(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් තමාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනු කර ඇති නඩුවේ විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික මහතා ගොනු කර ඇති පෙත්සමේ කරුනු තහවුරු කිරීමට ලබන මැයි 19 වැනිදාට කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (28) නියෝග කළේය.
ආර්. ගුරුසිංහ, ඒ. එස්. කුමාරරත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම ප්‍රතිශෝධන පෙත්සම අද (28) කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.
ඒ අනුව මෙම නඩුවේ කරුණු තහවුරු කරගැනීම සඳහා ලබන මැයි මස 19 වැනි දාට කැඳවන ලෙසට අභියාචනාධිකරණය දැනුම් දුන්නේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd