
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සමගි ජන සන්ධානය සමඟ ගිවිසුමකට එළඹ තිබුණු බව කී රණවක මහතා නාමයෝජනා ලැයිස්තු සැකසීමේදී එම ගිවිසුම උල්ලංඝනය වී තිබෙන බව පෙනීයන යන හෙයින් ඉහත තීරණය ගත් බව කීය.
එම තීරණය ගත්තේ සමගි ජන බලවේගයට සතුරුකම් කිරීමේ අදහසකින් නොවන බව කී රණවක මහතා අදාල ගිවිසුම උල්ලංඝනය වීම දරා ගැනීමට නොහැකි වීම නිසා බව සඳහන් කළේය.
එක්සත් ජනරජ පෙරමුණට සමගි ජන බලවේග ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාදීමට එකඟ වී තිබෙන්නේදැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් පාඨලී චම්පික රණවක මහතා පැවසූයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාදීම සඳහා එකඟතාවය පළ වී තිබෙන බවයි.
කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පාඨලී චම්පික රණවක මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේශපාලන ගෙම්බන්ට ඕනේ කාගේ හරි පිහිටෙන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යන්න. ඒකත් වරප්‍රසාද ගන්න මිසක් ජනතාවට සේවය කරන්න නෙමෙයි.
සජිත්ව අන්දන්න හිතුවා මදි... පාඨලී හිතුවේ සජිත්ව මෝඩයාට අන්දගෙන නායකයා වෙන්ද? කොහොමද සජිත් දුන්න ෂොට් එක, ගෙදර ඉඳන්ම
කාලෙන් කාලෙට එක එක බලවේග කියා නැති කණ්ඩායම් හදාගෙන නාටක පෙන්වන්නේ නැතිව. තනියම තරග කරන්න. කොහොමත් ජාතිවාදයට ඉඩක් නැහැ. ඒකයි.. ලේබලය ගලවාගන්නත් ඔයාට බැහැ..
මහ ලොකු යකඩ මිනිහා. දැන් මලකඩ කාලා. ලංකාවේ දේශපාලනය තුළ ඉන්න අවස්ථාවාදීම දේශපාලනය කරන ප්‍රමුඛම කෙනෙක්... ඉල්ලුවා නම්... කොහොමත් මෙයාට ඇප නෑ. තවත් මං පොර දේශපාලන කරන කෙනෙක් ඒ වගේම කෙනෙක්ට අවස්ථාව දීලා නෑ. සජී බබා දන්නවා මෙයාට අවස්ථාව දුන්නොත්. මේ ඡන්දෙන් පස්සේ එයාට කෙලවන්න මුලින්ම එන්නේ මෙයා කියලා...
පා ච=පචයා නම් නොයෙන එකම තමා හොඳ... ඉතාම බොරුකාර දේශපාලුවා තමයි පාච=පචයා
ඉල්ලුවට මනාපෙ හම්බ වෙන්නෙත් නෑ... ජනතාවගෙන් අසුචි පාරකුත් කාලා තමයි ගෙදර එන්න වෙන්නේ... රට කාපු තක්කඩි හැත්ත...
තමන් පරදින බවත් දැන දැනම දේශපාලකයෝ මීට කලින් ඡන්දය ඉල්ලුවා, නමුත් දැන් චන්ද ඉල්ලන්න සූදානම් නම් නැහැ වගෙයි. ඒ පරාජය වෙන්න තියෙන අකමැත්ත නිසා නොවෙයි. ඊළඟ මහ මැතිවරණයෙන් පස්සේ තමන්ට දේශපාලන වශයෙන් අත්විය හැකි ඉරණම ගැන තමන්ගේ හෘදසාක්ෂිය දන්නා නිසා විය යුතුයි. ඔයගොල්ලෝ ඡන්දය නො ඉල්ලුවාට ජීවත් වෙන්න ඕනෑ මේ රටේනේ, නීතිය එය පසු පස්සෙන් හොඳේ...
තරග කළොත් අනිවාර්යෙන්ම පැරැදිලා, කිචවෙලා, නෝන්ඩි වෙලා, කුල්ලකුජීත වෙනවාමයි. එහෙම වෙන්න බයයි කියන එකයි ඔය පොර ටෝක් එකේ යටි පෙළ. නරිවාද බේරෙනවා ඔන්න ඔහෙගේ රෙද්ද පල්ලෙං.
මේ අය වගේ රට කාපු තක්කඩින්, ගමක මරණාධාර සමිතියකටවත් පත්කරන්න එපා... ඒකෙනුත් හොරකලා, බංකලොත් කරලා දායි.
අනතුර වුන සිසුවාට සාධාරණයක් කරලා ඉන්න ඔක්කොටම කලින්...
මෙයාට තිබුනේ ජනාධිපති සිහිනේ ..මෙයා මයිනලා පාරවල් වලින් ගහපුවා අල්ලනවා කිව්වේ දැනට අවුරුදු 9 කට ඉස්සෙල්ලා .තවම අල්ලනවා .බොරු ඉල්ලන්න එපා . ගෙදරට වෙලා ඉන්න
මනුස්සයා හොරකම් කරලා නැහැ. ඇත්තටම වැඩක් කරන්න හැකියාවක් ඇති කෙනෙක්... නමුත් අධික උද්දචකම නිසා විහින් විනාස වුණා. එතැනදී මෝඩ පුතානෝට සමානයි. ෆොන්සේකාටත් එච්චරයි.