(උපුල් තම්මිට)
‘‘හොරා කියන්නෙ හොරා. කොළපාට හොරයි, නිල්පාට හොරයි කියල දෙන්නෙක් නැහැ. කවුරු හොරකම් කළත් හොරා හොරාමයි‘‘ යැයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.
විජේදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළකර සිටියේ ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව බෞද්ධ සංගමයේ මෙහෙය වීමෙන් ගෝමරන්කඩවල තිරියාය හන්දියේ සහ රඹෑව වහමල්ගොල්ලෑව ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ ඉදිකළ නව පානීය ජලපිරිපහදු ඒකක විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි.
‘‘මේ රටේ නඩු විසදන්න විදේශ කණ්ඩායමක් ගේන්න යෝජනා වුණා. අධිකරණය ස්වාධීන නැහැ කීවා. අපි නීතිය ක්‍රියාත්මක කරන්නේ අපේ රටේ තියෙන ව්‍යවස්ථාව ඇතුළේ. මේ රටේ ජනතාව අනුමත කළේ ඒකයි. අපේ රටේ ගෞරවනීය මහා සංඝරත්නය අපිට අනුශාසනා කළේ ඒ විදිහට වැඩකරන්න කියලයි. මේ සංක්‍රාන්ති සමය තුළ මේ රටේ අවශ්‍ය දේශපාලන වෙනස කරලා නැවතත් රට යහමගට ගන්න අපි කටයුතු කරනවා වගේම අපි පසුබට වෙන්නෙත් නැහැ. බය වෙන්නෙත් නැහැ. ලංකාදීප පුවත්පත වාර්තාකරල තියෙනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගීන් 13451 කියලා. මාස 7ට මරණ 128යි. අද සෞඛ්‍ය බලධාරීන්ට මේවට ප්‍රතිකර්ම හොයන්න වෙලාවක් නැහැ. වෛරයෙන් ක්‍රෝධයෙන් ඇන කොටාගන්න මරාගන්න එක තමයි මේ වෙලාවේ කරන්නේ‘‘ යැයි ද ඔහු කීය.
‘‘ජනාධිපතිතුමාගේ නමම මෛත්‍රි. අපි වෛරයෙන් නෙවෙයි කටයුතු කරන්නෙ. සාධාරණ සමාජයක් හදන්න කටයුතු කරපු මිනිස්සු වෛරයෙන් ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාවෙන් දැවිදැවී කටයුතු කරනවා. අපි මෛත්‍රී සහගත සමාජයක් හදන්න කැපවෙලා කටයුතු කරනවා. මේ සදහා නායකත්වය දෙන්න තමුන්නාන්සේලාගේම පළාතේ රජරට ගොවිපුත්රයෙක් රටට ආදරය කරන සම්පත්වලට ආදරය කරන ජන නායකයෙක් ඉන්නවා. අපි එතුමත් සමග ඒ වෙනස කරනවා. මේ රටේ තියෙන සම්පත් ඇළදොළ ගංගා වරායවල් ගුවන් තොටුපළවල් මහා මාර්ග මේ කෙත්වතු මේ එකම බිම් අගලක්වත් අපිට උරුම වෙලා නැහැ. අපේ මුතුන් මිත්තන් පරම්පරා සිය දහස් ගාණක් මේවා රැක්කා. මේවා අපිට භාර කළා නූපන් පරම්පරාව වෙනුවෙන් ආරක්ෂා කරන්න. මේවා අපිට භාර කළා මිසක් අපිට අයිති කළේ නැහැ. ඒ සීමාවන් දැන හඳුනාගෙන කටයුතු කරන්න අපි එකතුවෙන්න අවශ්‍යයි. අපි එකතු වුනේ නැත්නම් මේ රටේ සංහිදියාවක් නැහැ. තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් මුල්තැන දීල ද්වේශය වෛරය වපුරන අයව අපි පිළිගන්නේ නැහැ. බුදුන් වහන්සේගේ දහම නෙවෙයි ඒ. වෛරයෙන් තොර දේශපාලන සංස්කෘතියක් හැදුවේ නැත්නම් මේ රට විනාශවෙනවා. අවුරුදු හැත්තෑවක දේශපාලනයෙන් කරන්න බැරිවුනු දේ ජාතික ආණ්ඩුව හදල යහපාලනයෙන් කරන්න බැහැ. ඊට අවශ්‍ය විකල්පය මොකක්ද කියල මේ රටේ සියලුම ආගමික නායකයින් තීරණය කළ යුතුයි‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට හොරුන්ගෙන් සල්ලි අරගෙන ෆයිල් යට ගහන අයට කියන්නේ මොකක්ද?
ඔබගේ අදහස නිවැරදිය. කොළ, නිල් බොහෝ අය නම් හොරුය. හොරු නම් රතු, කොළ, නිල් කවුරු වුවත් හොරා හොරාමය.
ගරු මැතිතුමනි බණ කියන එක හොඳයි. එනමුත් හොරුන්ට දැඩි දඬුවම් දෙන්න ඕනෑ. හොරුන් ආරක්ෂා කරනවා නම් රාජ දඬුවම් දිය යුතුයි. මා එහෙම කියන්නේ රට වෙනුවෙන් සහ අපේ නූපන් දරුවන්ට ඉතා මෛත්‍රී සිතිනුයි.
විමල්ටත් වඩා ජාති හිතෛෂියෙක් වෙලානේ එක පාරටම. දැන්නම් පනින්න ලඟයි වගේ...
එතකොට අර ඊනිව්ස් එකේ තිබුණු තාත්තයි, පුතයි ගහපු ගැහිලි බොරුද?
මේ පාර රනිල්ට වැඩ වරදින්නේ මේ වාගෙ අය නිසා තමයි.
2015 ජනවාරි 08 ජනවරම අනුව වැරැදිකරුවන් නීතිය ඉදිරියේ ඉදිරිපත් කිරීම වෛරයක් හෝ ක්‍රෝධයක් හෝ නොවේ... අධිකරණ ඇමැති හැටියට මෙය ඔහුගේ වගකීම ඉටුකරන්නැතුව වැරැදි කරුවන් ආරක්ෂා කළා. ඒ බව උත්තරීතර පාර්ලිමේන්තුවේ බව කතා කරලා තිබුණා. දැන් ඔක්කොම එළියට එනකොට මාතෘකාව වෙන පැත්තකට හරවනවා.
අප්පච්චි කටුනායක ධාවන පථය ඉම්ඹා වගේ.. මෙයා ලඟදීම මත්තල ඉඹිනවා මගේ මාතෘ භූමිය කියලා.
ඒ නිසාද හොරුන්ට දඬුවම් දීම පමා කරන්නේ?
මොනවද මේ බයිලා....? අස් වෙන්නේ නැතිව...
යුද හමුදාවේ ඉඳලා දේශපාලනයට ඇවිත් පැරදුණු ඇමැති කෙනෙක් කිව්වා ඔබතුමා ඉල්ලා අස්විය යුතුයි කියලා. කියන්න එ්කට ඉස්සෙල්ලා යන්න කියලා. මොකද ,ඔබ අවේ ජනතා මනාපෙන්නේ.
අපොයි.. හරිම පිරිසිදු මහත්තයා... එහාටයි මෙහාටයි පැන පැන දඟලන දේශපාලකයෝ හින්දා තමයි අද අපේ රටට හෙන ගහලා තියෙන්නේ...
අන්න මසුරන් කතාව. විනිමය බිලපතෙන්, සුනාමි අධාරෙන්, ගොඩගත් රත්‍රං වලින්, ආර්ථික සංවර්ධනෙන්, මිග් යානාවෙන් ඔය මොකෙන් කවුරු හොරකම් කළත් හොරුන් අල්ලා එම මුදල් නැවත රජය භාරයට ගත යුතුය.
පාට මොන පාට වුණත් ඩීල් නම් ඩීල්ම තමයි.
විජේදාස රාජපක්ෂ මහතාගේ කටේ මසුරන් දමන්න ඕනේ.. කියපු කතාවට. මොන පක්ෂයේ සිටියත්, මොන පාටින් ආවත් හොරා හොරාමයි. යහපාලන ආණ්ඩුව ඔවුන්ගේ සොරුන් වසන් කරමින්, මහින්දට සහ ඔහුගේ සගයන්ට පමණක් සොරුන් යයි කීම සහ නීති ක්‍රියාමර්ග ගත්තත්, යහපාලන රජයේ ඉන්න ලොකුම සොරුන් වසන් කරමින් ඔවුන්ට සුදුහුණු ගානවා. වෙනස ඕක තමයි.
අපේ රටට ඕනෑකරපු සැබෑ ශ්‍රී ලංකික නායකයා ඔබයි. අතීතයේ ශ්‍රී ලංකාවට රජවරුන් බිහිකළ රජරටින්ම ඔබතුමා ඒ ගමන පටන් ගත්තා. බොහොම ආඩම්බරයි. රටේ සම්පත් පිටරැටියන්ට විකිණීමට අකමැති, රට, ජාතිය, ආගම ගැන සිතන සියලුදෙනාම ඔබ සමග ඉන්නවා. ඔවුන් නිරන්තරයෙන්ම ඔබ තුමාට සහය දෙනවා.මහා සඟරුවනේ අශිර්වාදය ඔබතුමාට නිසැකින්ම ලැබිලා තියෙනවා. ඔබතුමා 2020 අපේ රට බාරගන්න සුදුසුම පුද්ගලයයි. නූගත් දේශපාලුවන්ට අපේ රටේ පාලනය තවදුරටත් ලබා නොදෙමු.
ජනපතිවරයා ගොක් අත්තේ නග්ගලා, සංඝරත්නයට ජපකළා කියලා තමන් සුද්ධවන්තයෙක් වෙන්නේ නැහැ. දැන් ඔය අර අඳින්නේ මුළු පුහුලම හංගන්න තමයි. සායම හේදිලයි තියෙන්නේ. අගමැතිවරයාට බැරිනම් ජනපතිවරයා හෝ රට වෙනුවෙන්..., වහාම මොහු ඇමැතිකමින් යවා සුදුසු එඩිතර පුද්ගලයෙකුට අදාළ අමාත්‍යධුරය දිය යුතුයි. අවශ්‍ය පරීක්ෂණ සාධාරණව පවත්වා.., තරාතිරම නොබලා දඬුවම් ලබාදිය යුතුමයි. මෙච්චරකල්.., බයිලා ඇහුවා විතරයි.
තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් මුල්තැන දීලා කටයුතු කළේ කවුද කියන එක අපටත් ප්‍රශ්නයක්...
"පාට කුමක් වුණත් හොරා හොරාමයි" ජනතාවගේ පැත්තෙන් අපට කියන්න තියෙන්නෙත් ඒ ටිකමයි. නමුත් අවුරුදු 70 ක් තිස්සේ ජනතාව කළේ හිටපු හොරු වෙනුවට නැවත හොරු කණ්ඩායමක් පත් කිරීම හැර වෙන කිසිවක්ද නොවේ. පලවා හැරිය හොරු මේ වෙනකොට නැවත රජ වීමට නියමිතය. ප්රජාතන්ත්රවාදී අයිතිය හොරු වෙනුවෙන්ද? රටට ආදරය කරන අවංක, ගොවිපුතෙක් රාජ්‍ය නායකයා වශයෙන් ජනතාව පත්කර ඇත. විෂයපථය දන්නා දක්ෂ, උගත්, අවංක අධිකරණ ඇමැතිතුමෙක්ද අපට සිටියි. එහෙත් සැමදා හොරු රජකරති. රටට අහිතකර දේ සිදුවීමට ව්‍යවස්ථාවෙන් ඉඩ ඇත. රටට හිත කරන සැම දේ කිරීමට ව්‍යවස්ථාව බාධකයකි. විකල්පයට වඩා හොරු බලවත්ද? ජනතාව අවස්ථාවාදී වීම රටේ අවාසනාවද? ජනතාව මෙය තේරුම් ගන්නා දිනයක් පේනතෙක් මානයකද නැත. ගරු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ විකල්පයද අපට ගැටළුවකි. නැවත ගමේ හොරු සමඟ යන ගමනක් අපි මෙතුමාගෙන් බලාපොරොත්තු නොවෙමු.
මම නම් ඔය පෙරකදෝරුවෝ කියන කතා තඹ සතේකටවත් විශ්වාස කරන්නේ නැහැ.
ඇඳුම් ඇඳගෙනද කියන්නේ? මේවා... අනේ මන්දා..
පාට කුමක් වුණත් ඩීල් නම් ඩීල්ම තමයි. ඒ නිසා හොරුන්ට දඬුවම් ලැබෙන්නේ නැහැ. ඒක ඇත්තයි.
මුතුන් මිත්තෝ පරම්පරා සිය ගාණක් රැක්ක නිසාද අපේ රට සුද්දෝ තුන් ජාතියක් පාලනය කළේ? ඒ කාලේ මේ කාලේ කියලා බොරුවට බයිලා කියන්නේ නැතුව ලෝකේ කැරකෙන අතට හැඩ ගැසෙන්න. ඔබතුමා දන්නවනේ වෙනදේ? පක්ෂය කඩන්න එපා.
සාක්ෂි තිබෙන නඩු කීපයක් දිනාදුන් පලියට කෙනෙක් දක්ෂ නීතීවරයෙක් වන්නේ නැහැ. හොරුන්ට වඩා භයානකයි හොරු ආරක්ෂාකරන අය. මෙතුමා කියන විදිහට අධිකරණ ඇමති ධුරය රටට වැඩක් නැති තනතුරක්. එ් නිසා නරකද අපි ඒ වෙනුවට ඩෙංගු මර්ධන ඇමැති ධුරයක් ඇතුළත් කලොත්... ඩෙංගු මර්ධනය හදිසි හා කාලින අවශ්‍යතාවයක්. කවුරු හරි හාමුදුරුවරු වර්ණනාකර හාමුදුරුවරුන්ගේ කරපිටින් බලයට එන්න හදනවා නම් ඊට වැඩිය මෝඩකමක් නැහැ. දැන් මිනිස්සු, හාමුදුරුවරු කියනදේ අහගෙන ඉන්නවා මිසක් පිලිපදින්නේ නැහැ. නායක හමුදුරු කෙනෙකුට ගෝල හාමුදුරු දෙන්නෙක් ඉන්නවා නම් දෙන්න වෙනත් පක්ෂ දෙකක්... රියදුරා වෙනත් පක්ෂයක... පන්සලේ ඇබිත්තයා වෙන පක්ෂයක.... මේ 35000ක් පමණ වන අපේ හාමුදුරුවරු කවදාකවත් එකම පක්ෂයකට එන්නෙත් නැහැ. ආවත් දැන් රජුන් තනන්න බැහැ .
මෙතුමා අවංක සත්‍යවාදී නිසාද... තමන්ගේ වාසගම වෙනස් කළේ?
"අපි වෛරයෙන් නෙවෙයි කටයුතු කරන්නේ. සාධාරණ සමාජයක් හදන්න කටයුතු කරපු මිනිස්සු වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන් දැවිදැවී කටයුතු කරනවා." එතකොට ෆොන්සේකා එක්ක නයි - මුගටි වෛරය? මේවාට තමයි කියන්නේ " හක්කේ බුදු රැස් - බොක්කේ දඩ මස් "කියලා ...
මෙයා හදන්නේ හාමුදුරුවරු සහ ජනාධිපතිතුමා මුරුංගා අත්තේ තියලා ගොඩ යන්න... මේ පාර, තවත් ජාත්‍යාලයක් ඇතිකරලා.
පනින්න ඉක්මණට. පස්සේ එන අයට වාසි අඩුයි. විමල්, ගම්මන්පිලලා, රාජපක්ෂලා බේරා ගනිමු. රවී බේරා ගනිමු. හොරුන්ට දඬුවම් නොදෙමු. හොරුන් ආරක්ෂා කරන අයට ජය වේවා.!!!
‘පාට මොකක් වුණත් හොරා හොරාමයි‘ මේ පොඩි දෙය තේරෙන්නත් මෙයාට අවුරුදු දෙකක්ම ගියානේ.. පක්ෂය ඇතුලෙන්ම විරෝධයක් ආවේ නැත්නම් දැන්වත් තේරෙන්නේ නැහැ.. අනේද කියන්නේ..
මේ වගේ අය නිසා මට දැන් ශාසනයත් එපා වෙලා.
ඔබ තුමා විසින් පසුගිය දස වසර තුල උපයා ගන්නා ලද දේපල, ගොඩනැගිලි ආදිය සම්බන්ධ ලේඛනයක් සහ එම මුදල් ලබා ගත් ආකාරය සම්බන්ධ වාර්තාවක් සමග අදායම් බදු ගෙවූ බව සදහන් වාර්තාවක් හෙට ඔබ ඉල්ලා අස්වෙන විට ඉදිරිපත් කරන්නේ නම් ඔබට බුදු බව පතමි.
ඔබ තුමා කට කෑවත් කිවුවේ ඇත්ත."මොන පාට වුනත් හොරා හොරමයි" එත් පාලකයින්ට ඔය ටික තේරෙන්නේ නැති එකයි කරුමේ. ඔබතුමා ඉන්න ඔය ස්ථාවරේම ඉන්න .ජනතාව ඔබ සමගයි. හොරා කෑමයි,විකුණගෙන කෑමයි දෙකක් වුනාට දෙකෙන්ම වෙන්නේ රට අරාජික වීමයි. .
මහරගම පරාදයි. මනාපෙන් පැනගත්තේ. අස්වීම හිතට වේදනාකාරී දෙයක්. බලය මොනතරම් සැපයක්ද? අනෙමෙහෙම තණ්හාවක් ' ජනතාවට සේවය කරන්නමයි හිත.
නිල පාට හොරු නිදැල්ලේ වහසි බස් දොඩමින් නිරුපද්‍රිතව ඉද්දි කොලපාට හොරු ඉක්මනට උසාවි දක්කන්නේ කවුද එතකොට ? ඔක්කොම හොරුන්ට එක විදිහට නීතිය නැත්තේ ඇයි. හොරා හොරාම බව අපිත් දන්නවා.
මේ ආණ්ඩුව බලයට ආවේ දුෂණයෙන් තොරව රට කරනවා කියන පොරොන්දුව ඇතිව. JVP එක මේ රජය බලයට ගෙන්න උදව් කරත්දී කිවේ " අපි මේ කඩේ තියෙන බඩුත් හොදයි කියල සහතික දෙන්නේ නැහැ " කියල. එකෙන්ම තේරෙනවා මේ පක්ෂ මේ රජය බලයට ගෙනාවේ , පක්ෂය ඇතුලේ හොරු ඉන්නවා කියන බව දන දැනම කියලා. එහෙම නොකළ එකම කෙනා මාදුළුවාවේ සෝභිත හිමි . අනෙක් සියලුම දෙනා කලේ තමන්ගේ වාසියට , ඩොලර් කුට්ටි ලබා ගන්න. අපි ප්‍රායෝගිකව දන්නවා ලංකාවේ හොරු නැති දේශපාලන පක්ෂ නැති බව. එත් මේ ආණ්ඩුව ඇවිල්ල දින 100න් ඡන්දයක් තියනවා කියන බව දන දැනම කරපු මුල්ම මහබැංකු හොරකම හොදටම ඇති ආණ්ඩුව එන්නේ මොකාටද කියල දැනගන්න.
සමහර පාඨකයින්ට තාමත් රටේ ස්වභාවය හා යථාර්තය තේරුම් ගන්න බැරි වෙලා ජනතා මතය දැනගන්න ජනතාව අතරට සිටියයුතුයි. ලෝකය නවතම සමීක්ෂණ වාර්තාව අනුව 2017 කලුසල්ලි සුදු කරන සහ මුදල් අක්‍රමිකතා වලින් පිරුණු ලෝකෙයේ අධි අවදානම් රටවල් වලින් 23 ස්ථානයට පත්වුණේ කොහොමද , 2015 දී එ අපේ රට 51 ස්ථානයේ තිබුනේ. එතකොට යහපාලන හරියට සිදුවෙලාද ? දෙවරක් හිතන්න .අපි කියන්නේ හොරුන්ට දඩුවම් දියයුතමයි. සමාවක් දෙන්න බැහැ. කොළ/ නිල්/ රතු /කහ පාට වැඩක් නැහැ.
එකාබද්ධේ උදවිය වගේ මෙතුමගේත්, ජාති ආලය දෝරේ ගලනවා. කොහොමත් අධිකරණ සංකීර්ණයේ මිලියන දහදාහත් එක්ක එකාබද්ධෙට යන්න සුදුසුකම ඉහලින්ම ලැබෙනවා. ඇඟ පුරාවට ජාතිවාදී විෂ බීජයත් තියෙන නිසා එකාබද්ධේ සෙට් එකත් එක්ක තකට තක කැපෙනවා.
හොරුන්ට වඩා හොරු ආරක්ෂා කරන අය හොඳද ? හම්බන්තොට වරාය වගේම , MR රජයේ සින්නක්කර විකුනපුවත් නැවත ලබාගන්නවා කියල නම් කියන්නේ නැත්තේ මොකද ? ඒවා ඩීල් ද ? shaangila, ඉඩමත් නැවත ගන්න බැරිද දන්නෙ නැහැ. කාලෙන් කාලෙට එහාට මෙහාට පනින අය ගැන මොන විස්වාසයක්ද ?
මේ මහත්තය තම පහුගිය කාලේ කිව්වේ මේක බෞද්ද රටක් නෙමේ කියලත් .
අපි අමාරුවෙන් හම්බකරගෙන කාල ජීවත් වෙන ගමන්, මේ වගේ අය ගැනත් හොයල බලන්න වෙලා තියෙන්නේ. මොනවද මේ මනුස්සය කියල කියන්නේ, කිසිම අදාලත්වයක් නැති වචන ටිකක් නේ.