පසුගිය දිනවල කළ ප්‍රකාශවලදී තමා අතින් වරදක් සිදුවී නම් ඒ පිළිබඳ සමාව ඉල්ලා සිටින බව පිටිදූවේ සිරිධම්ම හිමියෝ මල්වතු මහ නා හිමි ඇතුළු හිමිවරුන් හමුවී ප්‍රකාශ කර සිටියහ.
යම් අයුරකින් ප්‍රකාශ සිදු කරන විටදි මල්වතු මහා නායක හිමිවරුන්ට හා මල්වතු පාර්ශ්වයට යම් අපහසුතාවයක් ඇතිවුවානම් ඒ සම්බන්ධව සමාව ඉල්ලා සිටින බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහනායක හා දිඹුලකුඹුරේ විමලධම්ම මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමියන් ඇතුළු මල්වතු පාර්ශ්වීය කාරක සංඝ සභාව හමුවේ සිරිධම්ම හිමියෝ කියා සිටියහ.
මල්වතු පාර්ශ්වයට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදු කළැයි චෝදනා මත ඒ හිමියන් මල්වතු පාර්ශ්වයෙන් ඉවත් කිරීමට කාරක සංඝ සභාව අදහස් කරගෙන සිටි අතර සිරිධම්ම හිමියන් වාචිකව පමණක් සමාව ඉල්ලා මදි බැවින් එය ලිඛිතව ද සිදු කිරීමෙන් පසු අදාළ සමාව හිමිවිය.
මල්වතු මහ නාහිමියෝ එහිදී පවසා සිටියේ පළමු හා දෙවැනි වතාවේ සමාව දුන්නද තෙවැනි වර කිසිදු සමාවක් නොදෙන බවයි. එසේම පැවිදි ජිවිතය සාර්ථක කරගැනීමට අවවාද අනුශාසනා ලබාගන්නා ලෙසත් සිරිධම්ම හිමියන්ගේ ඉදිරි කටයුතු හා සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධවීමට ආශිර්වාද කරන බවත් මල්වතු මහ නායක හිමියෝ පවසා සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෝවාන් වෙලා උන්නත් වැරදි වෙන්න පුළුවන්.
කිවයුතු දේ බොහෝ ඇතත් බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා නිහඬ වෙමි.
පිටිදුවේ සිරිදම්ම කියන නම ද හරි නම සමන්ත බද්ද කියන නමද හරි නම , මේක පුදුම රටක් ද්විත්ව පුරවැසියෝ ඉන්නවා ද්විත්ව පස්ස්පෝර්ට්කාරයෝ ඉන්නවා නම් දෙකක් තියන අය ඉන්නවා කෝ නීතිය?
හිතෙන් නිදහස් වීම නිවන් මග වේ. ඔබ වහන්සේ සුවපත් වේවා.
සිරිධම්ම හිමියන්ට නියම මාර්ගය පසක් වේවා.
වැරදි වීම, සිතා වැරදි කිරීම, කොයික හෝ වේවා,,, සමාව ගැනීම දීම දෙකම අගය කරමු. උගත් භික්ෂුන් වහන්සේනමක් ලෙස ජාතියට සාසනයට සේවයක් කරන්න සිත් පැහැදේව කියා අපි පතමු ,,,
මම හිතන්නේ දැන් තමයි සත්‍ය අවබෝධ කරගෙන තියෙන්නේ!
මමත්වය නැතිකළ කෙනෙකුට සමව ගන්නවත් ඇත්ත කියන්නවත් බයවෙන්න ඕන නැහැ
මම පිළිගන්නේ බුදුන්වහන්සේ අයිති නිකාය පමණයි
උගත් භික්ෂුන් වහන්සේනමක් ලෙස සාසනයට සේවයක් කරන්න
අංගොඩ ඉන්න ඕනකරන උන්මත්තක උන්නාන්සේ කෙනෙක්. මෙයාගෙන් අපේ ජීවිත වලට ගතයුතු ආදර්ෂ්ය මුකුත් නැහැ. නිකන්ම නිකන් හිස් ඔලුගේදියක් විතරයි.
තවත් මේවට රැවටෙන මිනිස්සු මේ රටේ ඉන්නවනේ.
ඔබවහන්සේ සොබාදහමේ යථාර්තය බැවින් සමන්තබද්ද්‍ර හිමිට මගේ නමස්කාරය !!!!!!!!!!!
එතකොට තිබ්බටුවාවේ උන්නාන්සේ මුළු ජාතියෙන්ම සමාව ගතයුතු නොවේද?
මොකෝ ලුම්බිණි ඔයා මේ සෝවාන් වුණාම වැරැදි වෙන්න පුළුවන් කිව්ව කතාව කිව්වේ? රහත් වෙලා කියලා නේද කිව්වේ? ඊට අමතරව බුදුන් වහන්සේව විතරක් හඳුන්වන විදියට හැඳින්වූවාද? දැන්වත් ඇත්තටම බුදුන් දෙසූ මග ගියා නම් හොඳයි.
මේ හාමුදුරුවෝ මා දන්නා තරමින් ඇසූ පිරූ තැන් ඇත්තෙකි. අපිට තියෙන්නේ උන්වහන්සේගේ දේශනා තුළින් බෞද්ධ දර්ශනයට අදාළ යමක් වේනම් බුද්ධිමත්ව සිතා ඒ දේ උකහාගෙන අපගේ දැනුම් පැසට දමාගැනීමයි. " මගේ දහම ප්‍රඥාවන්තයිනට මිස, අඥාන යින්ට නොවේ." බුද්ධ භාෂිතය එයයි. අනිත් සියලුම දේ අපට අදාළ නොවේ. අනවශ්‍ය පහුරු අපි මොකටද කරතියා ගෙන ඉන්න උත්සාහ කරන්නේ. යහපතක්ම වේවා !!!
පිටිගල හාමුදුරුවනේ,ඔබ මෙතරම් මේගොල්ලන්ට බයවෙන්නේ?ඔය අනං මනං කියවන්නේ නැතිව,සිවුර ගලවල ඔය අස්ගිරි සහ මල්වතු යන දෙදෙනා වගේ ඉන්නකෝ.............
පරම සත්‍යය, දහම හා දර්ශනයටත් එහා ගිය සම්ප්රදාය පමණක් සුරකින මේ මනුලොවේ, සත්‍යය සුරැකීම පසෙකලා, සම්ප්‍රදායට අනුකූලව දිවිගෙවීම හා ක්‍රියාකිරීම පරමාදර්ශය ලෙස හඳුනාගෙන සිටිනා මානව සමාජයකට, සමන්තබද්‍ර හිමි, මහා නායක හිමියන්ගෙන් සමාව ගැනීම යහපත් ආදර්ශයක්. කෙසේවෙතත්, උන්වහන්සේ, කිත්සිරිමෙවන් රජතුමාගේ සමයේ, හේමමාලා කුමරිය හා දන්ත කුමාරයා විසින් මෙරටට වැඩම කරවන ලද මහනුවර දළදා මාලිගාවේ තැන්පත් කොට ඇති දන්ත ධාතුවට කිසිදු අපහාසයක් නොකළ බව ප්‍රඥාවන්ත බෞද්ධ ශ්රාවකයින් අවබෝධකරගෙන සිටින බව දැන්වීමට කැමැත්තෙමි. ආගම දහම මුවාවෙන් කරන කුඨ ව්‍යාපාර ගැන උන්වහන්සේ සමාජය දැනුවත් කල බව අප තේරුම් ගතිමු. එම දැනුවත් කිරීම බුදුදහමට පමණක් නොව සියලුම ආගම් නාමයෙන් කරන නොමනා ක්‍රියාවන් වලට හා කුප්‍රකට ව්‍යාපාර වලට අදාළ බව අපි අවබෝධකර ගත යුතු වෙමු. සමන්තබද්‍ර හිමියන්ට ගල් ගැසීම හා අපහාස කිරීම පසෙකලා, පළමුව උන්වහන්සේගේ වචනයට සිහියෙන් යුතුව සවන්දීම කලයුතු බව, මා, මේ ලොවෙන් උතුම් සංස්කෘතියක් හා සම්ප්රදාය කරපින්නාගෙන ඒ බරෙන්ම පීඩාවට පත්ව සිටින සම්බුද්ධ ශ්රාවකයින්ට දන්වා සිටිමි.
පිටිදූවේ හාමුදුරුවන්ට ප්‍රඥාව පහළවීම පිළිබඳව සතුටු වෙමි.
රහතන් වහන්සේ කෙනෙක් සාමාන්‍ය භික්ෂුවකට දණ නමස්කාර කරනවා මා ඇහුවාමයි.
මල්වතු මහනාහිමියනි, ඔබවහන්සේගේ මෙම ක්‍රියාව අගය කරන අතර භික්ෂූත්වයට නොගැලපෙන ක්‍රියා කරන අන් අයටද මෙවැනි විනය ක්‍රියා මාර්ග ගන්නාමෙන් කරුණාවෙන් ඉල්ලමි. එසේ නොමැති නම් ඔබවහන්සේ එවන් නොමන ක්‍රියා (විශේෂයෙන් දේශපාලනය සම්බන්ධ) අනුමත කරන බවක් පෙනීයනු ඇත. ඔබවහන්සේට තෙරුවන් සරණයි.
"රහතන්" යන වචනයේ එලබ ගෙන සිටින අය එම වචනයේ අර්ථය තමන් අවබෝධ කරගත් ලෙසටම, රහතෙකු තුලින් විශ්ම කර්ම ප්‍රතිහාරයන් සිදුකිරීම නරඹා තෘප්තියට පත්වීම හැර වෙන නම් දෙයක් ප්රත්යක්ෂ කර ගැනීමට නොහැකි බව තමයි අපට නම් කියන්න තිබෙන්නේ. ධර්ම ශ්‍රවණය වෙනුවට, කාගේ හෝ වල්ගයක එල්ලී දිව්‍ය ලෝකෙට පිය නගන්න පෙරුම් පුරන අයට පිටිදුවේ සිරිධම්ම හිමියන් දෙසන බුදු දහම නම් මේ කපේට අවබෝධ කර ගන්න බැරිවෙයි. අනික ඉතින් වැදි බන අහලා හුරුපුරුදු අපට බුදුරදුන්ගේ බණ, ඇලජික් වීමත් ඒ හැටි අරුමයක්ද?
දේශප්‍රේමී, ජාති හිතෛෂි, දේශ මාමක වැනි බණක් දෙසුවා නම්, අපේ යාළුවන්ට ටිකක් තේරුම් ගන්න පහසුයිනේ අපේ හාමුදුරුවනේ. එහෙම වුණා නම්, ඔය කිසිම විනය විරෝධී කමකුත් නැහැනේ..
මොනයම් ම දේශකයකු හෝ වේවා පළමුව තිබියයුතු ලක්ෂණයක් තමා විනය. විනයක් නැති තැන පිස්සන් කොටුවකටවත් නුසුදුසු තැනකි. මොකද පිස්සන් කොටු තුලත් විනයක් තියනවා. වෙලාවට බෙහෙත්, කෑම, නිදා ගැනීම ආදී දේවල්. තමන්ට වරදිනකොට පමණක්ද විනය මතක් වන්නේ.? මේ දේශකයා නමින් " යු ටියුබ් " එකෙ තියන කතා ටික අහලා බලන්න එතොකොට තේරයි කවුරු කාවද ගොනාට අන්දන්නේ කියලා.
මේ ක්‍රමය තමා භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ අනුමතකල ක්‍රමය වන්නේ. ආර්යන් වහන්සේලා විවේචනය ගිහි අපට අනතුරුදායකයි.
අපේ රටේ මේ තරම් ප්‍රශ්න තියන කොට තියෙන ආගම ආරක්ෂා කරගන්නේ නැතුව, මොනවද මේ නටන නාඩගම්? අනිත් එක ලංකාවේ ඉන්න නොම්මර එකේ රහතන් වහන්සේ කෙනෙක් නේද මේ රටේ ආගමික නායකයින්ට දොස් කියලා නිකන් මෝඩ වෙන්නේ? අපේ රටේ දැන් බුද්ධාගම කියලා දෙයක් තියනවද කියලා හිතා ගන්න ටිකක් අමාරුයි... මොකද දැන් අපේ රටේ ඉන්න හාමුදුරුවරු ආගම ප්‍රචාරය කරනවට වඩා ගොඩාක්ම කරන්නේ අනුන්ට කඩේ යන එක නේද? කොහොමද මම පන්සලක් හදාගෙන කීයක් හරි හොයාගන්නේ, කොහොමද මම පෙජෙරෝ එකක් ගන්නේ, කොහොමද මම පාර්ලිමේන්තුවට යන්නේ, කොහොමද මම ලොකු සංගමයක සභාපති වෙන්නේ, කොහොමද මම වැදගත් මිනිස්සු විතරක් අාශ්‍රයට ගන්නේ, කොහොමද මම රටේ විප්ලවවලට සහභාගි වෙලා පත්තරේ පින්තුරය දාගන්නේ, මේ වගේ තව ගොඩක් තියනවා දැන් අපේ හාමුදුරුවරු කරන... ලෝකේ මොනම රටකවත් ආගමික නයකයෝ නොකරන බහු බූත වැඩ අපේ රටේ හාමුදුරුවරු කරලා නිකන් සවුත්තු වෙනවා. මේ වගේ දුර්වල වැඩ නිසා අපේ රටේ බුද්ධාගම අන්ත පරිහානියට පත් වෙලා ඉවරයි. අයෙ කවදාවත් එ්ක දියුණු කරන්න හිතන්න වත් බැහැ. කට තියෙන පලියට රටේ ආගමික නායකයන්ට බැනල නිකන් මෝඩ ගාණට වැටෙනවා.
මේකෙන් තේරෙනවා ලංකාවේ බුදු දහම තියෙන තැන. සුද්දෝ වගේ ලියවිල්ලකට අත්සන් ගන්න තත්වෙකට වැටිලද? ලියවිල්ලකට අත්සන් අරගෙන සමව ගන්වන්න තරම් සමන්තභද්‍ර හාමුදුරුවෝ ජනතාව අතරට ඇවිල්ලා කියන එක තම මට නම් වැටහෙන්නේ. නැත්නම් මෙහෙම් පින්තූර අරගෙන සමාව ගත්ත කියල දන්න ඕනෑද? මහා ලොකුවට කියන්නේ පිරිසිදු බුදු දහම තියෙන්නේ ලංකාවෙලු. අත්සනක් නොගෙන විශ්වාස කරන්න බැරි බුදු දහමක්ද ලංකාවේ තියෙන්නේ?
අද කාලේ බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩම කරලා දේශනා කලත් ජාතියෙන්ම සමාව ගන්න වෙන තත්වයක් තමයි මේ ශ්‍රී ලංකාව තුල තියෙන්නේ. එදා කාලේ නම් හිටියේ එක දේවදත්තයයි... බුදුහාමුදුරුවන්ට ගල් පෙරලන්න. එ්ත් අද වැඩියා නම්, ලක්ෂ ගානක් එයි පර්වත පෙරලන්න. වර්තමාන බුද්ධ ශාසනය හා බෞද්ධ සමාජයේ පැවතුම් දෙස නිරීක්ෂණය කලාම පේනවා අපි ඉන්නේ කොතරම් උස තැනකද කියලා. සැබෑ සම්බුද්ධ වචනය වටහා ගැනීමට ප්‍රඥාවක් වගේම පිනකුත් තිබෙන්න ඕනෑ.
ඇස, කන, නාසය, දිව සහ ශරීරය නමැති පංචේන්ද්‍රියන් ගෙන් ලැබෙන අරම්මනයන් මනස රවටන බවත් යමෙකුට කිසිම දිනක බාහිර ලෝකය අල්පමාත්‍රයක්වත් නිවැරදිව අවබෝධ කරගත නොහැකි බවත් දැනගන්නා තැනැත්තාට ආර්ය මාර්ගය විවෘතවී ඇත.
මම නම් කතෝලික කෙනෙක්. එත්, මේ හාමුදුරුවන් වහන්සේගේ දේශනා මම අසා තිබෙනවා. මේ සිද්ධිය දැකලා මට මතක් උනේ එදා, ක්‍රිස්තුස් වහන්සේව කුරුසයේ ඇන ගැසීමට තීන්දු කලෙත් දෙවියන් වහන්සේව අදහන මිනිසුන් හා නායක පුජකයින් බවයි. කෙසේ වුවත් බුද්ධ ශාසනයේ පවතින විනය අනුව උන්වහන්සේ සමාව ඉල්ලීමත්, මහනායක හිමියන් සමාව දීමත් උතුම් ක්‍රියාවක්. විද්‍යුත් මාධ්‍ය මගින් එම සිද්ධිය වීඩියෝ ගත කොට සමාජය තුලට මුදා හැරීම මාධ්‍ය කරණයේ නිරුවත පෙන්වීමක් හා. ගරු සංඝයා වහන්සේ නමකට අපහාස කරන නිහීන ක්‍රියාවක්.
වැරදි සිතුවිලි හිතේ මවාගෙන අසරණ මිනිසුන්වත් අමාරුවේ දැම්මාට නිසි දඩුවම ලැබුන බවයි...
සල්ලි නිසා මිස කවදාවත් සමාවක් ගන්නේ නැත ,අපේ මිනිස්සු මොනතරම් මෝඩද ඇ . ඇත්තම මෙකයි.
නමුත් රහතුන් වැරදි නොකරති..
තමන්ට බැන වැදුනොත් සමාව ගත යුතුයි. අනිත් ඕන කෙනෙක්ට බැන්නට කමක් නැහැ,
ඔවා දෙනු පරහට - තමන් සම්මතේ සිට කියන්නේ මේකට තමයි .
වැරදි වැඩේ කොලේ සමන්ත බද්‍ර උනාට සමාව ගත්තේ පිටිදූවේ හිමි. අන්තිමට බලද්දී රහතන් වහන්සේ සමාව ගත්තෙත් නෑ, සාසනෙන් නෙරපුනෙත් නෑ.
ඔබ වහන්සේ නිහතමානී කෙනෙකු බව ඔප්පුකලා. ඔබ වහන්සේට මාගේ නමස්කාරය.
රහතුන් වහන්සේලා වදින්නේ බුදුන්වහන්සේට පමණයි.
ඒ වගේම එකක් ආවම එකයි මේකයි හොයාගන්න බෑ. ඒ කියන්නේ ඉමිටේෂන් ඇවිත් රත්තරන්ගේ තැන ගත්තනේ බලන එකාට වෙනසක් පෙන්නේ නෑ. ධර්මය, විනාශ වෙනවා. දැන් ඒක ඇවිත් තියෙන්නේ ඉමිටේෂන් වගේ. ඔය කව්රුත් ලඟ හරිදේ දැන් නෑ. ලංකාවේ නැත්තෙමත් නෑ. තියන අය ඔහොම රඟන්නෙත් නැ. මොලගෙඩි භාගයේ අය වගේ වැරදි දේ දැක දැක එ්කට හරි කිය කියා අමාරුවේ වැටෙන්නේ නැතුව තමන්ගේ පාර හොයාගෙන යන්න. ඒ අය යන තැන්වලට ගියොත් ඒ අය එක්කම ආයේ ගොඩ නම් එන්න හම්බවෙන්නේ නහැ. තේරෙන්නෙම නැත්නම් ගිහින් බලන්න වෙන වෙන අයත් ඇදගෙන යන්නේ නැතුව...
රෙරුකානේ චන්දවිමල හමුදුරුවන්ගේ පොත් වල බුදු දහම ගොඩක් හොදට පෙන්නල තියනවා . ඒවගේම ගොඩක් හොද හමුදුරැවරු ඉන්නවා දැනුත් මාන්කදවල සුදස්සන හමුරුවන්ගේ බණත් ගොඩක් වටිනවා