IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පැට්‍රෝල් වර්ගීකරණය ජූනි 1 වැනිදා සිට සංශෝධනය කළ බව කටාර් පැට්‍රෝලියම් පවසයි

කටාර් ඉන්ධන පිරවුම්හල්වල අළෙවි කරන සියලු පැට්‍රෝල් ප්‍රබේධයන්ගේ වර්ගීකරණය ජූනි 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇති බව කටාර් පැට්‍රෝලියම් සමාගම පවසයි.


ඒ අනුව නව වර්ගීකරණය යටතේ “සුපර්” සහ “ප්‍රිමියම්” යන පැට්‍රෝල් වර්ගවල ශ්‍රේණිය ජූනි පළමුවැනිදා සිට පිළිවෙළින් ඔක්ටේන් 95 (ඔක්ටේන් 97 සිට) සහ ඔක්ටේන් 91 (ඔක්ටේන් 90 සිට) යනුවෙන් සංශෝධනය වනු ඇත. ජාත්‍යන්තර ප්‍රමිති වර්ගීකරණයට අනුව නව වර්ගීකරණය සකස් කර ඇත්තේ ගල්ෆ් සහයෝගීතා කලාපයේ සහ ලොව බොහෝ රටවල දකින්නට ලැබෙන වර්ගීකරණයන්ට අනුරූපවය. සුපර් ඔක්ටේන් 95 සහ ප්‍රිමියම් ඔක්ටේන් 91 පැට්‍රෝල් උසස් තත්ත්වයේ ඉන්ධන ශ්‍රේණියක් වන නිසා ඒවා කටාර් හි භාවිතා කරන සියලුම පැට්‍රෝල් වාහනවලට යෝග්‍ය බව පෙන්වා දෙන කටාර් පැට්‍රෝලියම් සමාගම සුපුරුදු පරිදි වාහන සඳහා සුපර් සහ ප්‍රිමියම් පැට්‍රෝල්ම යොදා ගන්නා ලෙසට වාහන හිමියන්ට උපදෙස් ලබාදී ඇත.



අදහස් (0)

පැට්‍රෝල් වර්ගීකරණය ජූනි 1 වැනිදා සිට සංශෝධනය කළ බව කටාර් පැට්‍රෝලියම් පවසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 787 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site