කෙවින් පීටර්සන්ගේ (නොදැවී 103) වේගවත් ඉනිම නිසා අයි. පී. එල්. තරගාවලියේ දිල්ලියේදී ඊයේ (19) පැවැති දෙවැනි තරගයේදී විරේන්ද්‍ර සෙවැග්ගේ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල කඩුලූ 5 කින් කුමාර් සංග්කකාරගේ ඩෙකෑන් චාජර්ස් පිල පරාජය කිරීමට සමත් විය. වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කළ එංගලන්ත පිතිකරු කෙවින් පීටර්සන් පන්දු 64 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 9 ක් සමගින් නොදැවී ලකුණු 103 ක් රැස්කිරීමට සමත් විය. ඩෙකෑන් චාජර්ස්  ඕවර 20 කදී කඩුලූ 8 ට 157 (ශිකාර් දාවන් 44, පාර්තීව් පතෙල් 45, ඩැනියල් ක‍්‍රිස්ටියන් 19, බී. චිප්ලි නොදැවී 25, මෝර්නි මොර්කල් 23/3, එස්. නඞීම් 16/3) දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්   ඕවර 19.1 කදී කඩුලූ 5 ට 162 (කෙවින් පීටර්සන් නොදැවී 103, වයි. නාගර් නොදැවී 23, ඬේල් ස්ටෙයින් 19/2)