(යොහාන් භාසුර)

‘පොඩි මැණිකේ’ දුම්රියේ වායූසමන කළ පළමු පංතියේ මැදිරියක ප්‍රවේශපත් නොමැතිව ගමන් කළ විදේශිකයන් දෙදෙනෙක්ට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනම් කළ දුම්රිය ස්ථානාධිපතිවරු දෙදෙනා සහ නියාමකයා වාහාම සේවයේ පිහිටුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද  මූලික වාර්ථාවක් කැඳවා කරුණු පරික්ෂා කළ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සේවය අත්හිටවූ දුම්රිය ස්ථානාධිපතිවරු දෙදෙනා සහ දුම්රිය නියාමකවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉදිරි විනය ක්‍රියාමාර්ගයවලට යටත්ව නැවත සේවයේ පිහිටුවූ බව ද එම නිලධාරියා කීය.

මෙම වැඩ තහනම සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපති සංගමය සහ දුම්රිය නියාමක සංගමය ද කරුණු ඉදිරිපත් කර තිබූ බව වාර්තා වේ.