ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ජල සහ විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක් ලබාදීමට අද (24) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ඒ අනුව ඔවුන්ට සිය ජල හා විදුලි බිල්පත් ගෙවීමට මාසයක සහන කාලයක් ලබාදෙන බව මුදල් ඇමැති රවී කරුණානායක පැවසීය.
ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ජල සහ විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක් ලබාදීමට අද (24) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ඒ අනුව ඔවුන්ට සිය ජල හා විදුලි බිල්පත් ගෙවීමට මාසයක සහන කාලයක් ලබාදෙන බව මුදල් ඇමැති රවී කරුණානායක පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අාණ්ඩුවේ මැති ඇමතිලාට තියන කෝටි ගණන් වල කාර් මදිවෙලා. අලුතෙන්ම අලුතෙන්ම කාර් ඕනෑවෙලා. අලුතෙන්ම බිල්ඩින් ඕනෑවෙලා. මේ ඔක්කොම බිල් දාන්නේ පරණ ආණ්ඩුවට. (නි)
මේක දේශපාලකයන්ගේ හිකමීම සහ අවංකකම මනින්න අවස්ථාවක්. (නි)
රජය පවා අසරණවෙලා (නි)
රජයට පුළුවන්නේ පිටරටින් ලැබෙන මුදල් අාධාර වලින් මේ ජනතාවගේ ජල/විදුලි බිල්පත් පියවන්න. එ්කත් මේගොල්ලන්ට කරන සහනයක් තමයි. (නි)
පීඩාවට පත් ජනතාවට විතරක් නෙවෙයි දැනටත් ඕනම කෙනෙකුට හිඟ විදුලි බිල්පත් ගෙවීමට මාස තුනක පමණ සහන කාලයක් ලැබෙනවා. ඉන් පසුවත් එම මුදලින් කොටසක් ගෙවා විදුලිය විසන්දි කිරීම වලක්වා ගත හැකියි. (ම)
අගය කළයුතු කාර්යයක් (නි)
නියම වැඩක්. (නි)
ජයරත්න, ඔබට මේ කියන දේ තේරෙන්නේ නැහැ වගේ. දැනටත් බිල්පත් නොගෙව්ව ඔය කියන මාස තුනේ සහන සීමාවේ ඉන්න අය ඉන්නවා මේ විපතට පත්වුණ අය අතර. අන්න ඒ අය ඇතුළු කිසිවෙකුගේ විදුලිය මාසයක් යනතුරු විසන්ධි නොකරන බව මේ කියන්නේ. එක මේ අයට ලොකු සහනයක්. ඒ වගේම මේ පුද්ගලිකව උදව් කරන අය තව දවස් දෙක තුනක් මේ දේවල් කරාවි. ඒත් රජය තමා මේ මිනිස්සු නැවත සුපුරුදු ජන ජීවිතයට පත්වන තුරු සියලු දේ කරන්නේ. (නි)
ආණ්ඩුව මෙච්චර හිඟමනේ නම් යන්නේ අපි එකතුවෙලා මේ බිල් ටික ගෙවමු මොකද මෙතුවක් ඔවුන්ට අාහාර වේල පවා දුන්නේ මිනිස්සු එකතුවෙලානේ ගිණුමක් අැරඹුවනම් අපට පුළුවන් අාධාර කරන්න පිට රටින් ලැබෙන අාධාර දේශපාලුවන්ට හොරාකන්න කියල (බ)
මෙදා පාර සාමාන්‍ය ජනයා ගේ සැලකිල්ල ආණ්ඩුවේ අඩු සැලකිල්ල වඩාත් හොදින් දැක ගන්න ලැබුන.මේ සහනය ලබාගන්න බැරි ගෙවල් දොරවල් කැඩී බිදී ගිය , පොලොවට යට වෙච්ච කීදෙනෙක් ඇද්ද. අඩුම තරමේ සියලු ළමයින්ට පාසල් නිල ඇදුම් කට්ටල 3 ක් වත් නොමිලේ ලබාදිය යුතුයි. (බ)
ඔය මහා ව්‍යසනයක් ආවේ මිනිස්සු එක්ක තරහකට නෙමෙයි . මේ ආණ්ඩුව එක්ක තරහටයි .බොරු කියල බදු වැඩි කළා විතරයි මහා ව්‍යසනයක් ආව .ජනතාවට රට කරන්න අමාරුයි කියල අධික බදු ගහල ඡන්ද 3000 ක් විතර ගත්ත අයටත් ලක්ෂ 500 කාර් අරන් දුන්න ..පවු අර වැස්සේ ස්කුටර් එකේ ගිය නංගි. අපි නම් හිතුවේ අගමැති තුමා රටටම ආදර්ශයක් දෙන්න ඇල්ටෝ හරි ඩිමෝ බට්ටෙක්ගේ හරි නැගල පාර්ලිමේන්තු යයි කියලයි (බ)
ගැටළුවක් නැතුව ප්‍රශ්න විසදෙනකොට ඉරිසියාව හැදෙනවා ඕකට බෙහෙත් නැහැ (ම)
මේ සති අන්තය වන විට මේ සියලු පුද්ගලික ආධාර නවතිනු ඇත. එවිට නිවාස පිළිසකර කිරීම, අහිමි වූ ජීවිත වලට වන්දි ගෙවීම, පාසල් නැවත අලුත්වැඩියා කර පවත්වාගෙන යාම, අවදානම් කලාපවල පදිංචිකරුවන්ට නැවත ස්ථිර වාසස්ථාන ඉදිකර දීම යන මෙකි නොකී දහසකුත් දේ කිරීම රජය විසින් කරනු ඇත. මේ විදුලි සහ ජාල බිල්පත් සදහා ලබා දී ඇති සහන කාලය තව මසක් හෝ දෙකක් දික් කරන්නේ නම් තවත් හොඳයි. (නි)