට ලැබුණු පැමිණිල්ලක් අනුව ඔහු පොලිසිය සමග එහි ගිය බවත් එසේ යනවිට පොත් බෙදා දුන් අයද පොත් ගැනීමට පැමිණි අයද හිස් ලූ ලූ අත දිවූ බවත් සිද්ධිය ඇසින් දුටුවෝ කියති.
පොත් ලබා ගන්නා අයට වාඩිවීම සඳහා එහි තිබුණු පුටු 250ක්ද පොත් පත්ද රැගෙන ගිය බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදිහට අල්ලස් දීල හරි ඡන්දය ගන්න පොරකන්නන් එලවන්න කාලය හරියි කියල දැන්වත් අවබෝද කරගන්න. දෙන දේ ගන්න මොකද මේ අපේම සල්ලි තමයි. (නදී)
හෙට අනිද්දා වෙනකොට තවත් කවුරු කවුරු දුවන්න ගනීද දන්නේ නැහැ! (නි)
පොලිසිය හෝ මැතිවරණ කාර්යාලයෙන්ම ඔත්තුවක් සංවිධායකයින්ට ලැබිල ඇති පැමිණිල්ල ගැන හා වැටලීම ගැන (නදී)
හොඳ වැඩක් (නදී)
මේ පාරනම් ලොක්කා හොදටම බයවෙලා කරන්න තියන,දෙන්න තියන හැමදෙයක්ම කරනවා,දෙනවා,නීති රීති ගැන බලන්න නෙත් නෑ.පවු දෙවියෙනේ බලය නැති වෙනවට තියෙන බය. (ස)
පව් පොඩි අය මල් වගේ (නදී)
යහපාලනයට දැන්මම පුරුදුවෙන්න පොලිස් නිලධාරී මහතුනේ ඔබලාට සුබ පැතුම් !(හේ)