ඇඹිලිපිටියෙන් ගෙනා ගංජා කිලෝව රුපියල් දහදාහට විකුණන බවට පොලීසියට ඔත්තුවක් ලැබුණේය.
හොරණ පැත්තේ බස් නැවතුම්පොළට එන්නැයි ඇඹිලිපිටි මිනිහා සඟයාට දැන්වීය.මද වේලාවකින් තැන වෙනස් කළේය.වෙනත් තැනකදී ගනු දෙනුව සිදු විය.මිලට ගත් මිනිහා පොලිසිය ඉදිරිපිටදී ගංජා පාර්සලය ලිහුවේය.
එහි වුයේ පෝටා වැල් ගොඩකි.ඇඹිලිපිටි මිනිහා අත්අඩංගුවට ගනු ලැබීය.ඔහු ඊට පෙරද පෝටා වැල් කිලෝව රුපියල් දහදාහ ගණනේ විකුණන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෝටා වැල් කිලෝ එක දහදාහකට විකුණන එක වරදක් නොවේ. මොකද පෝටා වලට පාලන මිලක් තියන එකක් ද?(හේ)
අත්අඩංගුවට ගැනීමට ඒ මිනිසා කළ වැරැද්ද කුමක්ද ?(හේ)
නියම වැඩක් තමයි ඒකත්. (නි)
පෝටවැල් විකුනන්න තහනම් කලේ කවදද? (ර)
වැරැද්ද මොකක්ද.? (ර)
සැමි, ඇන්ටන්, සරත්, සාන්ත, සදුන්, මේ ලංකා පොලිසීයයි. පෝටා වැල් ගංජා විය හැක. ගත්ත කෙනාට අමතක විය හැක. විකුනපු කෙනා කියයි මම වික්කේ නෑ කියා. ඒ නිසා ගණන් ගන්න එපා. (නදී)
වරද වංචා කිරීම. අනේ මන්ද මොනවා තේරෙනවද කියලා නිව්ස් බැලුවට. (ර)
වැරැද්ද මොනවද කියල දන්නවාද? අනුන්ව නොමග යැවීම හෝ රැවට්ටවීම තමයි කරලා තියන වැරැද්ද (නදී)
පෝටා වැල් දෙන්නේ අලි පැටවුන්ට. කවුරු හරි අලිපැටියෙක් මිලදී ගත්තද නොදනී. (නදී)
වැරැද්ද තමයි අනුන්ව නොමග යවපු එක (නදී)
අනුන්ව නොමග යැව්වා කියන්න බැනේ , මිනිහට තියෙන්නේ ඉල්ලුවේ පෝටා වැල් මයි කියන්න. (අ)