රජයේ සේවකයන්ගේ වැටුප් පවා ගෙවා ගැනීමට බැරි තත්ත්වයකට රජය පත්වී ඇතැයි චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක හිටපු ජනපතිනිය ශ්‍රී ලංකා සංවර්ධන නිලධාරීන්ගේ රැස්වීමකදී ප්‍රකාශ කළාය.
ගිය රජය භාණ්ඩාගාරය හිස් කර ගිය නිසා නව රජය අමාරුවට පත්වී ඇති බව ඇය කීවාය. විනිවිද භාවයෙන් තොරව මහින්ද රාජපක්ෂ රජය ක්‍රියාකිරීමේ ප්‍රතිඵලය මෙය බවත් වත්මන් රජයේ යහපාලනය එරෙහිව ඔවුන් කල්ලි ගැහී ප්‍රති විප්ලවයක් අරඹා ඇතැයිද ඕ කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යස අපූරුවට දියුණු වේගෙන ආපු අපේ රටට උනු දෙයක්. ඒකත් මහින්ද මහත්තයාගේ පිටට දාන්නද හදන්නේ (නදී);
ඔය සුරංගනා කතා මහජනතාවට කියන්න එපා. (නි)
පසුගිය ආණ්ඩු වලට වරද පටවන්න එපා. මැතිවරණය කාලේ රටේ ආර්ථිකය පිළිබඳව දැනුමක් ඈති බව ප්‍රකාශ කළ අතර දින 100 තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩුකර ආර්ථිකය ශක්තිමත් කරන බව පොරොන්දු වුණේ ඔය කණ්ඩායමම තමයි. (නි)
මෙව්වට උත්තර දෙන්න අපි දන්නා සඟිස්කුරුත මදි. (නදී)
කතාව පයින් ගමන දෝලාවෙන් (නදී)
රජයේ සේවකයන්ට 10000 වැඩි කලේ සල්ලි නැති හින්දද අනික ඉන්දන බදු වගේ බදු ඉවත් කලාම හිස් වෙනවා දන්නේ නැද්ද (නදී)
එතකොට පඩි 10000 කින් වැඩිකරේ ගණන් හදාගන්න දන්නේ නැතුවද (නදී)
කිව්වත් වගේ පාරමී, වික්ටර් අයිවන් කිව්වෙත් එහෙමනේ (නදී)
මෙයාගේ කාලේ රටේ ආර්ථිකය සෑමදාම රින අගයක තිබුණු බව මෙයාවත් දන්නේ නැතුව ඇති. (නදී)
මොකද වුණේ ඒ මුදල් වලට.(හේ)
සහන මිලට දෙන යතුරු පැදිත් දැන් දෙන්නේ නෑ.වැඩක් නෑ කවුරුත් එකයි.මේ අය ඒ අයගේ වැරැදි අල්ලගෙන දගලනවා.වැටිලා ඉන්න තත්ත්වයෙන් ගොඩ එන්න හිතන්නේ නෑ.(හේ)
මහ බැංකුවේ යහපාලන මහා මංකොල්ලය නිසාද ? (නදී)
අයියෝ ඕක සුළු දෙයක්නේ. මහින්ද මහත්තයා වගේ බය නැතිව එච්.එස්.බී.සී වගේ වාණිජ බැංකු වලින් ණය ගනිමු. (නදී)
අපිට නැවතත් ඕනේ අතේ මිටේ සල්ලි ගැවසුන චන්ද්‍රිකා යුගයක්. මැතිනිය රට බේරා ගැනීමට පෙරට එන්න. අද රටේ පැතුම ඔබයි (නදී)
මෙයාගේ කාලයේදී පොලිය නැගල තිබුනා 24%ට. මහින්ද භාර දෙන කොට 5% ට බස්සල තිබුනේ. විදේශ මුදල් සංචිතය 0 බැහැල තිබුනේ මහින්ද එ්ක බිලියන 10ක් විතර තියෙද්දී තමයි මෙහෙම උනේ. (නදී)
දැන් ඉතින් එහෙමවත් කියමු.(හේ)
සල්ලි නැහැ කියන්නෙ කොහොමද? ඇයි ඒ දවස්වල කිවුවෙ අපිට සල්ලි දෙන්න පෝළිමේ ඉන්නව කියලා. රජයෙ සේවකයොත් පැනලා දුන්නෙ වෙනසකටනෙ. ඉතින් දැන් වෙනස කියලා පඩි නැතුව වැඩ කරන්න කියන්න. (නි)
ඔක්කොම කුණු බේරේ බොක්කට කිව්වා වගේ දැන් හැම දෙයක්ම මහින්දගේ නමට. (නි)
මේ රජය ඈත නොබලා ජනප්‍රිය විය හැකි වේය කියලා ඔවුන් හිතන විදියට තීරණ ගත්තා. රජයේ සේවකයින්ගේ පඩිය වැඩිකිරීම ,ඉන්ධන මිල අඩුකිරීම යනාදී දේවල්.දැන් ඒවා අසාර්ථක බව අද අපි අත්දකිමින් සිටිනවා. එහෙත් පසුගිය රජය කළේ, ආර්ථිකය පිළිබඳව ඈත බලා තීන්දු තීරණ ගැනීමයි. එතුමියගේ රජය කාලේ ආර්ථික වර්ධන වේගය බින්දුවයි.කමක් නැහැ,ජනතාව බලාපොරොත්තු වුණේ වෙනසකි. මෙයද වෙනසකි. (නි)
රිතික් පුතේ, ඔය වික්ටර් අයිවන් ලියපු පොත ගැනද ඔයා කියන්නේ? (නි)
මේ සැරේ රට නැත්තටම නැති වෙයිද ? (නදී)
චන්ද්‍රිකා ආණ්ඩුවෙන් ලයිට් කැපුව නිසා සිරිල් ළමයට රෑට රෑට යමක් කමක් හොයාගන්න පුළුවන් වෙන්න ඇති මං හිතන්නේ. (නි)
සිරිල්, ආවට ගියාට මැතිණිය කියන වචනය හැමෝටම පාවිච්චි කරන්න එපා. (නි)
මෙන්න අලුත් ආරංචියක්. චන්ද්‍රිකාගේ කාලේ සිරිල්ගේ අතේ මිටේ සල්ලි තිබුනලු! (නි)
සිරිල් පුතේ, අපි නම් ආවට ගියාට නම්බු නාම දෙන්නෙ නැහැ. ඕගොල්ලෝ ඉතින් ෆේස්බුක් බේබිලා නිසා දන්නේ නැතුව ඇති නේද? (නි)
තව තව ජනතාව රවටල ලංකාවත් ග්‍රීසියක් කරලා ඒ ඔක්කොම මහින්ද පිටම දමන්න. (බ)
ඔබතූමිය තමයි 2002 භාණ්ඩාගාරයයි රටයි ඔක්කොම හිස්කරලා රට පැන්නේ ඔබට අමතක වුනාට අපිට තාමත් මතකයි ඒ අතිතය (නදී)
ඔබතුමිය කියන නව ආණ්ඩුවේ සල්ලි නැති වුනාට රවී කරුණානායකගේ නව ආණ්ඩුවට සල්ලි තියනවලු, එයාගෙන් ඉල්ලගන්න එහෙනම්! (නදී)
නටන්න බැරි වුනාම පොලව ඇදලු! කරන්න පුළුවන් කෙනෙකුට දීල ගියා නම් ඉවරනේ? (නදී)
දැන් කරන්න තිබෙන එකම දෙය ඉක්මනින් මහා මැතිවරණයකට යන එක. එතකොට අපිට තීරණය කරන්න පුළුවන් කවුද පාර්ලිමේන්තුවට යන්න ඕනේ කවුද අගමැති වෙන්න ඕනේ කියන එක (නදී)
මේවට හූ කියල මදි (නදී)
එතකොට මහින්ද මාස 120 ක් පඩි ගෙව්වේ හොරකම් කළ සල්ලි වලින්ද ? (නදී)
ඇත්ත ඇති සැටියෙන් දකින්න. ඇස් පනාපිට තිබෙන සත්‍ය දකින්න පසුබට වෙන්න එපා. එය රටට ද්‍රෝහීවීමක්. පසුගිය රජය යටතේ සිදු වූ මුල්‍ය අක්‍රමිකතා කොළඹ ඉන්න අපි නම් හොඳාකාරව දැක්කා. (නි)
දැන් කරන්න තිබෙන එකම දෙය ඉක්මනින් මහා මැතිවරණයකට යන එක. එතකොට අපිට තීරණය කරන්න පුළුවන් කවුද පාර්ලිමේන්තුවට යන්න ඕනෑ කවුද අගමැති වෙන්න ඕනෑ කියන එක. (නි)
මහ භාණ්ඩාගාරයක් හිස්වෙන්න තරම් ජනතා සහන දුන් ආණ්ඩුවක් ලෝකේ තවත් ඇද්ද? කොත්තමල්ලි එහෙමත් අඩුකළානේ (නි)
අනේ මෙහෙමත් කතා? (නි)
මෙයාලා කරන දේවල් මෙයාලට මතක නැතිවුණාට අපිට හොදට මතකනේ. (නි)
සල්ලි නැත්නම් කොහොමද පඩි 100000කින් වැඩිකළේ? දැන් දුෂණ වංචා නතර වෙලානේ තියෙන්නේ.මහින්ද මහත්තයාගේ ආණ්ඩුවෙන් කළ දුෂණ වංචා නතරකළාම රටට කිරි උතුරවලා මිනිසුන්ව කිරියෙන් පැණියෙන් නාවන්න පුළුවන්නේ. (නි)
සත්‍යපාල හරියට හරි (නදී)
කුමාරිට ඕවා තේරෙන්නේ නැහැ. හරි දෙයක් කියන්න (නදී)
මේ වගේ බොරු කියන යන යන තැන මහජනයාගේ පිළිකුලට ලක්වන රාජ්‍ය නායිකාවක් ලෝකේ කොහෙවත් නැතුව ඇති.(නදී)
කටේ නරිවාදම් රෙද්ද පල්ලේ බහිනවා කියන්නේ මේවට තමයි. දැන් අර චීනෙට පයින් ගහල ලංකරගත්ත ඉන්දියාවෙන් සල්ලි එනකම් හිටපල්ලකො නොකා නොබී .ලංකාවේ අයටත් හොඳ වැඩේ. කාල බීලා ඇදල බෝම්බ බයක් නැතිව ජිවත්වේගන එනකොට පාරවල් හැදිලා නගර ලස්සන වෙලා එනකොට හිතුන පෙරලලා බලන්න. හරියට අර රත්තරන් බිජු දාන කිකිලිගේ බඩ පැලුව වගේ. දැන් ඉතින් ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ හිටපල්ලා. (නදී)
මේ කියන ඒවා අහන්ට අය නෑ (නදී)
මෙහෙම කියන්නේ කොහොමද මන්දා ? (නදී)
මෙතුමිය මේ කියන්නේ බොරුනේ. සල්ලි නැත්නම් කොහොමද පඩි 100000 කින් වැඩි කලේ. (නදී)
වැඩේ කියන්නෙ ඔය කතාව කියන්නේ මෙයයි යහපාලන ආන්ඩුවයි විතරයිනෙ. ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහෙම කියන්නෙ ඕකෙ අනිත් පැත්ත. පහුගිය රජය කාලෙ රටේ ආර්තික වර්ධනයක් තිබ්බ කියලනෙ. (නදී)
මෙයා ඡන්දෙ ඉල්ලුවෙත් නෑ. මිනිස්සු මෙයා දිහා ඇහැක් ඇරලා බැලුවෙත් නෑ පැරදිලා ගියාට පස්සේ. නිකමටවත් මෙයා ගැන කියුවේ වික්ටර් අයිවන් විතරයි. (නදී)
මේවට හු කියන්නේ නැහැ හොඳද ? (නදී);