ශ්‍රී ලංකන් එයාර් ලයින් ආයතනයේ වංචා දූෂණ සෙවූ ජේ සී වැලි අමුණ කමිටුවෙන් චෝදනා නඟා ඇති ප්රධානියකුට එම වාර්තාවෙන් පසු දෙවැනි වරටත් සඳුදා (22) සේවා දිගුවක් ලබා දී ඇතැයි ශ්‍රී ලංකන් එයාර් ලයින් ආරංචි මාර්ග කියයි.
ඔහු 2012 ජනවාරි මාසයේ සේවයට බඳවාගෙන ඇත්තේ නිසි කාර්ය පටිපාටියකින් තොරව බව සඳහන් කර ඇති වැලිඅමුණ වාර්තාව ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බව නිර්දේශ කර තිබේ.
2015 ජනවාරි මාසය වන විට එම ප්‍රධානියාගේ මාසික වැටුප රුපියල් ලක්ෂ හතරහමාරක් පමණ බව ද එම වාර්තාවේ සඳහන් විය.
වැලි අමුණ කමිටුවෙන් නඟා ඇති තවත් චෝදනාවක් වනුයේ ඔහු මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ ඡන්ද විචාරක වැඩට එයාර් ලංකා සේවකයන් මුදා හැරිම බව සඳහන් වෙයි.
එම වාර්තාවෙන් පසු 2015 නොවැම්බර 20 වැනි දා යළි ඔහුට සේවා දිගුවක් ලබා දී ඇති අතර එම කාලය පසුගිය 20 වැනි දා අවසන් විය.
ඒ අනුව ශ්‍රී ලංකන් එයාර් ලයින්හි අධ්යක්ෂ මණ්ඩලයේ තීරණයක් අනුව ඔහුට යළි මාස හයක සේවා දිගුවක් ලබා දී තිබේ.
ශ්‍රී ලංකන් එයා ලයින් ආයතනයේ සභාපති අජිත් ඩයස් මහතාගෙන් කළ විමසීමකදී ඔහු කීවේ එම ප්‍රධානියාගේ සේවය මාස හයකින් දිගු කිරීමට අධ්යක්ෂ මණ්ඩලය තීරණය කළ බවයි.
‘ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ සිකියුරිටි කොමිසමක ඔහු ඉන්නවා. මේ අවස්ථාවේ ඔහු වගේ අත්දැකීම් ඇති හොඳ පුද්ගලයෙක් හොයාගන්න අමාරුයි. ඒ නිසා තමයි ඔහුගේ සේවය දීර්ඝ කරන්නේ. ‘ යැයි ඔහු කීවේය.
වැලිඅමුණ වාර්තාවෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති නිසා සේවය දීර්ඝ කිරීම සුදුසුදැයි විමසූ විට සභාපති කීවේ වැලිඅමුණ වාර්තාවේ ඇතැම් දෑ සියයට සියයක් නිවැරදි නොවන බවයි.
ජාතික සේවක සංගමයේ ප්‍රකාශකයකු කීවේ මේ නිලධාරියාගේ සේවය දිගු නොකරන ලෙස අගමැතිගෙන් සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතාගෙන් ලිඛිතව ඉල්ලා ඇති බවයි.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙකු කීවේ මොහුගේ සේවය දිගු නොකරන ලෙස ශ්‍රී ලංකන් එයා ලයින් සමාගමට දැනුම් දී තිබූ බවයි. එහෙත් සේවය දිගු කරන බව අමාත්‍යංශය නොදැන සිටි බවත්, එය දැන ගත් වහාම එම ආයතනයෙන් කරුණු විමසීමට කටයුතු කළ බවත් ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ලොක්කෙකුගේ හිතවතෙක් නම්, සුදුසු කම් නැතත් වෙනත් සුදු අලි ආයතනයක මීට වඩා ලොකු තනතුරක් දෙන්න තිබුනානේ, එතකොට ප්‍රශ්නේ ඉවරයි. (බ)
ගගන නමින් ප්‍රතිචාර දක්වලා තියෙන්නේ එම නිලධාරියාමද (බ)
බලාපොරොතු සුන්වෙලා නොමැත (බ)
සේන කියන එක ඇත්ත. 2020 වනවිට යහපාලන රජය සම්පූර්ණයෙන්ම පහුගිය රජය ගමන් ගත් පීල්ලේන්ම ගමන් කරාවි. ඊළඟ ඡන්දය එනකොට, තවත් නායකයක් තවත් අමුතු මාතෘකාවක් සමග ඉදිරිපත් වේවි. ආයිත් ජනතාව සුපුරුදු පරිදි රැවටනවමයි. (බ)
ඇත්තටම මේවිදියට යනකොට අපේ රටට ජනාධිපති කෙනෙක් අගමැති කෙනෙක් අවශ්‍යම නැහැ ..? නිකම් බොරුවට මේ චන්ද තියමින් කෝටි ගණන් මහජන මුදල් වියදම් කරන්නේ ..?(හේ)
ඔය වැලිඅමුණ වාර්තාව හදපු විදියත්, එහි ඇති ස්වාධීනත්වය ගැනත් බරපතල ප්‍රශ්න ඇති බව ඒ දවස්වලම සඳහන් වුණා. මේ ආණ්ඩුව බලයට ගෙනෙන්න වැඩකරපු කෙනෙක්ගෙන් ඊට කලින් ආණ්ඩුවේ ක්‍රියාකාරකම් ගැන ස්වාධීන වාර්තාවක් ඉල්ලන්නේ කොහොමද. ඒ වගේම මේ වාර්තාව හදන්න ගත් මුදලත් නිරපරාදයේ දුප්පත් මිනිසුන්ගේ පොකැට්ටුවෙන් ගියා (නි)
"ඔහු වගේ අත්දැකීම් ඇති හොඳ පුද්ගලයෙක් හොයාගන්න අමාරුයි. ඒ නිසා තමයි ඔහුගේ සේවය දීර්ඝ කරන්නේ“ යැයි ඔහු කීවේය. එහෙනම් මෙයා ඉවත්ම වුණොත් ශ්‍රී ලංකන් එයාලයින් ආයතනය වහනවද? (නි)
කවුද කියලා කිවුවා නම් තමයි හොඳ (නි)
ඕක මොකක්ද ඔය කියන විදිහට පාඩු ලබනවා නම් ඕකේ ප්‍රධානියගේ පඩිය ලක්ෂ 35 වෙන්නේ කොහොමද , (හේ)
රොමේෂ් කියන දේ ඇත්ත. මර්වින් මැතිතුමා ජනතාව වෙනුවෙන් හැමදාම හඬනැඟුවා. ඩෙංගු උවදුර තුරන්කිරීමට විශාල සටනක් කළා. එකල නිදහස් පක්ෂයේ හිටපු පරිණතම දේශපාලකයා මර්වින්. නමුත් එතුමාට ජනාධිපති අපේක්ෂකත්වය නොදී මහින්ද තුන්වෙනි පාරටත් ඉල්ලුවා. අද මල් පොහොට්ටුවේ නායකත්වයට මර්වින් ගෙනෙන්න ජනතාව වලිකනකොට මහින්දව ගෙනෙන්න හදනවා.නමුත් අපි නිහඬයි. අපිට හැමදාම වැරදුනේ එතන. (නි)
මම නම් මොකුත් කියන්නේ නැහැ. මොකද ප්‍රවෘත්තියේම තියෙනවා උත්තරය. "‘ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූ සිකියුරිටි කොමිසමක ඔහු ඉන්නවා" (නි)
මේ සුන්දර අපගේ රටයි! (නි)
ගගන, ඔයාට පෙනෙන දේ අපේ බකපණ්ඩිතයන්ට පෙනෙන්නේ නැහැ. එ්ක කණගාටුවට කරුණක්. (නි)
නිස්සෝ සුදුස්සෝ යටකොට පුස්සෝ වැඩදෙනවා යමරෙට එහෙම රටකට සෙතක් වේවිද .. අවුරුදු 68ක් පුරාවටම වැරදි පාලකයෝ පත්කරගත් ජනතාව ඔව්න්ගෙන් නිවැරදි තීරණ බලාපොරොත්තුවෙනවා.. වපුරන දෙය තමයි අස්වැන්න විදිහය කපන්න වෙන්නේ. ඒ නිසා හොඳ දේ තෝරාගමු දැන්වත්. (බ)
අපි හැදී රට හදමු. දේශපාලකයන්ගේ සහ අදාළ නිලධාරීන්ගේ ප්‍රතිපත්තිය ඒකයි (නි)
චෝදනා නැගීම , හෝ විනය පරීක්ෂණයක් පැවැත්වීමට නිර්දේශ කළ පමණින් කෙනෙකු වැරදි කරුවෙකු වෙන්නේ නැහැ .(ම)
මෙතන ප්රශ්නය තියෙන්නේ කබීර් හෂීම්. මනුස්සයාට මේ පුද්ගලයාව වෙනස් කරන්න උපරිම උත්සහයක් දරනවා. වරදක් හොයාගන්න බැරුව තප්පුලනවා. අස්කළොත් එතකොට ඥාතියෙකුට අලුත් දේශපාලන පත්වීමක් දෙන්න පුළුවන් නේ. වැඩකරන මිනිසුන්ගේ හොඳ නරක මේගොල්ලන්ට වැඩක් නැහැ. (බ)
කවුරු පත්කළත් ඔහු සේවයට සුදුස්සෙක් නම් සේවාව දීර්ඝ කරන එක ප්‍රශ්නයක් නොවේ. (නි)
යහපාලනය ගැන තිබු සියලු බලාපොරොත්තු දැන් සුන්වී ඇත (ම)
රොමේෂ් ඔබ හරි. අර දීපාල් සිල්වාගේ සින්දුවේ තාලයට තමයි රට අායෙත් යන්නේ. “සෙතක් වේවිද එහෙම රටකට ඕයි...“ අභිමානයෙන් ජීවත්වීමට කවද හැකිවේවිද? (නි)