IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පණ්ඩිත විමලරතන නාහිමි ගුණ සැමරේ

සියම් මහා නිකායේ කල්‍යාණී සාම ග්‍රී සංඝ සභාවේ ප්‍රධාන සංඝනායක  අපවත් වී වදාළ  පණ්ඩිත ගැට්ටෙපොල විමලරතන මාහිමියනට  පින්පතා මතක වස්ත්‍ර පූජාමය පින්කමක් ලන්ඩන් නුවර තේම්ස් බෞද්ධ විහාරයේදී  පැවැත්විණි.

ගම්පහ විද්‍යාරවින්ද මහා පිරිවෙනාධිපති ධුරය හෙබවූ උන්වහන්සේ අපවත් වුයේ වයස අවුරුදු 104 දීය.

විහාරාධිපති  කහත්තේවෙල චන්ද්‍රජෝති හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ විහාරස්ත දායක කාරකාදීන්ගේ සංවිධායකත්වයෙන් පැවතී මෙම සුවිශේෂ පිංකම සඳහා ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක  බෝගොඩ සීලවිමල නාහිමි, ප්ලාස්ටෝ ලුම්බිණි විහාරාධිපති  මාකුරේ මංගල හිමි, බම්බරකොටුවේ ආනන්ද මංගල හිමි, කොළඹ සේරුවිල බෞද්ධ විහාරාධිපති පුජ්‍ය කොටපොල අමරකිත්ති නාහිමි, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි  පුජ්‍ය අස්සජී හිමි, ස්කොට්ලන්ත බෞද්ධ විහාරවාසී පුජ්‍ය දෙනගම ධම්මාරාම හිමි සහ තේම්ස් බෞද්ධ විහාර වාසී පුජ්‍ය කරවිලකොටුවේ ධම්මතිලක හිමි  තේම්ස් බෞද්ධ විහාරයේ දායකයන් සහ හිතවතුන්ද සහභාගී වුහ.

අපවත්වී වදාළ මහනා හිමියන්ගේ  දීගු කාලීන සේවාවෙන් 

බෞද්ධ සාසනයේ පුනර්ජීවනය සඳහාත් පොදුවේ  ශ්‍රී ලාංකික බෞද්ධ යන්ගේ ධර්මඥානය මෙන්ම යහගුණය නගාසිටුවීම සඳහාත් සිදුවූ අති විශාල පිහිට පිළිබඳව සිහිපත් කරමින්  චන්ද්‍රජෝති හිමියෝ අනුශාසනාවක්  පැවැත් වුහ.

ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමියන් පැවසුවේ අපවත්වී වදාළ මහා නාහිමියන් වහන්සේ අතින් සිදුවූ අනුපමේය සේවා වෙනුවෙන් මුළුමහත් ශ්‍රී ලංකා බෞද්ධ ජනතාවම උන්වහන්සේට ණයගැති විය යුතු බවයි. ශ්‍රී ලංකාවේ නිර්මල බුදුදහම සුරැකිව චිරාත්කාලයක් පවත්වාගෙන යාම සඳහාත් නව පරපුර අතර ප්‍රචලිත කැරවීම සඳහාත් උන්වහන්සේ තම ජීවිතයම කැපකළ බව පැවසු සීලවිමල නාහිමියන් සඟ සසුන සඳහා ගුණවත් නැණවත් සංඝයාවහන්සේ අප්‍රමාණ සංඛ්‍යාවක් පුහුණුකරවමින් සිදුකල මෙහෙය අති උත්තම බවද මතක්කර දුන්නේය.

තේම්ස් බෞද්ධ විහාර දායක සභාවේ සභාපති දොස්තර හේරත් කුලරත්න පිංකම සඳහා සහභාගීවූ මහා සංඝරත්නයට සහ සියලුම ගිහි පින්වතුනට සිය කෘතඥතාවය පළ කළේය.

 

 

 

 



අදහස් (0)

පණ්ඩිත විමලරතන නාහිමි ගුණ සැමරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site