IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පිට පිටම වසර 10ක් ‘ස්ලිම් නීල්සන්‘ කිරුළ ලංකාදීපයට

2016 වසරේ ජනප්‍රියතම පුවත්පතට හිමි මහජන සම්මානය නොකඩවා දහවැනි වරටත් දිනපතා ලංකාදීප හා ඉරිදා ලංකාදීප පුවත්පතට හිමිවිය.
ලංකාදීප සම කර්තෘ  ඉන්ද්‍රාණි පීරිස් මහත්මිය සම්මාන කමිටු සාමාජික රොෂාන් ප්‍රනාන්දු මහතා අතින් එම සම්මානය ලබාගත්තාය.
ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගේ කැමැත්ත මත පමණක් පදනම් වෙමින් වෙළඳ නාම හා පුද්ගලයන් සඳහා සම්මාන දෙන මෙරට එකම සම්මාන උත්සවය  ‘ස්ලිම් නීල්සන් මහජන සම්මාන උළෙල‘ බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී සෙනසුරාදා (26) පැවැත්විණි. 

slim_201632-7-2

 

 slim_2016327

වමේ සිට දකුණට -

එල්.ඩී.පී. විමලරත්න (සහකාර සාමාන්‍යාධිකාරි නිෂ්පාදන හා මුද්‍රණ), රොහාන් ඩේවිඩි (සහකාර සාමාන්‍යාධිකාරී නිෂ්පාදන), සමන්ත වීරරත්න (සහකාර සාමාන්‍යාධිකාරී දැන්වීම්), ප්‍රියන්ත ධර්මවික්‍රම (සාමාන්‍යාධිකාරී අලෙවි හා බෙදාහැරීම්), ජේ.එම්. ගුණතිලක (ජ්‍යෙෂ්ඨ නිෂ්පාදන කළමනාකරු), ජනක රත්නකුමාර (ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හෝකන්දර පරිශ්‍රය), ඉන්ද්‍රාණි පීරිස් , රොෂාන් ප්‍රනාන්දු, පී.බී.ඉලංගසිංහ (නියෝජ්‍ය කර්තෘ), ලයනල් පෙරේරා (ලංකාදීප සම කර්තෘ), රොහාන් ෆොන්සේකා (සහකාර සාමාන්‍යාධිකාරී - බෙදාහැරීම්), ප්‍රසන්න සංජීව තෙන්නකෝන් (නියෝජ්‍ය කර්තෘ) මහත්ම මහත්මීහු ඡායාරූපයේ වෙති.



අදහස් (0)

පිට පිටම වසර 10ක් ‘ස්ලිම් නීල්සන්‘ කිරුළ ලංකාදීපයට

හිරාන් Sunday, 27 March 2016 03:45 PM

වගකිම නිසි ලෙස නිසි අයුරින් සිදුවිමත් පාඨකයා දිගින් දිගටම රදවා ගැනිමට දිනපතා ලංකාදිප හා ඉරිදා ලංකාදිප කටයුතු කිරිමත් සැබැ සම්මානයට ලක්ව්ම ගැන සතුටු වන්නෙමු (බ)

:       0       0

රොෂාන් Sunday, 27 March 2016 04:11 PM

සුමිත්‍රා බස්නායක, කක්කුස්සි වලේ ඉන්න කොට එකේ ඇතුලේ දැනෙන සුවද ගැන කියන්න වෙන වචන නැහැ වගේ කක්කුස්සි වලේ ඉන්න ගු පණුවන්ට ඒ වල රජ දහනක්...ඒ අතින් ලංකාදීප එසැන අති විශිස්ටයි (බ)

:       0       0

ගුණපාල Monday, 28 March 2016 04:06 PM

මම අනිවාර්යයෙන්ම කියවනවා (බ)

:       0       0

ප්‍රීති Sunday, 27 March 2016 05:31 PM

සමාජයට වැපිරූ සුළගේ අස්වැන්න සුළි සුළඟින් ලැබෙනවා සිකුරුයි.(ම)

:       0       0

රොහාන් දයාදර - පැරිස් Sunday, 27 March 2016 08:15 AM

ඕක කියන්න දෙයක්ද ? ලංකාවේ නොව මුළු ලෝකයේම ජනප්‍රිය ලංකාවේ නිකුත් වෙන එකම පුවත්පත ලංකාදීප. (ර)

:       0       0

වින්සන්ට් Sunday, 27 March 2016 08:26 AM

කවදත් මධ්‍යස්ථ පුවත්පතක් ලෙස පැවතීම ලංකාදීප පුවත්පතේ විශේෂ ලක්ෂණයකි. එම තත්ත්වය රැකෙන තුරු ජනතා ප්‍රසාදය හිමිවෙනවා ඇත. ජයවේවා! (ර)

:       0       0

ඉනෝකා - එංගලන්තය Sunday, 27 March 2016 08:35 AM

සියලු දෙනාගේම හදවත් දිනු ලංකාදීපයට අපගේත් උණුසුම් සුබ පැතුම්. ලංකාදීපය සැමට දීපයක්ම වේවා ! (ර)

:       0       0

සමන් Sunday, 27 March 2016 08:39 AM

ඉදිරියටත් රැක ගත යුතුයි. (ර)

:       0       0

දයාජ Sunday, 27 March 2016 08:41 AM

මෙය විය යුතු දෙයක්. මගේ උණුසුම් සුබ පැතුම් ! (ර)

:       0       0

මොහොමඩ් Sunday, 27 March 2016 09:00 AM

සුභපැතුම්! ලංකාදීප නිතරම ප්‍රවෘත්ති පළ කරන්නේ වගකීම් සහිතවයි. (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Sunday, 27 March 2016 09:26 AM

මමත් විදේස ගතවෙලා දැනට වසර 11 වෙනවා. හැම ඉරිදාවකම මම ගන්නෙත් ලංකාදීපය පමණයි. හැමදාම අගය කල හැකි සහ කියවීමට යමක් ඇති එකම පුවත්පතකි. සුබපැතුම්.! (ර)

:       0       0

සිරි හීන්පැල්ල Sunday, 27 March 2016 09:52 AM

විශිෂ්ටයි ලංකාදීපයට සම කළ හැකි පුවත්පතක් මෙතෙක් ලංකාවේ බිහිවී නැත (බ)

:       0       0

ඉන්දු Sunday, 27 March 2016 11:09 PM

උණුසුම් සුබපැතුම් ලංකාදීපයට...!!! (බ)

:       0       0

සෞදි සරත් Sunday, 27 March 2016 10:34 AM

මගේ සුබ පැතුම් ඔබලාගේ අපක්ෂපාති අගනා සේවයට. (ර)

:       0       0

විජිත් Monday, 28 March 2016 12:40 AM

එදා සිට අද වනතෙක් අපි හැමගේ සිතෙහි රැඳී තිබෙන නමක් ඇති,පිටු පුරා සාරවත්,සමාජයට ගතහැකි,වටිනා අදහස්වලින් පිරුණු , ශ්‍රී ලංකාවේ පලවන පුවත් පතක් වේනම් ඒ ලංකාදීපය" යි.එදා මෙන්ම ,අදටත්,අද මෙන් හෙටටත්,අනාගතයේ හැමදාමත් ලංකාදීපය දිනේවා. එදා මෙදාතුර ලංකාදීපය මෙවැනි විශිෂ්ට පුවත් පතක් බවට පත්කිරීමට නොකඩවා වෙහෙසුන,වෙහෙසෙන එහි කර්තෘ මණ්ඩලයටත්,ආයතනයේ සේවය කරන සියලුම මහත්ම මහත්මීන්ටත් ,පොදුවේ ලංකාදීප පවුලටම මගේ සුබ පැතුම්. (බ)

:       0       0

හේරත් බණ්ඩා Sunday, 27 March 2016 10:47 AM

ඩුබායිහි බලන එකම පුවත්පත අපේ සුබ පැතුම් (බ)

:       0       0

චමින්ද Monday, 28 March 2016 01:31 AM

තව තවත් දියුණු විය යුතුයි , සුභ ගමන් . (ම)

:       0       0

සරත් Sunday, 27 March 2016 11:17 AM

සුබ ගමන් ජය වේවා (බ)

:       0       0

නිලන්තිකා Monday, 28 March 2016 03:06 AM

සුබ පැතුම් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site