කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ (පෝට් සිටි) පළමු අදියර සඳහාවූ පාරිසරික ඇගයීම් වාර්තාව සම්බන්ධයෙන් රජය සාධනීය පියවර ගෙන ඇති බව පෙනී යන්නේ යැයි අභියාචනාධිකරණය අද (25) ප්‍රකාශ කළේය.
නව පරිසර වාර්තා කැඳවීම, අදහස් දැක්වීමට ජනතාවට අවස්ථාව ලබා දීම, ජනතාව දැනුවත් කිරීම, තාවකාලිකව එම ව්‍යාපෘතිය අත්හිටුවා තිබීම යනාදිය එම සාධනීය පියවර බව අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා ප‍්‍රකාශ කළේය.
එබැවින් සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් රජය විසින් යම් ප‍්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබියදී එය අභිබවා කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් රජයට නැතැයි ද අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා සඳහන් කළේය.
කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය ( පෝට් සිටි) අත්හිටුවන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සමක් කැඳවූ විනිසුරු මේ බව කියා සිටියේය.
කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ නීතිපතිවරයා නම්කරනු ලැබ සිටියි.
නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය සහ කැඳවා ඇති පරිසර තත්ත්ව වාර්තා සම්බන්ධයෙන් තමා සෑහීමකට පත්නොවන බවය.
අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නව පරිසර තත්ත්ව වාර්තා කැඳවන ලෙස පෙත්සම මඟින් ඉල්ලා ඇති සහනය දැනටමත් ලැබී ඇති බව නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා සඳහන් කළේය.
කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම නැවත සලකා බැලීම ලබන මාර්තු මස 16 වැනි දිනය කල් තැබීමට අභියාචනාධිකරණය තීරණය කළේය.
කොළඹ ගාලූමුවදොර ඉදිරිපිට මුහුදින් අක්කර 575 ක් ගොඩකර වරාය නගරය ඉදිකිරීමෙන් වෙරළබඩ පරිසර පද්ධතියට දැඩි බලපෑම් සිදුවන බව පෙත්සම්කාර පාරිසරික යුක්ති කේන්ද්‍රය සිය පෙත්සමින් පෙන්වා දේ.ඒ සම්බන්ධයෙන් කැඳවා ඇති පරිසර තත්ත්ව වාර්තාවෙහි සඳහන් සීමාව ඉක්මවන අක්කර ප‍්‍රමාණයක් පිරවීමට චීන සමාගම කටයුතු කර ඇතැයි පෙත්සමේ සඳහන් වේ.
එබැවින් දැනට කැඳවා ඇති පරිසර තත්ත්ව වාර්තා වෙනුවට නව පරිසර තත්ත්ව වාර්තා කැඳවන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගකරන ලෙසත්මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අත්සන් කර ඇති නීතිවිරෝධී සියලූ ගිවිසුම් අහෝසි කිරීමට රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
පෙත්සම්කාර පාරිසරික යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් නීතීඥ රවිද්‍රනාත් දාබරේ මහතා ද ,නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සෙලිසිටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා පෙනී සිටි සිටියේය.
2025 දෙසැම්බර් මස 18
585
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෝට් සිටි පරිසර වාර්තාවට උසාවියෙන් සහතිකයක්