ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවල් හා සරණාගතභාවය ඉල්ලා සිටියදී එරට ආගමන විගමන නිලධාරීන් විසින් 2013 දී පිටුවහල් කරනු ලැබූ ශ්රී ලාංකිකයෙකුට යුරෝ 30,000 ක වන්දි මුදලක් ගෙවන ලෙසට ජිනීවා හි මානව හිමිකම් සඳහා වන යුරෝපා අධිකරණයක් ස්විට්සර්ලන්ත රජයට නියෝග කර ඇතැයි ජිනීවා හි තානාපති ආරංචි මාර්ග පවසයි.
හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වන මොහු එම සංවිධානයෙන් ඉවත් වී 2009 දී සිය බිරිඳ සහ දරුවන් සමඟ ස්විට්සර්ලන්තයට පැමිණි බවත් පිටුවහල් කිරීමෙන් පසු නැවත ශ්රී ලංකාවට පැමිණි අවස්ථාවේදී තමා ඇතුළු පවුලේ අය කටුනායක ගුවන්තොටුපළේදී වද හිංසා හා හිරිහැරයන්ට ලක්වූ බවත් ඔහු අධිකරණයට කියා ඇත.
එලෙස පිටුහවල් කිරීම මානව හිමිකම් පිළිබඳ යුරෝපා සම්මුතිය කඩ කිරීමක් බව තීන්දු කළ අධිකරණය නඩු ගාස්තු වෙනුවෙන් තවත් යුරෝ 4,770 මුදලක් ද ගෙවන ලෙසටත් නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටුනායක ගුවන්තොටුපළේදී වද හිංසා හා හිරිහැරයන්ට ලක්වූ බව...? මොකක්ද ඒකට හේතුව? (නි)
දැන් ඉතින් තවත් අය යූරෝ ගන්න විදිහක් බලයි. (නි)
ගුවන් තොටුපළේදී වදහිංසා කළා කියන එක නම් පිළිගන්න අමාරුයි (නි)
එතකොට ඕනෑම හොරෙකුට මිනීමරුවෙකුට ස්විස්ටර්ලන්තයට පැනලා ඉන්නකොට පොලිසියට අහුවෙලා උපන් රටට පිටුවහල් කළොත්, යුරෝ තිස්දහස බැගින් වන්දි ලබාගත හැකිද? මෙම ප්රශ්නෙදි ලංකාවේ ආණ්ඩුව ස්විස්ටර්ලන්ත ආණ්ඩුව සමඟ සහයෝගයෙන් කටයුතු කළයුතුය. එවිට ලංකාවට විරුද්ධව එක එක යෝජනා ගෙන එන දෙමළ ඩයස්පෝරාව අඩපණ කළ හැක (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
නැතිබැරිකම විකුණගෙන කන්න මේගොල්ලෝ දක්ෂයි. ලෝකේ හැම රටක්ම ලංකාව හිඟන්නෝ කියලා හිතා ඉන්නේ මේ වගේ අය ඉන්න හින්දා. දියුණුයි කියන රට වලින් වීසා තහංචි වැඩිත් මේ අය හින්දා. ලංකාවට භාෂා දෙකකින් ජාතික ගීය ගායනා කරන එක හොඳට කල්පනා කරන්න වෙනවා. (නි)
පිස්සු හැදෙන සඳ කිවුවලු. කොහොමද මොළේ? ඉල්ලන් කනවා (නි)