කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය ගල්බඩ ඥානිස්සර නා හිමියන්ගේ 73 වැනි ජන්ම දිනය නිමිත්තෙන් කොම්පඤ්ඤවීදිය වටරවුම බෝධිය ඉදිරිපිට විහාරයේ දානමය පිංකමක් අද (14) පැවැත්විණි.
නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක, පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්වූහ.
ඉන්ද්‍රා ට්‍රේඩර්ස් අධිපති ඉන්ද්‍රා ද සිල්වා මහතා ඥානිස්සර හිමියන්ට උපන්දින තිළිණයක් ලෙස නවීන පන්නයේ සුඛෝපභෝගී මෝටර් රථයක් ද ප්‍රදානය කළේය.
මේ අතර ඥානිස්සර නාහිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් අද හික්කඩුව සීනිගම ශ්‍රී ජිනරතන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අතින් විවෘත කැරිණි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද ඊට එක්විය.
එඩ්වින් තිලකරත්න මහත්මිය විසින් පූජා කරන ලද ඉඩමේ මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඉදිකර ඇත.
ඡායාරූප - ගයාන් අමරසේකර
ඡායාරූප - දීපාල් සිල්වා
ඡායාරූප/වීඩියෝ - ශාන්ත රත්නායක














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබවහන්සේට දීර්ඝායු වේවා! (නි)
සර් සහ ගෝලයා දෙන්නම ඉන්නේ..(බ)