IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


පාඨලීගේ පෙත්සම විසි වෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති අධිචෝදනා පත්‍රය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ගොනු කර තිබූ අභියාචන පෙත්සම නිෂ්ප්‍රභ කළ ශ්‍රේෂ්ඨාධිකරණය විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීමට කොළඹ මහාධිකරණයට නියෝග කළේය.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ මහත්ම මහත්මීන් හමුවේ නඩුව විභාග කෙරිණී.

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ප්‍රදේශයේදී අපරීක්ෂාකාර ලෙස රිය පදවා තරුණයකු බරපතල අනතුරට ලක් කිරීමේ සිද්ධියට අදාල සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් සිද්ධිය වන අවස්ථාවේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ එවක වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල නමැත්තන්ට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇත.

නීතීපතිවරයා අධිචෝදනා ගොනු කර ඇති ආකාරය නීතියට පටහැනි හෙයින් එය බලරහිත කර තීන්දුවක් දෙන්නැයි ඉල්ලා විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයිද පසුව කොළඹ මහාධිකරණයේ එම තීන්දුව නීතියට පටහැණි බවට තීන්දු කරන්නැයි ඉල්ලා පාඨලි චම්පික රණවක මහතා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළත් අභියාචනාධිකරණය එම පෙත්සම නිෂ්ප්‍රභ කර ඇතැයි පෙත්සමේ සඳහන් වේ.

 



අදහස් (0)

පාඨලීගේ පෙත්සම විසි වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27090 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18174 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10876 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 627 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 188 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 843 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site