(ඩයනා උදයංගනී)
මීතොටමුල්ල කුණු කන්ද නායයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තැන තැන තමාට මඩ ගසන්නේ නැතිව විවෘත සංවාදයකට එන ලෙස බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාට අභියෝග කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමට වගකිව යුත්තේ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ එහි අමාත්‍යවරයා බව පවසමින් බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා විවිධ ස්ථානවලදී පරස්පර විරෝධී ප්‍රකාශ කරන බවත්, තමා පගා ගෙන මහ ඇමතිවරයාගේ ව්‍යාපෘතිවලට ඉඩ නොදුන් බවට ප්‍රකාශ කරමින් සිටින බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.
මීතොටමුල්ල කුණු කන්ද සම්බන්ධයෙන් මහ ඇමතිවරයා ගෙන ආ ව්‍යාපෘතිය කුමක්ද, කුණු කන්ද කළමණාකරණය කළේ කවුද, කුණුකන්ද යොදාගනිමින් පගා ගත්තේ කවුද? යන්න පිළිබඳව මහ ඇමතිවරයා සමඟ විවෘත සංවාදයකට තමන් සූදානම් බවද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න ඔහොම තමයි මහා ඇමතිට කතා කරන්න ඕනේ. චම්පික මැතිතුමනි නියමයි !!!
කවුරු වාද කරත් වුන විනාසය හරිගැස්සෙන්නැ. මියගිය ජිවිත වලට පන එන්නෙත් නැ. ඒ නිසා නැවත ව්‍යසනයක් සිදුවිම වලක්වගන්න උත්සහ කරන්න. අනෙක් කුනු කදු අයින් කරන්න. ඇමතිලාගෙ මාධ්‍ය සන්දර්ශන නම් තිත්ත වෙලා
මේ ගොල්ල නඩතු කරන්න මාසෙකට රටේ ජනතාවගේ බදු මුදල් වලින් ලක්ෂ ගණනාවක් වැය කරනවා , මේගොල්ල එකිනෙකට ඇගිල්ල දිගු කරමින් අභියෝග කරමින් ඉන්නවා මිසක් රටේ දැවෙන ප්‍රශ්නවලට ස්ථිරසාර විසදුමක් ලබාදෙන ලෙස කටයුතු කරනබවක් පෙනෙන්න නැහැ , දැනට අවරුදු 2-3 කට ඉස්සර මම හිත හිටියේ රණවක අමෙති තුමා බලය ලැබුනොත් රටේ තිබෙන පාරිසරික ප්‍රශ්න වැනි ප්‍රශ්නවලට යම් තරමක පිළිතුරක් දෙන්න පුළුවන් උගත් බුධිමත් කාර්යශුර පුද්ගලයෙක් කියා නමුත් පසුගිය වසර තුල ඔහුගේ ක්‍රියා කලාපය මා තුල ඔහුගැන තබා තිබුන බලපොරොත්තු ක්‍රමයෙන් වියකෙමින් පවතී .
අබියෝග නෙමේ පාටලී ඇමතිතුමෝ , දැන්වත් කුණු කන්දට කරන්නේ මොනවද කියල කෙටි සහ දීර්ග කාලීන වැඩ සටහනක් අරබන්න, ආයෙත් කෙදවාචකයක් වෙන්න කලින්.