2016 වසරේ ජනප්‍රියතම පුවත්පතට හිමි මහජන සම්මානය නොකඩවා දහවැනි වරටත් දිනපතා ලංකාදීප හා ඉරිදා ලංකාදීප පුවත්පතට හිමිවිය.
ලංකාදීප සම කර්තෘ ඉන්ද්‍රාණි පීරිස් මහත්මිය සම්මාන කමිටු සාමාජික රොෂාන් ප්‍රනාන්දු මහතා අතින් එම සම්මානය ලබාගත්තාය.
ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගේ කැමැත්ත මත පමණක් පදනම් වෙමින් වෙළඳ නාම හා පුද්ගලයන් සඳහා සම්මාන දෙන මෙරට එකම සම්මාන උත්සවය ‘ස්ලිම් නීල්සන් මහජන සම්මාන උළෙල‘ බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී සෙනසුරාදා (26) පැවැත්විණි.
වමේ සිට දකුණට -
එල්.ඩී.පී. විමලරත්න (සහකාර සාමාන්‍යාධිකාරි නිෂ්පාදන හා මුද්‍රණ), රොහාන් ඩේවිඩි (සහකාර සාමාන්‍යාධිකාරී නිෂ්පාදන), සමන්ත වීරරත්න (සහකාර සාමාන්‍යාධිකාරී දැන්වීම්), ප්‍රියන්ත ධර්මවික්‍රම (සාමාන්‍යාධිකාරී අලෙවි හා බෙදාහැරීම්), ජේ.එම්. ගුණතිලක (ජ්‍යෙෂ්ඨ නිෂ්පාදන කළමනාකරු), ජනක රත්නකුමාර (ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හෝකන්දර පරිශ්‍රය), ඉන්ද්‍රාණි පීරිස් , රොෂාන් ප්‍රනාන්දු, පී.බී.ඉලංගසිංහ (නියෝජ්‍ය කර්තෘ), ලයනල් පෙරේරා (ලංකාදීප සම කර්තෘ), රොහාන් ෆොන්සේකා (සහකාර සාමාන්‍යාධිකාරී - බෙදාහැරීම්), ප්‍රසන්න සංජීව තෙන්නකෝන් (නියෝජ්‍ය කර්තෘ) මහත්ම මහත්මීහු ඡායාරූපයේ වෙති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගකිම නිසි ලෙස නිසි අයුරින් සිදුවිමත් පාඨකයා දිගින් දිගටම රදවා ගැනිමට දිනපතා ලංකාදිප හා ඉරිදා ලංකාදිප කටයුතු කිරිමත් සැබැ සම්මානයට ලක්ව්ම ගැන සතුටු වන්නෙමු (බ)
සුමිත්‍රා බස්නායක, කක්කුස්සි වලේ ඉන්න කොට එකේ ඇතුලේ දැනෙන සුවද ගැන කියන්න වෙන වචන නැහැ වගේ කක්කුස්සි වලේ ඉන්න ගු පණුවන්ට ඒ වල රජ දහනක්...ඒ අතින් ලංකාදීප එසැන අති විශිස්ටයි (බ)
මම අනිවාර්යයෙන්ම කියවනවා (බ)
සමාජයට වැපිරූ සුළගේ අස්වැන්න සුළි සුළඟින් ලැබෙනවා සිකුරුයි.(ම)
ඕක කියන්න දෙයක්ද ? ලංකාවේ නොව මුළු ලෝකයේම ජනප්‍රිය ලංකාවේ නිකුත් වෙන එකම පුවත්පත ලංකාදීප. (ර)
කවදත් මධ්‍යස්ථ පුවත්පතක් ලෙස පැවතීම ලංකාදීප පුවත්පතේ විශේෂ ලක්ෂණයකි. එම තත්ත්වය රැකෙන තුරු ජනතා ප්‍රසාදය හිමිවෙනවා ඇත. ජයවේවා! (ර)
සියලු දෙනාගේම හදවත් දිනු ලංකාදීපයට අපගේත් උණුසුම් සුබ පැතුම්. ලංකාදීපය සැමට දීපයක්ම වේවා ! (ර)
ඉදිරියටත් රැක ගත යුතුයි. (ර)
මෙය විය යුතු දෙයක්. මගේ උණුසුම් සුබ පැතුම් ! (ර)
සුභපැතුම්! ලංකාදීප නිතරම ප්‍රවෘත්ති පළ කරන්නේ වගකීම් සහිතවයි. (ර)
මමත් විදේස ගතවෙලා දැනට වසර 11 වෙනවා. හැම ඉරිදාවකම මම ගන්නෙත් ලංකාදීපය පමණයි. හැමදාම අගය කල හැකි සහ කියවීමට යමක් ඇති එකම පුවත්පතකි. සුබපැතුම්.! (ර)
විශිෂ්ටයි ලංකාදීපයට සම කළ හැකි පුවත්පතක් මෙතෙක් ලංකාවේ බිහිවී නැත (බ)
උණුසුම් සුබපැතුම් ලංකාදීපයට...!!! (බ)
මගේ සුබ පැතුම් ඔබලාගේ අපක්ෂපාති අගනා සේවයට. (ර)
එදා සිට අද වනතෙක් අපි හැමගේ සිතෙහි රැඳී තිබෙන නමක් ඇති,පිටු පුරා සාරවත්,සමාජයට ගතහැකි,වටිනා අදහස්වලින් පිරුණු , ශ්‍රී ලංකාවේ පලවන පුවත් පතක් වේනම් ඒ ලංකාදීපය" යි.එදා මෙන්ම ,අදටත්,අද මෙන් හෙටටත්,අනාගතයේ හැමදාමත් ලංකාදීපය දිනේවා. එදා මෙදාතුර ලංකාදීපය මෙවැනි විශිෂ්ට පුවත් පතක් බවට පත්කිරීමට නොකඩවා වෙහෙසුන,වෙහෙසෙන එහි කර්තෘ මණ්ඩලයටත්,ආයතනයේ සේවය කරන සියලුම මහත්ම මහත්මීන්ටත් ,පොදුවේ ලංකාදීප පවුලටම මගේ සුබ පැතුම්. (බ)
ඩුබායිහි බලන එකම පුවත්පත අපේ සුබ පැතුම් (බ)
තව තවත් දියුණු විය යුතුයි , සුභ ගමන් . (ම)
සුබ ගමන් ජය වේවා (බ)
සුබ පැතුම් (බ)